Saturday, October 22, 2016


පොල් අතු රටාවට
ඇමදලා වැලි මළුව
සිල් සුවද පැතිරිලා
ඉතිරෙන්න බෝමළුව...

පින්වත් සමිදුනේ
සිත මගේ ඇත කළුව
මුදවලා දුන මැනවි
පැළැන්දෙමි උර සළුව...

දුක සතුට මැද ....

දුක සතුට මැද ඔහේ ගෙවෙනා
විඩාබර මේ ජීවිතේ
නිමේශයකට නැවතුමක් වෙති
සසර සරනා මාවතේ....

සිහින බර වැඩි නැතේ මාහට
ගවු ගනන් ඉගිලෙන සිතේ
එහෙත් මොහොතක සිතමි නැවතී
අරුත කිම මේ ජීවිතේ...

නිමාවක් නැති තරගයක් වෙති
ඔහේ දුවනා හිතවතේ
මාවතක් ඇති කොහේ හෝ ඇති
සොයමි රහසින් ජීවිතේ.....

Friday, October 21, 2016

මා පෙම්කල කවිය ඇය, වෙනකෙකු ලිවූ....



කවියක හිරවුන
සුරගන ලස්සන
දුටු මගෙ හදවත
විප්ලව දිගටම...

වට කොට එළි වැට
කූඩුවෙ අක්ශර
විලන්ගු ලා ඇත
කවියෙකු පෙර දින....

පද'තර හැන්ගුව
මුත් ඇගෙ රුව ගුණ
සිසි කැන් වාගේ
එබුනා හදටම.....

ඈ දුන් ඉගියට
එළිවැට පැන්නා
"ලියු මට අයිතිය"
ඔහු මොර දුන්නා...

කෙලෙසක ඉවසමි
මේ අපරාධය
තහනම් ඇයි මට
ඈ මුදවන්නට...

වෙනකෙකු පෙර ලියු
සුන්දර කවකට
තව කවි සිතකට
පෙම් කල නොහැකිද???

Sunday, October 9, 2016

ඍතුව ශාරද තවමත් ලස්සනයි....වස්සානෙ තරමටම.....



පඩු පැහැ ගැන්වුනු
ළපටි තුරුපත්
වේලිලා හොදටෝම
අර....අර.......
යාන්තමට හිනැහෙනව
ගිම්හාන සුළගට
තවත් නිමේශයකින්
දූලි අවුස්සගෙන
උන්වම ගිලගන්න
එන බව දැන දැනම....

පුපුරු ගහන රස්නෙට
කරුකුට්ටන් වෙච්ච
දෙරණ දිහා බලන්
අර....අර.....
විරිත්තනව ශාරදාකාශ
මේ වෙන මුකුත්ම
නොදන්න ගානට....

ඒත් හරි පුදුමයි
මුලු ලොවම වේලිලා
තුරු ලතා මියැදිලා
මොන තරම් දේ උනත්
ඍතුව ශාරද
තවමත් ලස්සනයි
වස්සානෙ තරමටම.....


   

Saturday, October 1, 2016

හිමිවූවා නම්....


හිමිවූවා නම්
නොරිකො සන්ට
දෙවොන්දරා සන්
මළ ගිය ඇත්තෝ
මළ පොතක්ම
වෙන්නට තිබුනා....

රෝම්යෝ ජුලියට්
කසාද බැන්දනම්
පිවිතුරුයි ලස්සනයි
කියන ඒ ආදරෙත්
මේ තරම් ඈතට
නො එන්නට තිබුනා...

චේ එක්ක ච්චීනා
වෙන් නොවී හිටියනම්
තව කලක් ජීවත්ව
ඔහු ඉන්න තිබුනා
විප්ලවය වෙන අතක
හැරෙන්නට තිබුනා....

ආදරේ රන් රුව
ජෝදාට අක්බාර්
හිමි නොවුන නම් එදා
කවර ආදරයක්ද
සතුරන් ලෙසින් උන්
වෙන් වෙන්න තිබුනා....

ලන්වෙච්ච හිමිවෙච්ච
වෙන්වෙච්ච විසිරිච්ච
කොයිකතාවත් එකයි
අන්තිමට බැලුවම
එකම අන්තර්ගතය
අවසානයන් දෙකක්......

සඳ නැති දවසක


සඳ නැති දවසක
තරු නැති අහසක
කැටයම් මවනට
පුලුවන් කාටද.....

කණාමැදිරියෙකු
ඉගිලී අහසට
කොතරම් රැඟුවත්
පෙනේද ලෝකෙට.....

නොදැනුනේ කොහොමද - හද කිති කැවූ ප්‍රේමය



හුරු පුරුදු සෙනෙහසක්
අහම්බෙන් ලගකදි
දයාබර විදියට
එබුන හිත පතුලටම....

අතීතයෙ දවසක
වලදාපු මතකයන්
ආයෙමත් මතු උනේ
හිතම හිරි වට්ටගෙන....

හමු උනේ කොහොමද
මිතුරන් ලෙසින් එදවස
පෙම්කලේ කොහොමද
අපිවත් නොදැන ඒගැන....

වෙන් උනේ කොහොමද
ආගන්තුකයො විදියට
නොදැනුනේ කොහොමද
හද කිති කැවූ ප්‍රේමය....

ඔබ පෙම් කරන්නට ඇති
මා පෙම් කරන්නට ඇති
නොමේරූ හිත්වලට
තේරෙන්න නැතුව ඇති.....

වැටහෙද්දි අපි ගැන
මග හැරුනු බව පෙම
උබ ගොඩක් දුර ගිහින්
කැදැල්ලක් හොයාගෙන.....