බද්දෙගෙ ක්ලාස් ඉවර වෙලා මීටර් සීය දුවන කෙල්ලො හෑට හුටාමාරක් අස්සෙන් ඒ මූන දෑක්කෙ මම අහම්බෙන්.....රෙඩ් ලය්ට් දෑකපු බස් කාරයෙක් වගේ මම එක පාරටම බ්රේක් ගහවෙ ඈය්ද කියල තාම මට හිතාගන්න බෑ. බ්රේක් පාරට මාත් එක්ක ආපු මගේ අති පජාත මිත්තරය විසි වෙලා ගියේ මාතර කොලබක හෑපිච්ච ඩොල්පින් එකෙක් වගේ..., මටත් ඔල්මොරොන්දන්ද කොහෙද.කොහෙද බොල ඈහෑටුල්ලො මාතර කොලබවල් වල ඩොල්පින්ල වදින්නෙ....උන් ඉන්නෙ මුහුදෙ...ඔන්න ඔරුවක පාරුවක වෑද්ද කිව්වනම් සාදාරනය්...සෑක් මේ කෙහෙම්මල් කෙල්ලෙක් හින්ද මගේ සිස්ටම් එකම අවුල් ගිහිල්ලද කොහෙද..නෑ නෑ කමෝන් තිලා ඔහොම යන් ඔහොම යන්.. බ්රේක් පාරට විසිවෙච්ච මගේ අති පජාත මිත්තරයගෙ අතීසය කුජීත වඳුරු කුනුහරුප අතරෙ මන් ආපහු කෙල්ල දිහා බෑලුවෙ හරියට ඉස්කෝලෙ පීරියඩ් කට් කරලා ආපහු පන්තියට එනකොට මිස් කොහෙද කීල බලනව වගේ පරිස්සමට....ආහ් ඔය මාට්ටු උනේ රබර් ඈහෑට.ආයෙ හෝදන්න දෙයක් නෑ,ඒ වගේ ලස්සන කෙල්ලෙක් සකල සිරි ලන්කාවෙ බද්දෙගෙ ක්ලාස් එකේ ඈරෙන්න වෙන කොහේ වත් නෑය් කියන එකනන් බුදු ශුවර්...දකුනු අතින් සය්ඩ් බෑග් එක අල්ලගෙන,වම් අතින් කොන්ඩෙ හද හද ඔලුව පෑත්තට ඈලකරල එයා හිනා උනු විදිය නම් මාරම ගති.ඒ දිහා මන් බලන් හිටියෙ හරියට මොන්ටිසෝරි කොල්ලෙක් අය්ස්ක්‍රීම් එකක් දිහා බලන් ඉන්නව වගේ පෙරේත කමකින්........ ඒත් එක පාරටම එයාගාවින් මතු වෙච්ච ගල්පාතයෙක් වගේ එකෙක් මගේ පෑත්තට එන්න පටන් ගත්තා...ඔහ්හ් එන්ටර්ද ඩ්‍රෑගන් කිව්වලු..මෑන්ස් එකපාරටම මගේ කොලර් එකෙන් අල්ලල මාව හෙලෙව්ව....ඒට පස්සෙ හෙන බ්ලේඩ්තල වොය්ස් එකකින් ..,................ඕය් ඕය් ටිකට් ගන්නවා කියල කෑගෑහුවා...පික්සු වර්ග හෑදෙනව සීන් කෝන් එක මීටර් වෙන කොට මගේ ඈස් ඉස්සරහ මාව ගිලින්න ආපු ඈනකොන්ඩෙක් වගේ බෑල්මට් එකක් දාගෙන් හිටියෙ බස් එකේ කොන්දොස්තරයා....
EP-2
....කොන්දොස්තරය තාම මගේ මූන දිහා බලාගෙන....තුක් විතරක් මගේ අහින්සක හීනෙ අනුබව කරාමදිවට මෙතන ටිකටුත් ඉල්ලනවා...අනින්න හිතෙනව හොම්බට හෑටක්.සෑක් මගේ හීනකුමාරිගෙ සූම් කරපු ඉමේජ් එකක් සේව් කරගන්න හෑදුව විතරය්... මේ ඈනකොන්ඩට තව විනාඩියක් ඉන්න බෑරි වුනානෙ..... ම්ම්හ්..කොන්දත් එක්ක කොච්චර තරහක් තිබුනත් මන් ඒ පෑත්ත බලල දෑම්මෙ හරියට අහින්සක පූස් පෑටියෙක් දානව වගේ බෑල්මට් එකක්...තව සුට්ටක් එහෙම හිටියනන් මට මියෑව් කියලත් කියවෙනව........බොහෝම පරිස්සමට අරන් තියපු සීසන් කාඩ් එක පර්ස් එකෙන් අරගෙන කොන්දට දික්කරා විතරය් ඌ මට හෙන අප්පිරිය බෑල්මට් එකක් දාල වාස්ප උනා.... සෑක් චෑටක් දාන්න කීලවත් මොකෙක්වත් නෑ.....බස් එකත් යන්නෙ පෑද්දි පද්දි කොට කොට.. මොන මගුලක්ද. .පුස්බය්සිකලුත් යනව මීට වඩා වේගෙන්...ඩ්රය්වරයට පින් අනුමෝදන් කර කර මම ජනේලෙන් එලිය බලාගත්තෙ කිසිම අරමුණක් නෑතුව.ටික වෙලාවක් යනකොට දවල් වෙච්ච සීන් කෝන් ඔක්කොමවගේ මගේ ඉස්සර ෆිල්ම් එකක් වගේ පේන්න ගත්තෙ මගේ අවසරයක් නෑතුවම. මට දෑනුනෙ මාව ගොඩාක් දුර ඈතකට පාවෙලා යනව වගේ හෑගීමක්...... මාය් මගේ අති පජාතමිත්තරයය් බද්දෙ ඉන්ටවල් එක දුන්න ගමන්ම පොත් ටිකත් අරගෙන පොඩි ශෝට් ලීව් පාරක් දාන්න කියල හිතාගෙන රේල්පාරට පෑන්න......රේල්පාරට පෑන්නට මොකෝ ඉන්ටවල් එකටත් කලින් තිවුන වතුර තිබහ නිසා වතුර ටිකක් බීලම චුත වෙනව කියල හිතාගෙන කෙහෙල්ගස් වත්ත පෑත්තෙන් දාල ආපහු ඔෆිස් එක පෑත්තට ගාටන්න පටන් ගත්තෙ මගේ මිත්තරයගෙ සුපුරුදු වඳුරු කුණුහරුප සුගායනයත් අහගෙන.......මොනා කොරන්නද....කවලන් ගෑහුවනන් ඈදපන් කබරේ කිව්වලු.... ආබදයක් නෑතුව යාන්තන් ටෑප් එක ගාවට ආව...වෙනද වතුර බොන්නත් සරනාගතයො වගේ පෝලිමේ යන්න උනාට මොකෝ අද බල්ලෙක්වත් නෑත්තෙ ඔක්කොම එවුන් ක්ලාස් එකට රින්ගල හන්ද වෙනෑති....මනෝ පාරකුත් ගහගෙන වතුර බොන්න පහත් උනා විතරය්....... ති...තිලා....ති..ලා....වි..න...සය්...
මොකෝ බොල ඈහෑටුල්ලො නිකන් බද්දෙ දෑක්ක වගේ බයවෙලා......මන් උගේ දිහා බෑලුවෙ වතුර බොන අතරෙමය්..
......... බ..බ..බද්දෙ....යකෝ....................
මම බිවුව වතුර උගුර නාහෙන් ආව වගේ දෑනුනා.... මන් ඔලුව උස්සල බලනකොට අපි දිහා ඔරවගෙන බලන් හිටියෙ බද්දෙ.....
EP-3
මලකෙලි විසි එකහ මාරය් කිව්වලු....සිරාවටම ඒ වෙලාවෙ අපේ
දිහා ඔරවගෙන බලන් හිටියෙ වෙන කවුරුත් නෙමේ...අපේ ජාතික
වීරය..............බද්දෙ!....
සනී ලියෝන්ව ලය්ව් දැක්ක වගේ කටත් ඇරගෙන බද්දෙ දිහා බලන්
හිටපු සූප්පුව දිහාවට මම හැරුනෙ එවෙලෙ කර කියාගන්න දෙයක් මගේ පරිකල්පන මෙව්ව එකට
පහල නොවිච්ච හින්දා..( කලින් කියන්න බැරි උනා...මගේ අති පජාත මිත්‍රයගෙ නම
සූප්පුව...) ඒත් විහිලුවටවත් ඌ නෙමේ මගේ දිහා බැලුවෙ...පන්සලේ මකර තොරණ ජීවිතේ
පලවෙනි වතාවට දැක්ක මොන්ටිසෝරි කොල්ලෙක් වගේ තාමත් මූ බද්දෙ දිහා බලාගෙන.....
........දැන් ඉතින්
වෙන කරන්න දෙයක් නෑ...මොකක් හරි බය්ලයක් ගහන්න ඕන......අහ්.........ගෑස්ටික් කියල
කියනව.....නය් කය්ද රෝස් පාන්......ඔය තීන්නෙ වෙඩි වගේ... ඒත් ඊට කලින් මේ
හොටුනරියගෙ කට වහල ඉන්න ඕන...
උදේ P&J එකෙන් කාපු මහානුභාව සම්පන්න රෝල් එකේ පුල් පිට් එකම
කකුලට අරන් මන් සූප්පුවගෙ කකුල පාගන්න හැදුව විතරය් අනන්තයේ සිට පැමිණි බද්දෙගෙ
මදුර මාධූර්ය වොය්ස් එකෙන් මාව අවකලනය වෙලා ගියා වගේ දැනුනා.....
"කාගෙද
පන්ති...?" සරුත්
දන්නැතිව වගේ අහන හැටි බලහන්කෝ......
"ස...ස..සර්....ගෙ..."
සූප්පුව පැනපු ගමන් උත්තර දුන්නෙ මන් වචනයක්වත් කියන්න කලින්.....
"දැන්
ඉන්ටවල් ඉවර වෙලා කොය්තරම් වෙලාද....මොකද මේ පොත් ටිකත් කිහිල්ලෙ ගහගෙන? "
සර් ටත් ඕන්නැති කෙසෙල්මලක් නෑනෙ...ඇය් යකෝ පන්තියෙන්
පනිද්දි පොත් ටික අරන් එන්නැතුව පන්තියෙ දාල එන්නද....සර්මනෙ කියන්නෙ ඔය පොත්,ටියුට් පන්තියෙ දාල යන්නෙපා,ආයෙ දෙන්නෑ කියල......මන් සූප්පුව දිහා
බැලුවෙ ඌටම ප්‍රශ්න විචාරාත්මක වටේ ප්ලේ කරන්න දෙන්න හිතාගෙන...
"තමුසෙල
පන්තියෙන් පනින්න නේද හදන්නෙ..."
අනේ නෑ සර්...මේ ඔලුවෙ කැක්කුමක් හැදිල පෙනඩෝල් එකක්
බොන්න ආව....
අඩේ මන් හිතුවට වඩා හොදට මූ ප්ලේ කරනවනෙ....මුගේ කට නිකන්
නගර සභාවෙ පොදු වැසිකිලිය වගේ උනාට මොකෝ අවස්තානු කූලව හොදට ක්‍රියා
කරනවනෙ....මරු......මරු...........අතාරින්නෙපා මචන්...ඔහොම යන්...........
"හහ්..පෙනඩෝල්
එකක් බොන්න?....ඇය්
පන්තියෙ ඉදන් බොන්න බැරිද???දැන් කාටද
ඔලුවෙ කැක්කුම...තමුසෙටද????"
නෑ සර්...මෙයාට.....
කොටියම කාපිය....යකෝ මේකට අහින්සක මාවම පැටලුවෙ මොකද
මූකලන් බස්සෝ....දැන් දියන්කො උත්තර බද්දෙට....මේ වෙලාවට තමා හිතෙන්නෙ සූප්පුවක්
ගහගෙන නය්ට්‍රික් ඇසිඩ් ටිකක් බොන්න.....
"අහ් දැන්
හොදය්ද ඔලුවෙ අමාරුව?" ඒපාර සර්
මෙච්චර වෙලාවක් අහින්සක විදියට යුද මුක්ත කලාපෙට වෙලා බලන් හිටපු මගේ පැත්තට
හැරුනෙ බර අවි ප්‍රහාර එල්ල කරන ගමන්මය්.....සරුත් මහ කුප්ප විදියටමනෙ ටෝක්
කරන්නෙ....කමෝන් තිලා...සැලෙන්නෙපා.....ගේමට එන්ටර් වෙයන්.......මම හිතින් මටම
විස් කරන් ගේමට බැස්ස......
දැන් අවුලක් නෑ සර්.....මාත් තුනට හතරට නැමිල...හෙන දුක
හිතෙන ටෝන් එකකින් උත්තර දුන්න....
"අහ්...පෙනඩෝල්
බීපු ගමන් හොද උනාද..???...............යමල්ලකො
දෙන්නම දැන් පන්තියට ඔය ඔලුවෙ අමාරු,ඇගේ අමාරු
ඔක්කොම මන් හොද කරල දෙන්නම්...ඉදහන් මන් ටියුට් එක අරන් එනකන්...මාත් එක්කම
යමන්.......... කොහෙවත් යන්නෙ එහෙම
නෑ...මට මූනු දෙක මතකය්...මන් එනකන් මෙතනටම වෙලා ඉන්නවා"
බද්දෙ අන්තිමට කියපු වචන ටික ඇහෙද්දි මට දැනුනෙ නිකන්
සුරන්ගනාවියො සැට් එකක් මගේ ඔලුව වටේ මෙරිගෝ රවුන්ඩ් එකක් පදිනව වගේ.....
....බද්දෙ අදනම් අපි දෙන්නව පැතලි අඩි ප්ලාස්කුවකට දාල අනුමාපනය කරනව බුදු
ශුවර්.....කෝපි බීවානම් තටමාපන් පොඩිනම් කිව්වලු.....මේ වෙලාවට තමා සූප්පුවගෙ මූන
බලන්න වටින්නේ...හම්මේ ඇමෙරිකන් කාරයො පරමාණු බෝම්බෙ ගැහුවට පස්සෙ නාගසාකි වලට
ගිහින් පීස කන්න කඩයක් හොයන උස්බකිස්තාන් කාරයෙක් වගේනෙ යකෝ මූ මගේ දිහා බලන්
ඉන්නෙ.....
මොකද උනහපුලුවො මට ඔරවන්නෙ......හරියට බොරුවක්වත්
කියාගන්න බැරිද තොට......කට ඇරියම නම් ලෝකෙ කාල වොඩ්ක බිවුව වගේ කතාව....අනික
මොකටද යකෝ ඒකට අහින්සක මාව ගාවගත්තෙ...මොන හෝහපුටුවෙක්ද මන්ද,....ඇය් යකෝ ඔලුවෙ කැක්කුමට වඩා දරුනු ලෙඩක් හිතාගන්න බැරි
උනාද තොට....මොන නැට්ට නැති හූනෙක්ද මන්ද උඹ නම්......
දන්න කියන ඔක්කොම අසික්කිත වචන දාල මන් සූප්පුවට ඇමතුවෙ
උගේ වැසිකිලි කට අරින්න ඌ ලෑස්ති වෙනවත් එක්කම....උගේ පදුරු කුණුහරුප සුගායනේ පටන්
ගත්තට පස්සෙ ඉතින් ආයෙ වසල හමාරය්.....ඊට කලින් දෙයක් කියාගත්තොත් තමා.....කෝ යකෝ
මන් මෙච්චර කියවලත් මූ කතා නෑනෙ......මගේ අනපේක්සිත වාග්ප්රහාරය හමුවේ සූප්පුවත්
වික්සිප්ත වෙලා අවක්ශේප වෙලා ගියාද කොහෙද....මොකද ඉස්ගෙඩියෝ....,ඇහ උල් කරන් මගෙ දිහා බලන් ඉන්නේ???
බලන් ඉන්නෙද?....තොගේ @#!@$%^&&%% දිහා බලන් ඉන්නෙ....ඔලුවෙ කැක්කුමක්
නැතුව තොට මී උන කියන්නද ගිජුලිහිනියෝ....සැක්...අපරාදෙ මට කියන්න තිවුනෙ සමාජ
රෝගයක් කියලා....තෝ නිසා තමා මේ ඔක්කොම.......කනට සල්පියුරි ඇසිඩ් දානව වගේ මිහිරි
සූප්පුවගෙ දර්ම දේශනාව ඉක්මනටම ඉවර කරන්න උනේ බද්දෙ අපේ පැත්තට ආපු
නිසා....හම්මේ.....වෙලාවට බද්දෙ ආවෙ....නැත්තම් මූ මෙතනම වලක් හාරල..,මාව ඒ වලේ ඔබල හිටුවාපස් ගහනව සුවර් ආපු විදියට........
සද්දයක් බද්දයක් නැතිවම අපි සර් එක්ක පන්තිය පැත්තට යන්න
පිටත් උනේ ඒ අරෙන්න වෙන කරන්න දෙයක් තිවුනෙ නැති නිසා.....පාරෙ තිවිච්ච ගල්කැට
ගනන් කර කර ඕස්ට්‍රේලියාවට බෝටුවෙන් යන්න ගිහින් මාට්ටු වෙච්ච සරනාගතයො දෙන්නෙක්
වගේ වැනි වැනි පන්තිය පැත්තට එන අපි දිහා මුලු පන්තියම ඇස් එලියට දාගෙන,බෙලි උලුක්කු කරගෙන බලාගෙන ඉන්නෙ තව ටිකකින් දකුණුලක අග්‍රගන්‍ය
සුපිරි වේදිකාවමත බද්දෙ අපිව සුපිරි තරු බවට පත් කරන්න යන විත්තිය අපි වගේම උනුත්
දන්න නිසා වෙන්නැති..........
Supiri kolloo...
ReplyDelete