Sunday, October 9, 2016

ඍතුව ශාරද තවමත් ලස්සනයි....වස්සානෙ තරමටම.....



පඩු පැහැ ගැන්වුනු
ළපටි තුරුපත්
වේලිලා හොදටෝම
අර....අර.......
යාන්තමට හිනැහෙනව
ගිම්හාන සුළගට
තවත් නිමේශයකින්
දූලි අවුස්සගෙන
උන්වම ගිලගන්න
එන බව දැන දැනම....

පුපුරු ගහන රස්නෙට
කරුකුට්ටන් වෙච්ච
දෙරණ දිහා බලන්
අර....අර.....
විරිත්තනව ශාරදාකාශ
මේ වෙන මුකුත්ම
නොදන්න ගානට....

ඒත් හරි පුදුමයි
මුලු ලොවම වේලිලා
තුරු ලතා මියැදිලා
මොන තරම් දේ උනත්
ඍතුව ශාරද
තවමත් ලස්සනයි
වස්සානෙ තරමටම.....


   

No comments:

Post a Comment