Wednesday, April 24, 2024

ඉඳ හිටක වැටෙන වැහි වලට...

ඉඳ හිටක වැටෙන වැහි වලට
නොතෙමී සිටිය යුතු යැයි
පොඩි කාලේ අපි අහපු
කතාවක් තිබුණා !

වැරදිලා හරි තෙමුනොත්
කොත්තමල්ලි ජෝගුවකුත් පොවා
අසනි වැහි කියන්නෙම ලෙඩ යැයි
ටොක්කකුත් ඇනයි පැවසුවේ අත්තම්මා !

දැනුම් තේරුම් යද්දි
ඔය කතාව මට අමතක උණා
අනෝරාවක් වෙලා උඹ වැටෙද්දි
කුඩේ ඉබේටම පැත්තකට විසි උණා !

ඊටත් වඩා කරුමෙ කියන්නෙ
එච්චරකට තෙමිලත්
සහලෝල උණ ගන්නකම්ම
බෙහෙතක් කරගන්න බැරි උනා !

තිලංක තේනුවර
අප්‍රේල් 24 බදාදා , 2024
වරුසාවක.

No comments:

Post a Comment