Wednesday, April 10, 2024

මිතුර ජීවිතේ හැටි ලං වීම වෙන්වීම !

අතරමං වුනු තැනක අපිට අපි හමුවී ම
නතර කළ නොහැකි පෙම් කතාවක ඇරඹී ම
කතර ගිනි ගන්න කොට අපි උනත් ඇවිලී ම
මිතුර ජීවිතේ හැටි ලං වීම වෙන්වීම !




මතකයේ හැඩ වර්ණ වසාගත් වීථියක
ප්‍රේමයේ පහන් කණු තදින් දැල්වෙන රෑක
ස්නේහයේ සායමින් කුරුටු ගෑ චිත්‍රයක
ප්‍රේමියේ තවම ඇත අපි දෙදෙන බිත්තියක !

තිලංක තේනුවර
අප්‍රේල් 09 අඟහරුවාදා , 2024

No comments:

Post a Comment