Thursday, April 11, 2024

මතක අවුලන උඹට බැන බැන සිටිනවා ඇති හංගගෙන දුක !


ළපටි වැහි පොද
බිඳී එක දෙක
කුඩේ අස්සෙන් 
එබී මුහුණට
මෙසේ විමසයි
හිත දෙබෑ කොට !

එදා උඹ හා 
අනෝරාවක
කුඩේ අස්සේ
තුරුළු වී වක
ගැහී හිටි සඳ 
ඈ කොහෙද අද?

කොහේ හෝ දුර ගමක ඈතක
වහිනවා නම් මෙලෙස සීතෙක
මතක අවුලන උඹට බැන බැන
සිටිනවා ඇති හංගගෙන දුක !


තිලංක තේනුවර
අප්‍රේල් 10, 2024
අවුරුද්දට ගමේ යන ගමන්, ගාළු කොටුවේ දී !

No comments:

Post a Comment