මා පෙම්කල කවිය ඇය, වෙනකෙකු ලිවූ....
කවියක හිරවුන
සුරගන ලස්සන
දුටු මගෙ හදවත
විප්ලව දිගටම...
වට කොට එළි වැට
කූඩුවෙ අක්ශර
විලන්ගු ලා ඇත
කවියෙකු පෙර දින....
පද'තර හැන්ගුව
මුත් ඇගෙ රුව ගුණ
සිසි කැන් වාගේ
එබුනා හදටම.....
ඈ දුන් ඉගියට
එළිවැට පැන්නා
"ලියු මට අයිතිය"
ඔහු මොර දුන්නා...
කෙලෙසක ඉවසමි
මේ අපරාධය
තහනම් ඇයි මට
ඈ මුදවන්නට...
වෙනකෙකු පෙර ලියු
සුන්දර කවකට
තව කවි සිතකට
පෙම් කල නොහැකිද???
No comments:
Post a Comment