මිනිස්සු කියැවීම සහ මිනිසුන්ගේ කියවීම.
ජීවිතේ එදි නෙදා අපිට හම්බවෙන මිනිස්සු, අපි ආශ්‍රය කරන මිනිස්සු, අපේ හිතවත්තු, අපිට හිතවත් නොවන මිනිස්සු ඔය හැමදෙනාවම අපි කියවපු විදිහක් තියෙනවා.
අපිත් එක්ක ආශ්‍රය කරන විදිහ, අපි ඉස්සරහ බෙදා ගන්න අදහස් වගේ දේවල් වලින් ඒ මනුස්සය කියන්නෙ මෙහෙම පොරක් කියලා අපි අපේ හිතේ මොඩල් එකක් හදා ගන්නවා.
ඊට පස්සෙ හැමදාම අපි හිතන් ඉන්නේ අරූ මෙහෙම එකෙක්, අරකි මෙහෙම එකියක් කියලා.
ප්‍රශ්ණෙ කියන්නෙ ඔය අපි හදාගෙන තියෙන මොඩල් එක සර්ව සාධාරණද කියන එක.
කෙනෙක් අපි එක්ක ආස්සරේ කරන විදිහයී තව පිරිසක් ආස්සරේ කරන විදිහයී අතර ලොකු වෙනසක් තියෙන්න පුළුවන්.
අපි කියවල තියෙන ඔහු හෝ ඇය වෙන කෙනෙකුගේ කියවීමෙන් හාත් පසින්ම වෙනස් වෙන්නත් පුළුවන්.
මිනිස්සු හැම මොහොතකම 100% ක් අවංක නෑ. ඕනෑම පුද්ගලයෙක් ඉස්සරහ ඔහු හෝ ඇය විවෘත වීමේ සීමාවක් තියෙනවා.
ඒ සීමාවට අදාලව තමා අපි එක්ක ඔවුන් අදහස් හුවමාරු කරගන්නෙ.
මනුස්සයෙක්ව ගත්තම හොදම යාළුවෙක් උනත් සහෝදරයෙක් උනත් ගෙදර අම්ම තාත්ත උනත් ඔහුගේ හෝ ඇයගේ ජීවිතේ නොදන්න පැති කඩක් තියෙන්න පුළුවන්.
මාව ආස්සරේ කරන මිනිස්සුත් මම කියන්නෙ කවූද කියල කියව ගන්න බැරිව කන්ෆුයිස් වෙච්ච අවස්ථා ඕනෑ තරම් තියෙනවා.
"අඩෝ මං දැනන් ඉදියෙ නෑනෙ උබ මෙහෙම එකෙක් කියලා.
ඇයී බං උබ එහෙම?
උබ එතන වෙනම විදියක්නෙ. කාට පේන්නද උබ ඔය රගපාන්නේ? ඉදහන්කෝ උබේ රෙද්ද ලිහන්න."
ඔය වගේ ප්‍රශ්ණ අහල වාද කරන උන් මේ සමාජෙ ඕන තරම් ඉන්නවා.
එහෙම මනුස්සයෙක්ගෙන් ප්‍රශ්ණ අහන වෙලාවට අපි අපෙන්ම අහගන්න ඕනෙ සෑහෙන්න වැදගත් ප්‍රශ්ණයක් තියෙනවා.
සිරාවටම අපි මේ මනුස්සයව කලින් කියවපු විදිහ වැරදිද?
අපි කියවල තියෙන ප්‍රමාණයට වඩා එහා අවකාශයක ඔහු හෝ ඇය සැරිසරනවනම් පැහැදිලිවම ඒක අපේ දෘශ්ටි කෝණයේ ප්‍රශ්ණයක් මිසක් ඒ මනුස්සයගෙ වැරද්දක් නෙමේ.
හැබැයී මිත්‍රයා ප්‍රශ්ණෙ කියන්නෙ මේ වගේ අවස්ථා වල අපි උත්සාහ කරන්නෙ අපි කලින් දැනන් ඉදපු අවකාශයට ඔහුව හෝ ඇයව කුදලගෙන ඇවිත් ඒකෙම කූඩු කරන්න මිසක් අපි දැනන් ඉන්න පරාසය ඒ මනුස්සයට අනූව ඇජස් කරගන්න නෙමේ.
ඉතිං ඇත්තටම මට කියන්න ඕනේ උනේ මේකයී. හැම තිස්සෙම මනුස්සයෙක්ව කියවද්දි රිඩන්ඩන්සි තියල කියවන්න.
ඒ මනුස්සය අපි දැනන් ඉදපු පරිධියෙන් එහාට යනව කියල පේනවනම් ඌව අකුලගෙන ඇවිත් අපි දැනන් හිටපු අවකාශෙ හිර කරන්න නෙමේ උගේ අවකාශෙට අනූව අපේ හිත් වල ඉඩ හදා ගන්න උත්සාහ කරන්න.
මිනිස්සු කියැවීම කියන්න්නේ හොද දෙයක්. කෙනෙක්ව අදුන ගන්න, තේරුම් ගන්න, ආදරේ කරන්න, ප්‍රශ්ණෙකදි උදවූ කරන්න සහ කම්ෆටබල් රිලේශන්ශිප් එකක් පවත්වාගෙන යන්න ඒක අපිට උදවූ වෙනවා.
හැබැයී මනුස්සයෙක්ගේ කියැවීමක් ගැන හැම තැනම කියවන්න යන්න ඕනෙ නෑ. මොකද අපි මනුස්සයෙක්ව කියවන්නෙ ඒ මනුස්සයව හැබෑවටම තේරුම් අරන් ආශ්‍රය කරන්න, ප්‍රශ්ණෙකදි උදවූ කරන්න මිසක් ඩැමේජ් කරන්න නෙමේ.
මේක කියවපු එකෙක්ට මොලේ වයර් ශෝට් වෙලා මේකෙ කිසිම ගැලපීමක් නෑ කියල හිතෙන්න පුළුවන්.
වැඩිය හිතන්නෙපා. මං හැමදාම කියනව වගේ ජීවිතෙත් එහෙමනේ. මෙලෝ ගැලපීමක් නෑ. අපි අපිම මහන්සිවෙලා කෑලි අහුලගෙන ගලප ගත්තොත් තමයී.
දැන් ඇති. මට කම්මැලියි. ටටා!!! බායී !!!