මිත්‍රවරුනි, ප්‍රේමය වනාහි ආගමක් යැයි බොහෝ දෙනා පවසනවා මා අසා ඇත. එය කොතරම් දුරට සාධාරණ ප්‍රකාශයක් දැයි විවේචනය කිරීමට තරම් සමාජ පරිඡයක් හෝ අත්දැකීමක් මා හට නොමැත. එහෙත් උක්ත ප්‍රකාශය පිළිබඳ මාගේ හැඟීම් සටහන් කරන්නට මේ නිදහස් සමාජය තුළ කිසියම් හෝ බාධාවක් නොවන බවට මාගේ විශ්වාසය යි.
එහෙයින් පවසමි...
ප්‍රේමය කිසි කල්හි ආගමක් නොවනු ඇත. එය උමතුවකි. එය ගැහැණියක් හෝ කිසියම් පිරිමියෙකු වෙනුවෙන් පමණක් හට ගන්නා හැඟීම් ගොන්නක සංගෘහිත පුපුරා යෑමක් ලෙසින් ලඝු කොට දැක්වීම කිසි කලෙක සාධාරණ නොවනු ඇත. මේ විෂය ඊට වඩා සංකීර්ණය. එකී උමතුව කිසියම් භෞතික සාධකයක් උදෙසා වුව ද පැන නැගිය හැක.
එම නිසා පවසමි...
ප්‍රේමය වනාහි උමතුවකි. නහර ඇද්දුම් කවමින් හදවත කෑලි-කෑලි වලට පළා නැගෙන වේදනාවකි. එකී වේදනාවට ආත්මීය වශයෙන් ඇතිවන බැඳීමකි. ඇබ්බැහිවීමකි.
එක් විඩෙක ප්‍රේමය යනු, අලුත් කතාවක ආරම්භයකි. තවත් මොහොතක ආරම්භයක් හෝ නැති කතාවක අවසානයකි.
ඒ කෙසේ වෙතත් ප්‍රේමයේ සුලභතම ආකාරය වෘත්තයකි. එහි ආරම්භයක් නොවන්නා සේම අවසානයක් ද සොයා ගත නොහැකිය.
එනිසාම මම පවසමි...
ප්‍රේමය යනු, උමතුවකි! ඇබ්බැහිවීමකි! මළ විකාරයකි!
භාව
තිලංක තේනුවර
04. 06. 2019
No comments:
Post a Comment