බලා හිටියත් කල්පයක්
ලං නොවෙන රේල්ලුව සේ අල්පයක්
කොයිතරම් දැන සිටියමුත් අපි
නවතාලිය හැකිද ප්‍රේමයක් !
දේදුන්නකින් තැනූ පාළමක්
යා කරයි පොළොවකට අහස ඇත්තක්
ඒ උනත් නිමේශයකට උරුම සැපතක්
කොහොම අස්වසන්නද ප්‍රේමාතුර දෙහදක් !
මහාමෙර තරම් බර ප්‍රේමයක්
උහුලන් ඉන්නෙකම සාපයක්
කොයිතරම් පෑරුනත් හිත - නුඹ මට
අහසක් තරම් දුර ප්‍රේමයක් !
දේදුනු පාලමත් සොවින් මුත් බිඳ දමමි
සොඳුරියේ සමුදෙන්න ඉතින් අවසර පතමි
ඔබට අත වැනූ ඒ තාරුකා දෙස බලමි
සුසුමකින් ඇවිලෙමි - යළි ඔබ හා සිනාසී නිවෙමි !
තිලංක තේනුවර
මැයි 25, සෙනසුරාදා 2024
වැහිමන්දාරමක් යට
කෝපි උණුහුමක !
No comments:
Post a Comment