ආදරේ නෙක වර්ණ හදවතේ තවරලා
ප්‍රේමයක දිග පළල මෘදුව තේරුම් කලා
පිරිමි හිත් දිය කරන වස්සානෙ කැන්දලා
මට මාව අහිමිවෙන තැනක ඈ නික්මිලා...
ජීවිතේකට වරක් පමණක්ම පූදින
මලක් දෝ කියන් ප්‍රේමයත් යෞවන
ඇදුම් දෙන රිදුම් කන මතකයන් අපමණ
තරහ නෑ ඒ තමයී කවි හිතට ඉන්ධන...
තිලංක තේනුවර
මාර්තු 10 සිකුරාදා , 2023
No comments:
Post a Comment