ජීවිතේ සමහර හමුවීම් තියෙනවා " මේ මනුස්සය තව අවුරුදු ගාණකට කලින් මගේ ජීවිතේට ආව නම් " කියල හිතෙන. එහෙම හිතෙන්න හේතුව තමයී කාලයත් එක්ක ඒ අයව ආශ්‍රය කරද්දි අපි ඒ මිනිස්සුන්ට ඇබ්බැහි වෙන එක. ඒ ඇබ්බැහි වීමට බලපාන්නෙ සමහර වෙලාවට ඒ මනුස්සයගෙ රූපය, හැසිරීම, ගති ගුණ, කතා බහ ඔය ඕන එකක් වෙන්න පුළුවන්.
ඒ මොක උනත් ඒක මහ භයානක පුරුද්දක්. සමහර වෙලාවට අපි ඇබ්බැහි වෙන්නෙ ප්‍රේමයෙන්. අයිති නැති මිනිස්සුන්ට ප්‍රේමයෙන් ඇබ්බැහි වෙනව කියන එක මහ සාපයක් !
අයිතිකාරය වෙන එකෙක් වෙද්දි නොලැබෙන බව දැන දැනත් හතු පිපෙනව වගේ ප්‍රේමය දළු දාන එක ආශිර්වාදයක් නෙමෙයි, මල කරදරයක් !
කාලයක් හිතේ නිදාගෙන ඉදල අද උත්ප්‍රේරණය වෙලා ඇහැරිච්ච ඇබ්බැහියක් ගැන තමයි මේ සටහන.
ඒ කටහඬට, හිනාවට, බැල්මට කොයිතරම් ජංජාලයක් කරන්න පුළුවන්ද කියල මට අමතක වෙලා තිබ්බෙ.
විශ්වාස කරන්න මිත්‍රයා ඒ හිනාවට විතරක් පුළුවන් ඍතුවක් කණපිට පෙරලන්න !
කාලි දාස මේඝ දූතය ලියද්දි උදවූවට හිටියෙ හුළඟ. කාලි දාසට පුළුවන් කම තිබ්බ ඒ පිපිච්ච හැඟීම් නම ගම එක්කම මහ හයියෙන් කෑ ගහල හුළඟට කියල හිත නිදහස් කරගන්න. හැබැයි මෙතන සිනාරියෝ එක වෙනස් !
මේක තහනම් ප්‍රේමයක් නිසාත් ඈ ඉන්නා ඉසවූවකට මේ හැඟීම් මාත්‍රයක් වත් යාත්‍රා කල යුතු නොවන නිසාත් කවියෙක් හැටියට මං හරි අසරණයි මෙතැනදි.
ඒත් ඈ වෙනුවෙන් නම ගම බොඳ කර මම මේ සටහන ඩයරියේ තබා යන්නම් !
කෝළ බව උතුරන සිනිඳු මුදු කටහඬ
මැවෙනවා ලඟ වගෙයි සුන්දරම සිනහව
හිත් යාය ගිණි තියන දිස්නෙ දෙන ඇස් අග
ආදරෙයි නොකියලා මම ඉන්නෙ කොහොමද?
දෑත් පටලවා ගෙන ඔහු එක්ක ඔබ යද්දි
ප්‍රේමයේ ඇල් පෙනෙති හිත පුරා විසිරෙද්දි
විහිළුවක් කල පසුව මල් සිනා වපුරද්දි
ඇත්තමයි උස්සගෙන දුවනවා දවසකදි !
ඉවරයී !!!
No comments:
Post a Comment