උර උරා සාරය පොළෝ ගැබ විදලා
ඉර ඉරා අවකාසෙ සරුවටම වැඩිලා
සැරි සරා එන සුළන් රැල්ලකට කියලා
මල් දරා ඵල දියන් උඹ මදිද හැදිලා...
පරාගනෙ වෙන එක නොවෙන එක
අයිතියක් විය යුතුම මලෙක
ඵල දරන එක හෝ නොදරන එක
ඉඳුරාම අයිතියකි ගසක...
පොරෝ තල අමෝරා බිම්බරක් මාර සේනා
මහා වෘක්ශයක් වට කර ඵල තවම නොදෙනා
එහි සෙවනේම ලැග පවත්වා සම්මුති ගායනා
සිඳ ලන්නට මුලින් උදුරා ලංසු කැඳ වන්නා...
අරටුවත් පෑරෙන ඒ රළු වදන් නෑසුනා සේ ඉවසා
පතරංග අතු රිකිලි ලිහිල් කර වරක් ගස්සා
කඳ වටේ එතී හුන් ඵල බරිත වැලක සුව විමසා
දිගු සුසුමක් හෙලනා ගමන් ඔක්සිජන් අහුරක්ම ඉස්සා...
තිලංක තේනුවර
අප්‍රේල් 18 අඟහරුවාදා , 2023
No comments:
Post a Comment