Saturday, October 1, 2016

හිමිවූවා නම්....


හිමිවූවා නම්
නොරිකො සන්ට
දෙවොන්දරා සන්
මළ ගිය ඇත්තෝ
මළ පොතක්ම
වෙන්නට තිබුනා....

රෝම්යෝ ජුලියට්
කසාද බැන්දනම්
පිවිතුරුයි ලස්සනයි
කියන ඒ ආදරෙත්
මේ තරම් ඈතට
නො එන්නට තිබුනා...

චේ එක්ක ච්චීනා
වෙන් නොවී හිටියනම්
තව කලක් ජීවත්ව
ඔහු ඉන්න තිබුනා
විප්ලවය වෙන අතක
හැරෙන්නට තිබුනා....

ආදරේ රන් රුව
ජෝදාට අක්බාර්
හිමි නොවුන නම් එදා
කවර ආදරයක්ද
සතුරන් ලෙසින් උන්
වෙන් වෙන්න තිබුනා....

ලන්වෙච්ච හිමිවෙච්ච
වෙන්වෙච්ච විසිරිච්ච
කොයිකතාවත් එකයි
අන්තිමට බැලුවම
එකම අන්තර්ගතය
අවසානයන් දෙකක්......

No comments:

Post a Comment