ඉඩෝරෙත් මල් පිපුණේ
පතොක් වල විතරය
අවාරෙත් ලඟ හිටියේ
කැලෑ මල් පමණය !
අමාවක දුක දන්නේ
චන්ද්‍රයා විතරය
සාගරේ ඉම දන්නේ
සාගරේ පමණය !
ආදරේ ගැන දන්නේ
සොඳුර නුඹ විතරද ?
විරහවේ දුක දැනුනේ
ඉතින් මට විතරද?
තිලංක තේනුවර
ජූලි 27 ඉරිදා , 2025
පරිස්සමින් යාළුවා, උඹ මේ කියවන්නෙ මාව | Beware of the content amigo |
ඉඩෝරෙත් මල් පිපුණේ
පතොක් වල විතරය
අවාරෙත් ලඟ හිටියේ
කැලෑ මල් පමණය !
අමාවක දුක දන්නේ
චන්ද්‍රයා විතරය
සාගරේ ඉම දන්නේ
සාගරේ පමණය !
ආදරේ ගැන දන්නේ
සොඳුර නුඹ විතරද ?
විරහවේ දුක දැනුනේ
ඉතින් මට විතරද?
තිලංක තේනුවර
ජූලි 27 ඉරිදා , 2025
දරා ගන්න බැරිම වෙච්චි දවසක
තරමක් මධුවිතෙන් සන්නද්ධ හවසක
මම හයියෙන් කෑගහල කිවූවා
පැලෙන්න ආදරේ බව උඹට, අහසට !
හඳත් ඇබ්සන්ට් මොහොතක
චක්‍රාවාටයේම තාරුකා අතරින්
ප්‍රොක්සිමා සෙන්චූරි විතරයි එදා
අහන්නට හිටියෙ මගෙ දුක !
මා උඹට ආදරේ බව
මේ සක්වලින්ම දන්නේ
ප්‍රොක්සිමා සෙන්චූරි හැරුනම
ෆේස් බුක් හිස්ට්‍රි එක විතරය !
තිලංක තේනුවර
මාර්තු 23 , ඉරිදා 2025
එක වරම
නොස්ටැල්ජියාවක මිහිරෙන්
මා සන්තර්පනය කර
තවත් මොහොතකින්
ඒක පාර්ශවික ප්‍රේමයක
අසීමාන්තික වේදනාවකින්
ගෙල මිරිකා මා පොළවේ ගසන
කලාතුරකින් ලැබෙන
ඔබේ දුර ඇමතුම්
ආශිර්වාදයකට වඩා
දැන් නම් සාපයක් !
ඒ ඔක්කොටම වඩා කරුමෙ
හරියටම වැඩ ඉවර වෙලා
ගෙදර යන්න එළි බහිද්දි
අහේතුකවම ඔළුවට කඩා පැනපු
මේ අනාරාධිත වැස්ස !!!
තිලංක තේනුවර
මාර්තු 21 සිකුරාදා, 2025
වැස්සක, කොළඹ අස්සක !