අහසක් උනත් කළු වෙනවා විඩින් විඩ
පොළොවක් උනත් ඉරි තැලුනම වැඩියී හැඩ
සයුරක් කියන්නෙම එකමුතු රළයී සැඩ
කවියෙක් මරනු බැහැ ප්‍රේමිය විද උණ්ඩ...
-තිලංක තේනුවර-
ප්‍රේමය දරාගනු බැරි තැන විශ වෙනවා
තේරුම් ගන්න බැරි අය වෙන් වී යනවා
කවියෙකු පෙම නිසා දවසක පරදිනවා
විරහව උණ්ඩ වී කවියා මරවනවා...
අහසක් උහුලගෙන ප්‍රේමය පුදනු හැකී
පොළොවක් හැරෙන්නට කවුරුද සමත් සකී
කවියෙක් දරා ගන්නත් හැමටම නොහැකී
මුහුදක ගැඹුර ළඟ පහුරක් විහිළුවකී...
No comments:
Post a Comment