Sunday, July 27, 2025

පෙමක් හම්බුණු දිනෙක වරක් මට පවසන්න !

මට හැකිය ආකහේ ඔබ හොයන සඳ වෙන්න
ඇවිලෙද්දි වැස්සක්ව නිවා හිත සනහන්න
සීතල සුළඟක්ව ඉඩෝරෙත් දැවටෙන්න
කළුවරම දවස් වල තරුවක්ව ලඟ ඉන්න !

ඔබ කියන මොහොතකදි නිහඬවම බැස යන්න...
පෙමක් හම්බුණු දිනෙක වරක් මට පවසන්න !

තිලංක තේනුවර
ජූලි 26 සෙනසුරාදා , 2025



No comments:

Post a Comment