ඇමතුමක් මම ගන්නවා
උඹට කොහොමද හොඳින් නේදැයි
විමසලා හෙම තියනවා !
සුදූ පැටියෝ මැණික කියලා
කතා කල හැටි මැවෙනවා
නුහුරු නුපුරුදු බසක් දොඩමින්
දුරස් වෙන්නට තනනවා !
වයිෆ් පැටවුන් සනීපෙන් දැයි
ඈත් මාගෙන් අහනවා
අතීතය ගැන කතා වෙනකොට
තැනක් අපි මඟ හරිනවා !
පෙම්වතා පෙම්වතිය වී හිඳ
යාළුවන් මෙන් ඉන්නවා
කොහොම උඹ ඒ ලෙසින් ඉන්නේ
අදත් මිතුරන් අහනවා !
යන්න උනහම යන්න වෙනවා
කොයි තරම් ආදරෙන් හිටියත්
එක් වෙන්න බැරි තැනක සාමෙන්
වෙන් වෙනව කියනෙකත් සතුටක් !
ප්‍රේමයක ඇරඹුමක් වාගෙම
අවසනක් හොයනෙකත් බොරුවක්
සැබෑ පෙම්වන්තයෝ කිසිදා
වෙන් උනේ නැත පෙමක් බිඳුනත් !
තිලංක තේනුවර
අප්‍රේල් 16, අඟහරුවාදා 2024
No comments:
Post a Comment