ජීවිතේ උදාවූ සුන්දරම ඍතුව
වස්සානයයි නුඹ ප්‍රේමෙ මල් පීදුව
ඉරි තලා ගිය තැනුත් හදවතේ පෑහුව
සුන්දරම යුවතියේ ආදරෙයි මං තව !
වෙනස් වෙන ලෝකෙක නොවෙනස්ව පවතින්න
පරස් නොවුනොත් දෙහද හැකිය පෙම ජයගන්න
හරස් උනොතින් හැඟුම් එකම මඟ බැහැ යන්න
දුරස් වී අන්තිමට අපිට උනෙ වෙන් වෙන්න !
අසීමිත ප්‍රේමයක් නැතිවෙච්ච වෙලාවක
කොයි තරම් දරුණු මුත් වේදනා විරහවක
ආලයම පමණක් පුරවාපු හදවතක
වෛරයක් තරහවක් උපදින්නෙ කෙලෙසක ?
වෙන්වෙලා ඈතකට ඈ ගියත් මා වෙතින්
ලං වෙලා දුන් මතක ඇත හරි පරිස්සමින්
සුන්වෙලා ගිය හීන දරාගෙන ස්නේහයෙන්
ඉවසලා වෙන් උනෙත් අපි ඉතින් ප්‍රේමයෙන් !
තිලංක තේනුවර
අප්‍රේල් 16, අඟහරුවාදා 2024
No comments:
Post a Comment