බොහෝ ප්‍රේමය එකතු වූ පසු
පිපිර යන්නට ඉඩැති හින්දා
මහා කිරීටක ධමනියෙන් මං
ආදරේ බයි පාස් කෙරුවා...
පිපිර යන්නට ඉඩැති හින්දා
මහා කිරීටක ධමනියෙන් මං
ආදරේ බයි පාස් කෙරුවා...
වෙන දා මෙන් වේගයෙන් නැති මුත්
තාම ප්‍රේමය පොම්ප වෙනවා
නහර අස්සෙන් ආයෙ පෙරි පෙරි
ආත්මය අවුලවා යනවා...
දරුණු ලෙස ආදරේ කළ හිත්
ගැඹුරු ලෙස හෑරිලා යනවා
පාළු උනමුත් ප්‍රේම නටඹුන්
බිහිසුණුයි වේදනා දෙනවා...
නික්ම ගිය පසුවෙනුත් සොඳුරිය
හිස් ම හිස් තැන් හුඟක් තියලා
අකාලික ප්‍රේමයෙන් හෑරුණු
මතක දෝනා තව ම දනවා...
No comments:
Post a Comment