Friday, December 25, 2015

සිවු හෙළේ විය සිංහලේ..... (එතකොට සිංහ ලේ....?????)



අහන් හිතවත කතාවක් ඇත
සිදුවුනේ මෙය දවාලේ
බෙහෙත් ගන්නට එකෙක් එක්කල
උදේ ඉඳ මන් රෝහලේ......


ඩොකෙක් පැමිනෙය් දුවන් හනිකට
මොකද දන්නෑ බන් 'කුලේ'
මිතුරගෙන් ඇහුවාම කිව්වේ
ලෙඩෙක් මොරදෙනවා 'මලේ'....

බැලිමි මොකදැය් විප්ලවය මේ
ඉර මුදුන් උන දවාලේ
එකෙක් පෙරලෙය් කෑගගහ බිම
මගේ ලේ බොල සිංහ ලේ.....

නර්ස් නෝනා හනික ඇවිදින්
මොකක්දො එන්නත් කලේ
අනේ මල්ලියෙ අපේ ලග නෑ
උඹ හොයන ඔය සිංහ ලේ .....

බ්ලඩ් ගෲප් නම් ඇත්තෙ හතරය්
බෙදී නෑ එක එක කුලේ
ජාති ආගම් අනුව නෑ බොල
බෙදිල ගියෙ අපෙ මිනිස් ලේ....

නිරිඳු රාවණ පවා රජකල
බිමේ ඉපදුනු සිවු හෙළේ
සුරිඳු ලතවෙය් බෙදී මෙලෙසින්
කුමක් දො උඹලා කොලේ.....

ජාති ආගම් කුල මලද තව
මොනවටද තොපි වෙන්කලේ
ගෝත්‍රිකයන් විලස ඇය් මේ
කෝ යකෝ තොපෙ මිනිස් ලේ.....

රණ බිමේ හැලුනේ අපේ ලේ
නොවේ තිරිසනකුගේ ලේ
හෙලූ දහදිය කඳුලු සේරම
පැළැන්දුවෙ ලක් මවු ගෙලේ......

රකිනු වස් තම ජාත භූමිය
ඇසිස් මස් ලේ පුද කලේ
බොදුනු කිතුනුද මුසල්මානුද
සුරකිමින් රට උන් මළේ........

බෙදී විසුනව කා කොටාගති
කුමක් තොපි අරමුණු කලේ
සිරුරු පස්වේ මියෙන දවසක
සැවොම සැතපේ එක වලේ........

හමු උනා මට මිතුරියක්...




අසනි වරුසා මැද
සොයන කල සෙවනක්
නුගේගොඩ ටවුමෙදි
හමු උනා මට මිතුරියක්...

ඉහලගෙන කුඩයක්
සන්කලා ඈ මුවගින්
වරෙන් මේ සෙවනට
තෙමෙන්නේ නැතුව හනිකට.....

ඈ දෙසට යන විට
නවතා මාව මහ මග
කුඩයක් රැගත් මිනිසෙක්
පැවසුවේ හරි කතාවක්.....

එපා යන්නට ලඟට
ඈ පුරඟනකි එළිබට
කියා එලෙසින් මට
ඔහු සැරසුනේ යන්නට.....

මොර සූරන වැස්සෙ
හොයන ඇගෙ පතිවත
කවුද පවසන් උඹ
උදව්වකි කලේ හිතවත.....

කුමට කියනෙමි මල්ලිට
මා වසමි අල්ලපු වැට
ඇගේ මායම් සූ සැට
අහුවෙන්නෙපා බන් ඕකිට......

තැන්කිවු අය්යෙ කිවුවට
නොදන්නෙමි ඇගෙ වත ගොත
එහෙත් ඈ මගෙ මිතුරිය
දෙනව දැන් උඹෙ හොම්බට......

තෙමෙන කල මා වැස්සට
ඇයයි ආවේ පිහිටට
යන්නෙ මා කුඩයට
නොවේ බොල ඇගෙ යහනට....

මූන දෙක කරගෙන
දිව්වෙ නොබලා පිටුපස
අපොය් උගෙ පතිවත
කුමට පවසමි මෙහෙව් නාටක....

ආදරණීය සුදු නන්ගි වෙත සෙනෙහසින්......



 ඉතින් සුදු නන්ගි
කොහොමද උබට දැන්
කැම්පස් ජීවිතේ
නිවාඩු නැද්ද බන්....

උබ ගමෙන් ගියාමය්
තාම නෑ මන් දැක්කෙ
නැන්දවය් මාමවය්
මුන ගැහුන මේ සතියෙ.....

උබෙ අම්ම අප්පච්චි
දුක් වෙනව සෑහෙන්න
නිවාඩු අරන්වත්
ගමේ ඇවිදින් යන්න......

උබට උන වින්නැහිය
ආරන්චි උනා මට
පණ ඇරල ලවු කරපු
සිඟාලය දුන් වධ......

ආදරේ අන්දය්ලු
මට ඇහුන කොහෙදි හරි
ලෝකෙ හරි කෲරය්
ඇහුනද සුදු නන්ගි.....

පිවිතුරු මල් කැකුල
රැවටුනා බඹරෙකුට
උඹෙ රීරි මාන්සෙම
උරා බී සැනහෙන.....

තුප්පහි සමාජෙක
උඹව අත හැර දාල
සැපගන්න වෙනමලක්
හොයාගෙන පියාඹල....

උබ එක්ක පෙම් කෙලපු
හැටි රටට පෙන්නාල
අන්තිමට අහින්සක
උඹව බඩුවක් කරල....

ගඳ ගහන අසික්කිත
අවටියෙල් සමාජෙට
අහින්සක උඹම අද
වැරදි කාරිය වෙලා......

පතිනි වත නිති රකින
උපාසක බලලුන්ට
අහින්සක උඹ බඩුව
වැරදිකාරය නිදොස්.....

තිරිහන් සමාජෙට
ගනිකාවක් උනත්
මට තාම උඹ මගේ
අහින්සක සුදු නන්ගි.......

කෙලවෙලා යද්දෙන්
කෙහෙම්මල් සමාජෙට
උඹ වරෙන් දැන් ගමේ
කැන්දන් යන්නෙ මම......

මීට ,
සුදු බණ්ඩෙ අය්යා.....

Saturday, December 12, 2015

තවත් එක් අවසන් නොකල කතාවක්...



-#EP 4-

"අනේ පව් මේ ලම්ය් දෙන්නා....බලන්නකො අදත් සර් බය්ට් එකට දෙන්නෙක් අල්ලගෙන......"

ඉස්සරහම පේලිය ගේට්ටුව ගාව වාඩිවෙලා හිටපු කෙල්ලො ටික කොදුරන සද්දෙ ඇහෙද්දි තමා මෙච්චර වෙලා මනෝ පාරක් ගහන් හිටපු මම මේ ලෝකෙට ආවෙ....කව්ද අප්පේ ඒක කියපු කෙල්ල....මේ වගේ කුජීත වෙලාවක උනත් ඒ වගේ මල් මල් ටෝක් එකක් ඇහෙද්දි හිතට දැනෙනේ මාර මෙව්ව එකක්....අඩේ අපි ගැන හිතන එවුනුත් කැලෑසියෙ ඉන්නව ඒනම්......වෙන වෙලාවක උනානම් දුවන් ගිහින් බදාගෙන උම්ම එකක් දෙනවා....වල්කමට නෙමේ බොල...,ආදරේට.............

අඩේ තොට පිස්සුද ඇහැටුල්ලො අදුනන්නැති කෙල්ලො බදාගන්න යන්නෙ?....මේක ලන්කාව...ස්ත්‍රීදූසකය කියල බෝඩ් එකක් ගහල තෝව පාර අය්නෙ හිටුවල තියාවි....මගේ පරිකල්පන මෙව්ව එක මට පහල වෙච්ච සිතුවිල්ලට බලවත් විරෝදය දක්වන්න පටන්ගත්තා.....ඒ අස්සෙම මට ඇහුනෙ තවත් කෙල්ලෙක් අපිට මේ වෙච්ච සන්තෑසිය ගැන අදහස් ප්‍රකාස කරනව..........

"අනේ පිස්සුද...මුන් දෙන්නගෙ මොන පවක්ද......මේ
දෙන්න තමා එදා ඉස්ටෑන්ඩ් එකට යනකන් පාරෙදි මට ඒව මේව කිය කිය වද දුන්නේ....හොද වැඩේ...මෙහෙම වෙලා මදි මුන්ට..."

හෙනම ගාපිය....... අඩෝ කව්ද යකෝ ඒ...හතුරෙක්ට උනත් මේ වගේ අවස්තාවක ඒම අසික්කිත කතා කියනවද බොල?අහුවෙයන්කෝ මට...වෙන වෙලාවක උනානම් සෝඩියම් කෑල්ලක් ඔබනො කටේ,කියපු කතාවට.....

"අහ්...ඔය ගේට්ටුව ගාවට වෙලා ගෑණුලමය් පැත්තට හැරිල සිරික්කිය දාගෙන ඉන්න පුතය්...බිම බලන් ගෑනු ලමය්න්ගෙ සෙරප්පු ගනන්කරන පුතය් මෙහාට එන්නකෝ...."

කොටියම කාපිය.....කව්ද යකෝ කෙල්ලොන්ට සිරික්කිය දැම්මෙ...ඒ මදිවට සෙරප්පුත් ගනන් කරාලු.....මම මේ බොක්ක තදවෙලා හක්ක පූට්ටුවෙලා ඉන්නව...සර් මේ මගුලක් කතාකරනවා......මම සුටුස් ගාල සූප්පුව දිහා බැලුවෙ සර්ගෙ අපබ්‍රන්සෙ මට තේරුනේ නැති නිසා...........

අඹ ගහේ කොකෝව මල් කිව්වලු.....සීන් එක මීටර් වෙන්නෙ දැන්නෙ.....නෙද්දකින්....මෙච්චර දෙයක් වෙලත් තාමත් මූ කෙල්ලොන්ගෙ පැත්ත හැරීගෙන ඉන්න ලස්සන.....මම මේ රැවුල ගිනි අරන් ඉන්න වෙලාවෙ මේ බකමූන ජොඉන්ට් ගහලනෙ......හෙනම ගාපිය...කෙල්ලො බැලුව ඇති යකෝ දැන් යමන් දානෙ වලදන්න.....මම සූප්පුවගෙ කනට කොදුරන ගමන් ඌ වත් ඇදගෙන ටිකක් ඉස්සරහට ගියා...............

"ඔය කොහෙද යන්නෙ???මෙහෙට මෙහෙට....මේ ස්ටේජ් එකට එනවා...."

ඉතින් මොකෙය් දැන් දන් වලදන්නේ කිව්වලු......රාබීපු මීයො දෙන්නෙක් වගේ වැනි වැනි අපි දෙන්නත් එක්ක ඉස්ටේජ් එක පැත්තට යද්දි පිටිම පස්සෙ වාඩිවෙලා හිටපු අපේ උන්ගෙන් ආපු චියර් පාරෙන් ස...රුත් හොල්මන් වෙලා ගියා............සැක්...දැන්නම් වසල හමාරය්...ඒ මදිවට උන් අපේ කාඩ් කිය කිය බෙරිහන් දෙනවා.......හැබය් උන්ගෙ කෑ ගැහිල්ල තිවුනෙ බද්දෙ මය්ක් එක අතට ගන්නකන් විතරය්........

"ලමය්.....අද උදේ ඉදන් උගන්නල මට මහන්සිය්.....ඒ නිසා හවස් වරුවෙ පාඩම කරන්න මම සුපිරි බුලට් 2ක් එක්කන් ආව.....කෝ...මෙහෙ වරෙන් හිච්චි පුතේ...ආ...ඉදා මය්ක් එක....පාඩමේ ඉතුරු ටික කරන් පලයන්......."

එහෙම කියල ස..ර් මගේ අතට මය්ක් එක දීල ඉස්ටේජ් එකේ කොනකට වෙන්න තිවුන සර්ටම වෙන් වෙච්ච පුටුවෙ වාඩි උනා.....

"හා...හා...මොකද නිකන් චූබර හැදිච්ච මොන්ටිසෝරි පොඩි එකෙක් වගේ ඇඹරෙන්නේ...පාඩම මතක නැද්ද.....හරි එහෙනම් බෙන්සීන් වලින් පටන් ගෙන ඔය මන් බෝඩ් එකේ දාල තීන පරිවර්තනේ ඉතුරුටික සම්පූර්න කරනව.......කෝ අනිත් එකා....මල් @#$^&&^%*#$ වගේ උගේ මූන දිහා බලන් ඉන්නැතුව ඌට උදව් කරනවා....."

සරුත් මගුලක් කතා කරනව....උතුර දකුණ මාරුවෙලා හිටපු අපිට බෙන්සීන් නෙමේ..,අවස්තානුකූලව අපේ නමුත් අමතක වෙලා තීන්නෙ........ඒ අස්සෙ සූප්පුව සාක්කුව අස්සෙ අත ඔබාගෙන මගේ දිහා බලනව.....ඌ නිකන් මගේ දිහා බලන්නෙ උගේ සාක්කුවෙ තීල මම බෙන්සීන් ඉස්සුව වගේනෙ යකෝ......බොල හොට නැති මැකෝ ගිරවො බෙන්සීන් කියන්නෙ බොගේ සාකුවෙ තීල මම ගත්ත හොටු ලේන්සුවවත් කෙල්ලෙක්ගෙ නමක්වත් නෙමේ....කොටින්ම කියනවනම් සති 2ක් ක්ලාස් නාපු උබ දන්න ඇටි කෙහෙලකුත් නෙමේ යකෝ....ක්ලාස් ආපු මට අමතක බෙන්සීන් ක්ලාස් නාපු උබට මතක් වෙන්න විදියක් නෑනෙ....
...........මාය් සූප්පුවය් දෙන්නම මාරුවෙන් මාරුවට බෝඩ් එකය්...ස..රුය් දිහා බල බල හිටියෙ දන්න කියන හැම බාසාවෙන්ම සර්ට පින් අනුමෝදන් කරන ගමන්............

"මොකද????මතක නැද්ද.......ඕක තමා කියන්නෙ...උඹල හරියකට පන්තියකට එන්නෑ...ආවත් පන්තියක ඉන්නෙ නෑ... ඉතින් ඕව මතක හිටීද...උඹලගෙ අම්මල තාත්තල උඹලට ක්ලාස් පීස් දෙන්නෙ දුක් මහන්සි වෙලා හම්බ කරපු සල්ලි වලින්....කාලකණ්ණි.........@$%^&*(*)))%^$# "

එතනින් එහාට කිව්වෙ මොනවද කියල මට ඇහුනෙ නෑ.....මට ඇහුනෙ බ්ලා....බ්ලා.....බ්ලා......කියල විතරය්....හම්මේ කියල වැඩක් නෑ.....විනාඩි 15කට වඩා සර්ගෙ මිහිරි ගීත සුගායනය.....අන්තිම වෙද්දි මටනම් කර කැවිල්ල වගේ හැදිල හිටියෙ.....

"හා දැන් ඉතින් මගේ දිහා බලන් ඉන්නැතුව ගිහින් වාඩි වෙනවා..."

හම්මේ....ඇති යාන්තන්...ඒ වචන ටික ඇහෙද්දි අපිට දැනුනෙ ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ල අය් ලවු යූ කියල කිව්ව වගේ හැගීමක්....දඩ බඩ ගාල මාය් සූප්පුවය් ඉස්ටේජ් එකෙන් පැන්නේ අපේ සුපුරුදු වසස්තානය හෙවත් කැලෑසියෙ අන්තිම පේලියට දුවන්න....

"හා...හා...ඔය කොහෙද උඹල දුවන්නෙ??..මෙහේ...මෙහේ....මේ ගෑනුලම්ය් වාඩිවෙලා ඉන්න පැත්තෙ ඉස්සරහම පේලියට වරෙන්....ඔය ගෑණු ලමය් පොඩ්ඩක් එහාට වෙලා මුන් දෙන්නවත් අස්සට ඔබා ගන්න..."

බද්දෙ මහ කුප්ප ටෝන් එකකින් එහෙම කියද්දි මගේ බොක්කත් එක්කම සීතල වෙලා යනව වගේ දැනුනා.....මැදැය් කොලා......අද දවසෙ ඉතුරු ටික ගත කරන්න වෙන්නෙ අපට කැලෑසියෙ පේන්නම බැරි ලොකු ලය්න් කාරියො ටිකත් එක්ක.....මුන්ට අපි ආතල් දීල තීන හැටියට මුන් අපිට කිති කවල මරය් ලගින් වාඩි උනොත් නම්.......සූප්පුවය් මාය් මූනට මූන බලාගත්තා.සූප්පුවගෙ මූනත් හරියට හය්වේ එකේ කන්ඩම් වෙන්නම ඇක්සිඩන්ට් වෙච්ච ඩීමො බට්ටෙක්ගෙ වගේ...........මේ නසරානියො අස්සෙ වාඩි වෙනවට වඩා හොදය් බුරිය විකන් මැරෙනවා......




"මොකද නිකන් ලලනාවො 2නෙක් වගේ නැලවෙන්නෙ...ගිහින් වාඩි වෙයල්ල ඉක්මනට....මේ ගෑනු ලමය්...මුන් දෙන්නට අතවර කරනව එහෙම නෙමෙය්......"

තවත් වෙලා මෙහෙම හිටගෙන හිටියොත් සර් මෙතන අපේ කලිසමත් ගලවනව සුවර්....තව ඉතින් නැති වෙන්න කියල සමාජ ගවුරවයක් අපිට ඉතුරු වෙලා නෑනෙ....ඕන හනි මූන් එකක් වෙච්චාවෙ කියල මම දඩස් ගාල ගිහින් ඉස්සරහම පේලියෙ කෙල්ලො ටික අතරෙන් වාඩි උනා......ඉස්සරහ කෙල්ලො ටික කිචි බිචි ගගා කොදුරන සද්දෙ අතරෙන් සූප්පුවත් මට පිටි පස්සෙන් වාඩි වෙනව යාන්තමට වගේ මට ඇහුනා......වෙච්ච සීන් කෝන් එකේ හැටියට පාඩමක් අහගෙන ඉන්න පුලුවන් මානසිකත්වෙක මම හිටියෙ නැති උනත් වට පිට බලන්නෙ නැතුව කෙලින්ම ගල්පිලිමෙ වගේ බෝඩ් එක දිහා බලාගත්තෙ ඇත්තටම ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් ඒවෙලේ මට නොතිබ්බ නිසා..................





Thursday, November 19, 2015

සිහින විජිතය ගැන (නො )ලියූ කතාව....

‪#‎මම_අපි_සහ_ගාලු‬ කොටු පවුර...
ගාලු කොටුපවුර සහ අපේ ජීවිත අතර ඇත්තේ වචනයෙන් විස්තර කල නොහැකි අපූර්ව සම්බන්දතාවයකි..එය දෙවනි වනවානම් දෙවනි වන්නේ හික්කඩුව වෙරල තීරයට පමණි...අදටත් අපි සෙට් වෙනවානම් එක්කො හික්කඩුවේය..නැත්තම් ගාලු කොටුවටය...හික්කඩුවේ පිහිටි අපේ තිප්පොලේ සිට( මීට ශතවර්ශ ගනනකට පෙර ඉමන්තලෑ ගෙදර )හික්කඩුව වෙරල තීරයට ඇත්තේ හූ දශම බින්දුවය් බින්දුවය් ගානක දුරය..ඒ නිසා බොහෝ විට අප ගාලු කොටුවේ සෙට් වූ විටද අප රාත්‍රිය පහන් කිරීමට හික්කඩුවේ අපේ තිප්පොලට යන්නේ පහුවෙනිදා පාන්දරම සාරිගප්පීන් ඇල්ලීමට සහ කෝම්පිට්ටු සෑදීමට හික්කඩුව වෙරල තීරයට යාමට අප ආසා කල නිසාවෙනි...
මිතුර,සමාවෙන්න...කතාවේ මාතෘකාව හික්කඩුව නොව ගාලු කොටුවය..කාලය විශයෙන් එකසිය විසිපස් වරක් පමන අවකලනය වී ඇති මගේ හිත ජීවිත වක්‍රයේ උපරිම හා අවම ලක්ශයන් අතර හිතුමනාපෙට දෝලනය වීමට පටන්ගෙන ඇත...ඒ නිසා මදකට හෝ මා මතෘකාවෙන් අපගමනය වන්නේ නම් සමාවභාජනේක දමන්න...කෙසේ හෝ වේවා පූර්විකව අවසානයේ අප හා ගාලුකොටුව අතර බොහෝ මතකයන් ඇති බව සහ අප ගාලුකොටුවට හම්බානෙක පෙම්කල බව පමණක් ඔබට කීමට කැමැත්තෙමි....
හා හා පුරා කියා ඉස්කෝලෙන් කට්ටි පැනීමට අප ඉගෙන ගත්තේ ලොකු අය්යලාගෙනි,ඒ මෝස්තර දැමූ කොට කලිසමත් ඉනට බුරුල් අවදියේය...ලොකු අය්යලා හැමවිටම කට්ටි පැනීමට භාවිතාකලේ ඉස්කෝලෙ වටේටම චීන මහා ප්‍රාකාරය මෙන් බැද ඇති බෝතල් කටු,කම්බි වලින් හැඩකල තාප්පය උවද පසුකාලීනව අප ඒ සදහා වඩාත් සාර්ථක වූත් කාර්යක්ශම වූත් ක්‍රමවේදයක් සොයාගත්තෙමු...මිතුර..සමාවන්න...එය කුමක්දැය් පැවසීමට මට අවසර නැත...මක් නිසාදයත් අපේ පොඩි මල්ලිලා තවමත් ඒ ක්‍රමවේදය භාවිතා කරන බැවිනි....එය ඔබට පැවසීමෙන් මලකෙලි විසි එකහමාරක් සිදුවන බව නොඅනුමානය...
කෙසේ හෝ වේවා පාසලෙන් රීත්යානුකූලව බැහරවෙන අප ස්ටෑන්ඩ් එකේ මද වේලාවක් විවේක ගැනීමෙන් අනතුරුව එහේ මෙහේ කොහේ හෝ පොඩි වලක් ගසා අවසානයේ නතරවන්නේ ගාලු කොටු තාප්පය මතය....
මිතුර...,වරදවා නොසිතන්න..,නිරන්තරයෙන්ම අප කොටුව දෙසට ඇදුනේ එහි සිට සවුත්ලන්ඩ් කෙලිපැටික්කියන් බැලීමටවත් කොටුව පුරාවට සැරිසරන ලස්සන ලස්සන සුද්දි අක්කලා බැලීමටවත් නොව සැබවින්ම අප කොටුවට පුදුම තරම් ආදරය කල නිසාය....කොටු පවුරේ කෙලවරට වෙන්නට සී බාත් එක අසල පිහිටා ඇති අපේ පොට් එකට යාමට අප ආමි කෑම්ප් එක ලගින් හැරෙන්නේ සවුත්ලන්ඩ් බාලිකාව පෙනි පෙනිය....
තෝරතෝන්චියක් නැතිව ඔහේ දොඩමලුවන අප කොටු බැම්ම මත දිගාවී අපේම වූ ලෝකයක් ගැන හීන දැක්කෙමු...කොටු බැම්මේ වැදී සී සී කඩ විසිරෙන මූදු රැලි නගන හඩටත් වඩා හය්යෙන් අපි කෑගෑවෙමු...බොහෝ විටෙක අපේ මාතෘකාව කෙල්ලෝය...අප කෙල්ලන් ගැන තර්ක කලේ උන්ටත් වඩා අප උන් ගැන දන්නා ලෙසකිනි( දැන්නම් මතක් වෙනකොටත් හිනා...මොන ඉටිගෙඩියද බන් අපි උන් ගැන දන්නේ???)...තවත් විටක අපේ මාතෘකාව දේශපාලනයය...අප ඒ ගැන කතාකලේ ඇරිස්ටෝටල්ටත් වඩා අප දේශපාලනයේ විශාරදයන් වූ ලෙසිනි... වලි ගැන,මිතුරන් ගැන මෙන්ම සමාජය ගැනද අප තර්ක කලෙමු...නමුත් අවසානයේ හැමදාමත් අප නවතින්නේ අප ගැන කතාකරමිනි...අපේ ජීවිතවල මුලු ලෝකෙටම රහසින් අපි දැක්ක හීන,අපේ අරමුණු....අනන් මනන් මලවිකාර සේරම අපේ පුන්චි පුන්චි කතාවල ප්‍රධාන මාතෘකා විය.....
නිමක් නැති කතා දහසක අවසානයේ අප සැවොම සිතිජය දෙස ඔහේ බලාසිටියෙමු...හිත ඇතුලෙ බල්ටි ගහන අනන්ත හැගීම් සමුදායකට ඉබාගාතේ රස්තියාදු ගහන්නට සිතිජය හොද තෝතැන්නක් විය....
තවත් මොහොතකින් හැරුනු හැරුනු අතට අප තාප්පය මත දිග ඇදෙන්නේ ඈත සිතිජ ඉමේ ගිලෙන්නට වෙර දරන මලානික හිරුගේ රක්ත වර්ණ රශ්මියේ ප්‍රහර්ශය හිත පුරා විද ගැනීමටය....
අවසන් කිරණ සමුදායත් නිමක් නැති සාගරය තුල කිමිදෙන අයුරු බලා සිටිනා අප රෑ කලුවර කොටු පවුර වෙලා ගැනීමට මත්තෙන් නිවෙස් බලා යාමට පිටත් වන්නේ අලුත් ඉරක් සමග නැවතත් පසු දිනයේ හමුවෙන්නට එකිනෙකාට පොරොන්දු වෙමිනි......
ප.ලි. : මේ කතාවේ ඉවරයක් නැත...මේ ආතල් එක අපට මග හැරී ඇත......තවත් ලියන්නට හිතක් නැත..එනිසා ඉක්මනටම අවසන් කලෙමි..(කෑලි අඩුය් වගේ දැනෙය්...ගනන් ගන්නෙපා......:D)
ප.ලි.;-------

මේ ලගදි දවසක
පාලු හැන්දෑවක
අපෙ සිහින විජිතෙට
මන් ගියා බන් තට්ට තනියම....

හීන කදු පොදි බැදන්
අපි ගියත් තටු අරන්
නෑ කිසිම වෙනසක්
ඈ තාම හිටි තැනම....

මුලු හදම පිරෙන්නට
ගත්ත හොද හුස්මක්
අපෙ මතක ඇහිදින්න
දාන්නට රවුමක්....

අපෙ සතුට අපෙ කදුල
පුරවාපු අපෙ මතක
කැටයම් වෙලා මෙහෙ
ගල් බිත්ති පිරෙන්නට...

ඉව කරන් ඒ සුවද
මතක මාවත දිගේ
පාවෙවී ආව මන්
අපේ තැන හොයාගෙන...

මන් යද්දි එතනට
හිනාවල් සද්දෙට
වෙන උන් වගයක්
අපේ තැන වාඩිගෙන....

දෙන්නට හිතුන මට
අකුලන් දුවන්නට
උන් කෝමද ඉන්නෙ
ඒක බන් අපේ තැන...

අපෙ කතා ඉතිරිච්ච
අපෙ හීන ඉහිරිච්ච
වල ගහපු-කා බීපු
අපේ උනු අපේ තැන....

ඉවසන්නෙ කෝමද
අපි හිටපු තැන අද
හිනාවන් කතාවන්
හැබැය් ඒ අපෙ නෙමෙය්....

එක මොහොතකට මට
දුක හිතුන අපි ගැනම
ඒ සොදුරු අතීතය
මගහැරිල බන් අපට......

හිත ඇතුලෙ මොර ගහන
මතක හැම හිර කරන්
ආව මන් එලියට
කාලෙ කුප්ප්ය් මචන්......

ඉවසපන්..ඉවසපන්..


අහෝ පවුකාර ජීවිතය
තොප වෙනුවෙන් කැපකල
අහිංසක පුංචි එවුන්ගෙ
අසරණ හීන

අප ගැන නොසිතාම
තොපට අප කැඹුරුවා
අහිංසක අරමුණු
පවා පුද දුන්නා

මෑදයි තොප අවසන
අපට දුන් තෑග්ග
කෙලෙහි ගුන නොදන්නා
තොපෙ තිරිසන් ගුනය

මතු දුක දකී නුබ
අපෙ උන්ගෙ තරම
ඉවසපන් ඉවසපන්
උදාවෙනකන් හෙට

තවත් එක් අවසන් නොකල කතාවක්...


බද්දෙගෙ ක්ලාස් ඉවර වෙලා මීටර් සීය දුවන කෙල්ලො හෑට හුටාමාරක් අස්සෙන් ඒ මූන දෑක්කෙ මම අහම්බෙන්.....රෙඩ් ලය්ට් දෑකපු බස් කාරයෙක් වගේ මම එක පාරටම බ්රේක් ගහවෙ ඈය්ද කියල තාම මට හිතාගන්න බෑ. බ්රේක් පාරට මාත් එක්ක ආපු මගේ අති පජාත මිත්තරය විසි වෙලා ගියේ මාතර කොලබක හෑපිච්ච ඩොල්පින් එකෙක් වගේ..., මටත් ඔල්මොරොන්දන්ද කොහෙද.කොහෙද බොල ඈහෑටුල්ලො මාතර කොලබවල් වල ඩොල්පින්ල වදින්නෙ....උන් ඉන්නෙ මුහුදෙ...ඔන්න ඔරුවක පාරුවක වෑද්ද කිව්වනම් සාදාරනය්...සෑක් මේ කෙහෙම්මල් කෙල්ලෙක් හින්ද මගේ සිස්ටම් එකම අවුල් ගිහිල්ලද කොහෙද..නෑ නෑ කමෝන් තිලා ඔහොම යන් ඔහොම යන්.. බ්රේක් පාරට විසිවෙච්ච මගේ අති පජාත මිත්තරයගෙ අතීසය කුජීත වඳුරු කුනුහරුප අතරෙ මන් ආපහු කෙල්ල දිහා බෑලුවෙ හරියට ඉස්කෝලෙ පීරියඩ් කට් කරලා ආපහු පන්තියට එනකොට මිස් කොහෙද කීල බලනව වගේ පරිස්සමට....ආහ් ඔය මාට්ටු උනේ රබර් ඈහෑට.ආයෙ හෝදන්න දෙයක් නෑ,ඒ වගේ ලස්සන කෙල්ලෙක් සකල සිරි ලන්කාවෙ බද්දෙගෙ ක්ලාස් එකේ ඈරෙන්න වෙන කොහේ වත් නෑය් කියන එකනන් බුදු ශුවර්...දකුනු අතින් සය්ඩ් බෑග් එක අල්ලගෙන,වම් අතින් කොන්ඩෙ හද හද ඔලුව පෑත්තට ඈලකරල එයා හිනා උනු විදිය නම් මාරම ගති.ඒ දිහා මන් බලන් හිටියෙ හරියට මොන්ටිසෝරි කොල්ලෙක් අය්ස්ක්රීම් එකක් දිහා බලන් ඉන්නව වගේ පෙරේත කමකින්........ ඒත් එක පාරටම එයාගාවින් මතු වෙච්ච ගල්පාතයෙක් වගේ එකෙක් මගේ පෑත්තට එන්න පටන් ගත්තා...ඔහ්හ් එන්ටර්ද ඩ්රෑගන් කිව්වලු..මෑන්ස් එකපාරටම මගේ කොලර් එකෙන් අල්ලල මාව හෙලෙව්ව....ඒට පස්සෙ හෙන බ්ලේඩ්තල වොය්ස් එකකින් ..,................ඕය් ඕය් ටිකට් ගන්නවා කියල කෑගෑහුවා...පික්සු වර්ග හෑදෙනව සීන් කෝන් එක මීටර් වෙන කොට මගේ ඈස් ඉස්සරහ මාව ගිලින්න ආපු ඈනකොන්ඩෙක් වගේ බෑල්මට් එකක් දාගෙන් හිටියෙ බස් එකේ කොන්දොස්තරයා....

EP-2
  ....කොන්දොස්තරය තාම මගේ මූන දිහා බලාගෙන....තුක් විතරක් මගේ අහින්සක හීනෙ අනුබව කරාමදිවට මෙතන ටිකටුත් ඉල්ලනවා...අනින්න හිතෙනව හොම්බට හෑටක්.සෑක් මගේ හීනකුමාරිගෙ සූම් කරපු ඉමේජ් එකක් සේව් කරගන්න හෑදුව විතරය්... මේ ඈනකොන්ඩට තව විනාඩියක් ඉන්න බෑරි වුනානෙ..... ම්ම්හ්..කොන්දත් එක්ක කොච්චර තරහක් තිබුනත් මන් ඒ පෑත්ත බලල දෑම්මෙ හරියට අහින්සක පූස් පෑටියෙක් දානව වගේ බෑල්මට් එකක්...තව සුට්ටක් එහෙම හිටියනන් මට මියෑව් කියලත් කියවෙනව........බොහෝම පරිස්සමට අරන් තියපු සීසන් කාඩ් එක පර්ස් එකෙන් අරගෙන කොන්දට දික්කරා විතරය් ඌ මට හෙන අප්පිරිය බෑල්මට් එකක් දාල වාස්ප උනා.... සෑක් චෑටක් දාන්න කීලවත් මොකෙක්වත් නෑ.....බස් එකත් යන්නෙ පෑද්දි පද්දි කොට කොට.. මොන මගුලක්ද. .පුස්බය්සිකලුත් යනව මීට වඩා වේගෙන්...ඩ්රය්වරයට පින් අනුමෝදන් කර කර මම ජනේලෙන් එලිය බලාගත්තෙ කිසිම අරමුණක් නෑතුව.ටික වෙලාවක් යනකොට දවල් වෙච්ච සීන් කෝන් ඔක්කොමවගේ මගේ ඉස්සර ෆිල්ම් එකක් වගේ පේන්න ගත්තෙ මගේ අවසරයක් නෑතුවම. මට දෑනුනෙ මාව ගොඩාක් දුර ඈතකට පාවෙලා යනව වගේ හෑගීමක්...... මාය් මගේ අති පජාතමිත්තරයය් බද්දෙ ඉන්ටවල් එක දුන්න ගමන්ම පොත් ටිකත් අරගෙන පොඩි ශෝට් ලීව් පාරක් දාන්න කියල හිතාගෙන රේල්පාරට පෑන්න......රේල්පාරට පෑන්නට මොකෝ ඉන්ටවල් එකටත් කලින් තිවුන වතුර තිබහ නිසා වතුර ටිකක් බීලම චුත වෙනව කියල හිතාගෙන කෙහෙල්ගස් වත්ත පෑත්තෙන් දාල ආපහු ඔෆිස් එක පෑත්තට ගාටන්න පටන් ගත්තෙ මගේ මිත්තරයගෙ සුපුරුදු වඳුරු කුණුහරුප සුගායනයත් අහගෙන.......මොනා කොරන්නද....කවලන් ගෑහුවනන් ඈදපන් කබරේ කිව්වලු.... ආබදයක් නෑතුව යාන්තන් ටෑප් එක ගාවට ආව...වෙනද වතුර බොන්නත් සරනාගතයො වගේ පෝලිමේ යන්න උනාට මොකෝ අද බල්ලෙක්වත් නෑත්තෙ ඔක්කොම එවුන් ක්ලාස් එකට රින්ගල හන්ද වෙනෑති....මනෝ පාරකුත් ගහගෙන වතුර බොන්න පහත් උනා විතරය්....... ති...තිලා....ති..ලා....වි..න...සය්...

මොකෝ බොල ඈහෑටුල්ලො නිකන් බද්දෙ දෑක්ක වගේ බයවෙලා......මන් උගේ දිහා බෑලුවෙ වතුර බොන අතරෙමය්..

......... බ..බ..බද්දෙ....යකෝ....................

 මම බිවුව වතුර උගුර නාහෙන් ආව වගේ දෑනුනා.... මන් ඔලුව උස්සල බලනකොට අපි දිහා ඔරවගෙන බලන් හිටියෙ බද්දෙ.....



EP-3


මලකෙලි විසි එකහ මාරය් කිව්වලු....සිරාවටම ඒ වෙලාවෙ අපේ දිහා ඔරවගෙන බලන් හිටියෙ වෙන කවුරුත් නෙමේ...අපේ ජාතික වීරය..............බද්දෙ!....


සනී ලියෝන්ව ලය්ව් දැක්ක වගේ කටත් ඇරගෙන බද්දෙ දිහා බලන් හිටපු සූප්පුව දිහාවට මම හැරුනෙ එවෙලෙ කර කියාගන්න දෙයක් මගේ පරිකල්පන මෙව්ව එකට පහල නොවිච්ච හින්දා..( කලින් කියන්න බැරි උනා...මගේ අති පජාත මිත්‍රයගෙ නම සූප්පුව...) ඒත් විහිලුවටවත් ඌ නෙමේ මගේ දිහා බැලුවෙ...පන්සලේ මකර තොරණ ජීවිතේ පලවෙනි වතාවට දැක්ක මොන්ටිසෝරි කොල්ලෙක් වගේ තාමත් මූ බද්දෙ දිහා බලාගෙන.....
........දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑ...මොකක් හරි බය්ලයක් ගහන්න ඕන......අහ්.........ගෑස්ටික් කියල කියනව.....නය් කය්ද රෝස් පාන්......ඔය තීන්නෙ වෙඩි වගේ... ඒත් ඊට කලින් මේ හොටුනරියගෙ කට වහල ඉන්න ඕන...

උදේ P&J  එකෙන් කාපු මහානුභාව සම්පන්න රෝල් එකේ පුල් පිට් එකම කකුලට අරන් මන් සූප්පුවගෙ කකුල පාගන්න හැදුව විතරය් අනන්තයේ සිට පැමිණි බද්දෙගෙ මදුර මාධූර්ය වොය්ස් එකෙන් මාව අවකලනය වෙලා ගියා වගේ දැනුනා.....

"කාගෙද පන්ති...?" සරුත් දන්නැතිව වගේ අහන හැටි බලහන්කෝ......

"ස...ස..සර්....ගෙ..." සූප්පුව පැනපු ගමන් උත්තර දුන්නෙ මන් වචනයක්වත් කියන්න කලින්.....

"දැන් ඉන්ටවල් ඉවර වෙලා කොය්තරම් වෙලාද....මොකද මේ පොත් ටිකත් කිහිල්ලෙ ගහගෙන? " 

සර් ටත් ඕන්නැති කෙසෙල්මලක් නෑනෙ...ඇය් යකෝ පන්තියෙන් පනිද්දි පොත් ටික අරන් එන්නැතුව පන්තියෙ දාල එන්නද....සර්මනෙ කියන්නෙ ඔය පොත්,ටියුට් පන්තියෙ දාල යන්නෙපා,ආයෙ දෙන්නෑ කියල......මන් සූප්පුව දිහා බැලුවෙ ඌටම ප්‍රශ්න විචාරාත්මක වටේ ප්ලේ කරන්න දෙන්න හිතාගෙන...

"තමුසෙල පන්තියෙන් පනින්න නේද හදන්නෙ..."

අනේ නෑ සර්...මේ ඔලුවෙ කැක්කුමක් හැදිල පෙනඩෝල් එකක් බොන්න ආව....
අඩේ මන් හිතුවට වඩා හොදට මූ ප්ලේ කරනවනෙ....මුගේ කට නිකන් නගර සභාවෙ පොදු වැසිකිලිය වගේ උනාට මොකෝ අවස්තානු කූලව හොදට ක්‍රියා කරනවනෙ....මරු......මරු...........අතාරින්නෙපා මචන්...ඔහොම යන්...........

"හහ්..පෙනඩෝල් එකක් බොන්න?....ඇය් පන්තියෙ ඉදන් බොන්න බැරිද???දැන් කාටද ඔලුවෙ කැක්කුම...තමුසෙටද????"

නෑ සර්...මෙයාට.....

කොටියම කාපිය....යකෝ මේකට අහින්සක මාවම පැටලුවෙ මොකද මූකලන් බස්සෝ....දැන් දියන්කො උත්තර බද්දෙට....මේ වෙලාවට තමා හිතෙන්නෙ සූප්පුවක් ගහගෙන නය්ට්‍රික් ඇසිඩ් ටිකක් බොන්න.....

"අහ් දැන් හොදය්ද ඔලුවෙ අමාරුව?" ඒපාර සර් මෙච්චර වෙලාවක් අහින්සක විදියට යුද මුක්ත කලාපෙට වෙලා බලන් හිටපු මගේ පැත්තට හැරුනෙ බර අවි ප්‍රහාර එල්ල කරන ගමන්මය්.....සරුත් මහ කුප්ප විදියටමනෙ ටෝක් කරන්නෙ....කමෝන් තිලා...සැලෙන්නෙපා.....ගේමට එන්ටර් වෙයන්.......මම හිතින් මටම විස් කරන් ගේමට බැස්ස......

දැන් අවුලක් නෑ සර්.....මාත් තුනට හතරට නැමිල...හෙන දුක හිතෙන ටෝන් එකකින් උත්තර දුන්න....

"අහ්...පෙනඩෝල් බීපු ගමන් හොද උනාද..???...............යමල්ලකො දෙන්නම දැන් පන්තියට ඔය ඔලුවෙ අමාරු,ඇගේ අමාරු ඔක්කොම මන් හොද කරල දෙන්නම්...ඉදහන් මන් ටියුට් එක අරන් එනකන්...මාත් එක්කම යමන්.......... කොහෙවත් යන්නෙ එහෙම නෑ...මට මූනු දෙක මතකය්...මන් එනකන් මෙතනටම වෙලා ඉන්නවා"

බද්දෙ අන්තිමට කියපු වචන ටික ඇහෙද්දි මට දැනුනෙ නිකන් සුරන්ගනාවියො සැට් එකක් මගේ ඔලුව වටේ මෙරිගෝ රවුන්ඩ් එකක් පදිනව වගේ..... ....බද්දෙ අදනම් අපි දෙන්නව පැතලි අඩි ප්ලාස්කුවකට දාල අනුමාපනය කරනව බුදු ශුවර්.....කෝපි බීවානම් තටමාපන් පොඩිනම් කිව්වලු.....මේ වෙලාවට තමා සූප්පුවගෙ මූන බලන්න වටින්නේ...හම්මේ ඇමෙරිකන් කාරයො පරමාණු බෝම්බෙ ගැහුවට පස්සෙ නාගසාකි වලට ගිහින් පීස කන්න කඩයක් හොයන උස්බකිස්තාන් කාරයෙක් වගේනෙ යකෝ මූ මගේ දිහා බලන් ඉන්නෙ.....

මොකද උනහපුලුවො මට ඔරවන්නෙ......හරියට බොරුවක්වත් කියාගන්න බැරිද තොට......කට ඇරියම නම් ලෝකෙ කාල වොඩ්ක බිවුව වගේ කතාව....අනික මොකටද යකෝ ඒකට අහින්සක මාව ගාවගත්තෙ...මොන හෝහපුටුවෙක්ද මන්ද,....ඇය් යකෝ ඔලුවෙ කැක්කුමට වඩා දරුනු ලෙඩක් හිතාගන්න බැරි උනාද තොට....මොන නැට්ට නැති හූනෙක්ද මන්ද උඹ නම්......

දන්න කියන ඔක්කොම අසික්කිත වචන දාල මන් සූප්පුවට ඇමතුවෙ උගේ වැසිකිලි කට අරින්න ඌ ලෑස්ති වෙනවත් එක්කම....උගේ පදුරු කුණුහරුප සුගායනේ පටන් ගත්තට පස්සෙ ඉතින් ආයෙ වසල හමාරය්.....ඊට කලින් දෙයක් කියාගත්තොත් තමා.....කෝ යකෝ මන් මෙච්චර කියවලත් මූ කතා නෑනෙ......මගේ අනපේක්සිත වාග්ප්‍රහාරය හමුවේ සූප්පුවත් වික්සිප්ත වෙලා අවක්ශේප වෙලා ගියාද කොහෙද....මොකද ඉස්ගෙඩියෝ....,ඇහ උල් කරන් මගෙ දිහා බලන් ඉන්නේ???


බලන් ඉන්නෙද?....තොගේ @#!@$%^&&%% දිහා බලන් ඉන්නෙ....ඔලුවෙ කැක්කුමක් නැතුව තොට මී උන කියන්නද ගිජුලිහිනියෝ....සැක්...අපරාදෙ මට කියන්න තිවුනෙ සමාජ රෝගයක් කියලා....තෝ නිසා තමා මේ ඔක්කොම.......කනට සල්පියුරි ඇසිඩ් දානව වගේ මිහිරි සූප්පුවගෙ දර්ම දේශනාව ඉක්මනටම ඉවර කරන්න උනේ බද්දෙ අපේ පැත්තට ආපු නිසා....හම්මේ.....වෙලාවට බද්දෙ ආවෙ....නැත්තම් මූ මෙතනම වලක් හාරල..,මාව ඒ වලේ ඔබල හිටුවාපස් ගහනව සුවර් ආපු විදියට........

සද්දයක් බද්දයක් නැතිවම අපි සර් එක්ක පන්තිය පැත්තට යන්න පිටත් උනේ ඒ අරෙන්න වෙන කරන්න දෙයක් තිවුනෙ නැති නිසා.....පාරෙ තිවිච්ච ගල්කැට ගනන් කර කර ඕස්ට්‍රේලියාවට බෝටුවෙන් යන්න ගිහින් මාට්ටු වෙච්ච සරනාගතයො දෙන්නෙක් වගේ වැනි වැනි පන්තිය පැත්තට එන අපි දිහා මුලු පන්තියම ඇස් එලියට දාගෙන,බෙලි උලුක්කු කරගෙන බලාගෙන ඉන්නෙ තව ටිකකින් දකුණුලක අග්‍රගන්ය සුපිරි වේදිකාවමත බද්දෙ අපිව සුපිරි තරු බවට පත් කරන්න යන විත්තිය අපි වගේම උනුත් දන්න නිසා වෙන්නැති..........
 

#‎ගිම්හානයට_පෙර‬......මා මෙතෙක් නොකියූ කතාව...........

#‎ගිම්හානයට_පෙර‬......මා මෙතෙක් නොකියූ කතාව...........
2015 ජනවාරියෙ 26 වෙනිද හා හා පුරා කියල Accademic පටන්ගත්ත අපි;ලෙක් හෝල් වල,කොමන්වල කාල ඒ මදිවට හොස්ටල් එකට බෝඩින් වලට පන යනකන් බඩගාල සින්නො පෙන්නපු පාරෙ බල්ටි ගගහ මොරාල් පිට ගිහින් මාර්තුවෙ 19 වෙනිද සුපිරිම වෙල්කම් එකක් අරන් NDES රන් දම්වැලේ 30වැනි පුරුක විදියට,NDES අම්මගෙ ආදරේ සුවද අදුනන සුජාත පුත්තු විදියට(ඔව් ඔව් සුජාත දුවලත් ඉන්නව ඉතින්...) අපි පුනරුප්පත්තිය ලබන්නෙ වසන්තය දොරකඩටම ආපු මොහොතක.....
ගොන් රැල..ගොන් රැල කියල අපිට බැනපු සින්නො,අපේ කෙල්ලොන්ට හොස්ටල් $%^^&&$ කියල බැනපු සින්නො නන්ගි මල්ලි කියල කටපුරා කතා කරනකොට හිතට දැනුනෙ වචනවලින් කියාගන්න බැරි සතුටක් වගේම අපිත් දැන් මෙහෙට අය්තිය් කියනව වගේ හැගීමක්.....ඒ සතුටත් හිත අස්සෙ ඔබාගෙන වසන්තයේ දවසක අපි හන්තාන දිහාවට ඇදුනෙ බැච් එකක් විදියට අපි ගියපු පලවෙනි ට්රි්ප් එක යන්න...බස් 6ක් අරගෙන අප්රේඅල් මාසෙ 5 වෙනිද පේරෙ කැම්පස් එක ආක්රිමනය කරපු අපි සුන්දර හන්තාන කන්ද නැග්ගෙ පුදුම හදිස්සියකින්...එදානන් මම අපේ උන්ගෙ බැච් ෆිට් එක උපරිමේටම දැක්කා...හැම එකාම-හැම එකාටම අතදීගෙන හන්තාන නැග්ගෙ පුදුම උනන්දුවකින්...කොච්චර දුරක් ආවත් අපිට මහන්සියක් දැනුනෙ නැත්තෙ මුදුනෙ ඉදන් හන්තාන බැහැගෙන ආපු ලාමක හුලන්පාර ගමන පුරාවටම අපිත් එක්ක හිටපු නිසා වෙන්නති...බඩගින්නක් කියල එකක් දනුනෙ නැතත් හොදගානට පිලුන් වෙච්ච බත් එකේ සුවද දැනුනම අතුරුදහන් වෙලා තිබ්බ බඩගින්න එක සැරේටම ආයෙත් මතුවුන නිසා දිය පාරක් ගාව නැවතිලා අපි රාජ බෝජනය බුක්ති වින්දා...අම්මටසිරි,බත් එකේ රහ...කියල වැඩක් නෑ...
ආයෙත් දඩ බඩ ගාල කන්ද නගින්න පටන්ගත්ත අපි හවස 3ට කිට්ටු වෙද්දි හන්තාන මුදුනම ආක්රැමනය කරල ඉවරය්...(අම්මේ මුදුනට ආවම දැනිච්ච ආතල් එක....කියන්න වචන නෑ...ආතල් එකේ උපරිමේටම ආපු අපි ආයෙත් පහලට දුවන් ගිහින් පහල හිටපු එවුන්වත් ඇදගෙන ආයෙ මුදුනටම දුවන් ආව....)
කොහොමින් කොහොම හරි හන්තානන මුදුනෙ ටික වෙලාවක් ආතල් එකේ ඔහේ වාඩිවෙලා ඉදල රෑ කලුවර හන්තාන වටේට පැතිරෙද්දි හන්තාන බැහගත්ත අපි, වලේ ගහපු තෙලත් අහල ආයෙ IET එන්න පිටත් උනේ හන්තාන ගැන විතරක් නෙමේ,අපේ උන් ගැනත් සුන්දර මතක කන්දක්ම හිත ඇතුලෙ ගුලි කරගෙන....
බැච් ට්රිේප් එක ගියාට පස්සෙ වසන්තයේ හා හා පුරා කියල අපිට ගොඩදාන්න function එකක් හම්බුනා...ඒ තමය් අය්යලගෙ අවුරුදු උත්සවේ...තා පොඩ්ඩෙන් අපිට වෙන්නෙ ඒ function එකත් @#‪#‎කා‬ ගන්න...වෙලාවට එවෙලෙ හිටපු අපේ සුපිරි කෙල්ලො ටිකක් අපිව ගොඩ දැම්මා(උන් ටික නම් ඉතින් හැමදාටම මතකය්)...
අවුරුදු උත්සවෙන් පස්සෙ අපිට සෙට් උනේ වෙසක් කූඩු හදන්න...එක්සෑම්,කෝස්වර්ක් අස්සෙ මුලු IET එකම එක එක ජාතියෙ කූඩු හදල එල්ලල ලස්සන කරන්න අපි අමතක කරේ නෑ..අපි වෙසක් කූඩු හදන අතරෙ සමහර උන් කුරුලු කූඩුත් හැදුවා...ඒ උනාට මොකෝ function එක ගොඩදාන්න උන් දීපු සප් එකේ නම් අඩුවක් තිවුනෙ නෑ..කොහොමින් කොහොම හරි අපි වෙසක් කූඩු 300ක් හදල තමා IET එකේ වෙසක් සැමරුවේ...
වසන්තයය්-වස්සානයය් දෙන්නම එකතුවෙච්ච කාලෙක තමා අපේ ඊලග function එක සෙට් උනේ.......sportmeet එක;මාසයක් තිස්සෙ කට්ට කාල කාල ජුනි මාසෙ මැද දවසක,හරියටම කියනවනම් 19 වෙනිද අපි සුපිරියටම ස්පොර්ට් මීට් එක කරේ NDES වලට තවත් අලුත් දෙයක් එකතු කරන ගමන්….ඒ තමය් හෝලි function එක….කට්ටියටම මතක ඇතිනෙ ගත්ත ආතල් එක...
පොසොන් උදාවත් එක්ක අපි දඩ බඩ ගාල ඊලගට සෙට් උනේ අපේ භක්ති ගීත function එකට…..සති 2ක් වගේ පොඩිකාලයක් ඇතුලෙ අපි බොහොම ඉක්මනට ලස්සන වැඩක් කරා...අපේ කොල්ලො කෙල්ලො සුදු සරම්,සාරි ඇදල මාර ලස්සනට හිටිය එදා....කාටවත් වචන නොකියන්න මාරම ලස්සනට අපි එදා function එක ඉවර කරේ මුලු IET එකේම සුභපැතුම් එක්ක....
අපේ ඊලග function 1තමා ඉන්කො(inco)...පොඩි කාලයය් ලැබුනෙ...ඒත් ගැහුව සුපිරිම ගේමක්....අපේ Exhibition එකත් එක්ක IET එකම යුද පිටියක් වෙලා තිවුන අස්සෙ තමා අපි ඉන්කො කරේ....ඉන්කො එකට අපි ගහපු තොරනට පට්ට කමෙන්ට්ස් තිවුනෙ..තව අපේම උන් හදපු එක්සිබිටුත් තිවුන...ඒකනම් ‘14න් එක විදියට අපිට මාර ආඩම්බරයක්...
හම්මේ...ඊලගට තමා සුපිරිම function එක සෙට් උනේ...අපේ Exhibition එක...ඒ ගැනනම් මම මුකුත් කියන්නෙ නෑ...මොකද ඒක ගැන කියන්න ගියොත් මට මේ වාක්ය රචනෙ ඉවර කරගන්න බැරිවෙනවා... ඒත් මම ඒක මෙහෙම කියන්නම්....අපේ උන් ඒ කාපු කට්ට අන්තිමටම කාල තියෙන්නෙ '09 එකේ අය්යල අක්කල...මොකද අන්තිමටම තිවුනු Exhibition එකේ හිටපු BIP බැච් එක තමා '09 එක....
මේ විදියට එක එක ජාතියෙ function කරපු අපි , අපේ අන්තිම function එකත් සුපිරියටම කරා මේ 3 වෙනිද...අය්යලට අක්කලට ආයෙ ජීවිතකාලෙටම මතක හිටින going down එකක් අපි දුන්නෙ ප්රිශ්න,කරදර,භාදක අනන්තයකට පය්න් ගහල......
මේ විදියට තමය් NDES සන්ස්කෘතියෙන් BIP අපට උරුම වෙච්ච function ටික අපි ගොඩ දම්මෙ... function ටික ගොඩ දාන්න දවල් රෑ බලන්නැතුව අපිත් එක්ක මැරිච්ච කොල්ලො කෙල්ලො හැමදෙනාවම මේ වෙලාවෙ මතක් කරන්නෙ පුදුම ආදරයක් වගේම උන්ගැන ලොකු ගවුරවයකුත් හිතේ තියාගෙන...උඹල හැමදෙනාටම ගොඩක් ස්තූතිය් අපේ බැච් එක වෙනුවෙන් අපිට ආපු හැම ප්රිශ්නෙකදිම අපිත් එක්ක එකට හිටියට...;එක්සෑම්,කෝර්ස්වර්ක් කියල වැඩ මගනොඇරියට...... function ගොඩදාන්න නහිපු එවුන්ට තමා කවද හරි පොඩි එකෙක්ට ඒ ගැන කියන්න හරි,මතක් කර කර සතුටු වෙන්න හරි එහෙමෙය් කියලවත් මතකයක් ඉතුරුවෙන්නේ.....
අන්තිමට මට කියන්න තියෙන්නෙ, function වල හිටපු නොහිටපු,දායකත්වය දීපු නොදීපු හැමදෙනාටම '14 වෙනුවෙන් ස්තූතිය්...අපි හැමෝම තමා '14 කියන්නේ....අපේ එකෙක් හරි හැලෙනවනම් එතන '14කුත් නෑ....
දින සති මාස දන්නෙම නැතුව function අස්සෙ ගෙවිල ගිහින්...වසන්තයට සමුදෙන්න වෙනව කියල තේරුනේ ගිම්හානය IET එකට පෑල දොරෙන් එබෙනකොට...අඹ සෙවනෙ අඹයක රස බලන්න,මැද මිදුලෙ අලුත් ඉන්දපු මල්පැල වල මල් පීදෙනව බලන්න,මොකෙක් හරි මූකලන් බස්සෙක් ගහක බැදල ඌව විනාස කරන්න,කොහේ හරි යන අපතයෙක්ට මඩ පෝස්ටරයක් ගහන්න,ගොන් මොරාල් කාරයෙක් ෆෝම් කරල ආතල් ගන්න,9.30ට ලෙක්චර්ස් එන්න,ලෙක්චර්ස් ඇවිත් ලක්මාලි මිස් දිහා ඔහේ බලාගෙන ඉන්න,කරටි කැඩෙනකන් dj වල නටන්න.., නොකා නොබී function කරන්න,කැන්ටින් එකේ රුපියල් 5හේ ප්ලේන්ටිය බොන්න,තව ඔය BIP එකේ අපි කරපු අනන් මනන් මල විකාර සේරම කරන්න තව අවුරුද්දක් යනකන් අපට අවසර නෑ කියල මතක් වෙනකොට නම් හිත අගිස්සෙ විදුලි කොටනව වගේ හැගීමක් තමා දැනෙන්නේ...
මොනා කරන්නද ඉතින් හැමදාම අවුරුදු නෑනේ...මේ ගෙවුන වගේම ගිම්හානයත් ගෙවිල සරත් කාලය ඒවි.... ඇට කටු පෑස්සීගෙන සිසිර සුලග එනකොට සරදාකාශ ටික ටික ශීත කාලයට ඉඩ දීල වහන් වේවි....තවත් ටික කාලෙකින් වස්සානයත් අරගෙනම වසන්තය ආයෙත් ඒවි...අන්න එදාට ආයෙම වතාවක් ...NDES අම්ම බලන්න ‘14 අපි ඒවි....
එහෙනම් පඩිත් අරන් GIP එකේදි ආයෙ හමුවෙමු...

 වසන්තය යලි ඒවි
ආයෙ මල් පීදේවි
පීදිච්ච මල් එක්ක
අපෙ මතක හිනැහේවි....

වස්සානය ඒවි
තුටු කදුලු වගුරාවි
ගිම්හානෙ ගිලගත්ත
අපෙ කතා මතුවෙවි......

පෙම්වතුන් හමුවේවි
සොහොයුරන් එක්වේවි
ඉමන්තයෙ දවසක
යලිත් අපි හමු වේවි......