පතොක් මල් වලට විතරක්ම
පිපෙන්නට අවසර
මා තමා
කාශ්ඨක ප්‍රේමයෙන් ඔත්පල
යාල්පානම් පොළව...
හිටපු ගමන්
යාය පිටින් ඔහේ ඇවිළී යන
ඈ තමා
උග්‍ර රෝමාන්තික බවේ
සියුමැළිම ගිනි පුපුර...
විටෙක ගිනි නිවන
විටෙක ගිනි අවූළුවන
මා තමා - ඈ කියපු විදිහට
අධි මාත්‍රික ප්‍රේමයෙන්
දිශා මාරු උන උතුරු සුළඟ...
-තිලංක තේනුවර-
ජුනි 8 බ්‍රහස්පතින්දා, 2023
No comments:
Post a Comment