Sunday, July 27, 2025

විරහවේ දුක දැනුනේ ඉතින් මට විතරද?

ඉඩෝරෙත් මල් පිපුණේ

පතොක් වල විතරය

අවාරෙත් ලඟ හිටියේ 

කැලෑ මල් පමණය !


අමාවක දුක දන්නේ

චන්ද්‍රයා විතරය

සාගරේ ඉම දන්නේ

සාගරේ පමණය !


ආදරේ ගැන දන්නේ

සොඳුර නුඹ විතරද ?

විරහවේ දුක දැනුනේ

ඉතින් මට විතරද? 


තිලංක තේනුවර

ජූලි 27 ඉරිදා , 2025



No comments:

Post a Comment