Wednesday, May 8, 2024

පියුමිගේ කවිය !

ඔබට කවියක් ලියන්නට කලියෙන්
මම සිය වතාවක් හිතුවා
මොනව ලියන්නදැයි කියලා
කිසි අදහසක් හිතේ නැතුවා !

ඔබව හොඳටම දන්න කියනා
මිතුරන් ගෙනුත් ඇසුවා
ගති ගුණත් ලස්සනත් ගැන නම්
දහසකුත් දෑ මට කිවූවා !

කියූ බොහෝ දෑ පෙරා ගෙන මම
අන්තිමට මෙහෙම හිතුවා
ප්‍රේමයත් නිවීමත් ඇති පදම් ලැබීයන්
සුන්දරම හදවතක් ඔහෙට ඇතුවා !

මෙපමණයි ලිවිය හැක්කේ 
ලෙක්චර් නෝනෙ තව ඉතින් බැරුවා
" දිනක හමුවිය යුතුම වෙයි අපි "
එහෙම කියලා මං ඩයරියෙත් ලිවූවා !

තිලංක තේනුවර
අඟහරුවාදා මැයි 7, 2024
කැෆේන් හෝ ඇල්කොහොල් අත්යාවශ්ය මොහොතක !

No comments:

Post a Comment