Saturday, October 1, 2016

නොදැනුනේ කොහොමද - හද කිති කැවූ ප්‍රේමය



හුරු පුරුදු සෙනෙහසක්
අහම්බෙන් ලගකදි
දයාබර විදියට
එබුන හිත පතුලටම....

අතීතයෙ දවසක
වලදාපු මතකයන්
ආයෙමත් මතු උනේ
හිතම හිරි වට්ටගෙන....

හමු උනේ කොහොමද
මිතුරන් ලෙසින් එදවස
පෙම්කලේ කොහොමද
අපිවත් නොදැන ඒගැන....

වෙන් උනේ කොහොමද
ආගන්තුකයො විදියට
නොදැනුනේ කොහොමද
හද කිති කැවූ ප්‍රේමය....

ඔබ පෙම් කරන්නට ඇති
මා පෙම් කරන්නට ඇති
නොමේරූ හිත්වලට
තේරෙන්න නැතුව ඇති.....

වැටහෙද්දි අපි ගැන
මග හැරුනු බව පෙම
උබ ගොඩක් දුර ගිහින්
කැදැල්ලක් හොයාගෙන.....

No comments:

Post a Comment