පරිස්සමින් යාළුවා, උඹ මේ කියවන්නෙ මාව | Beware of the content amigo |
Saturday, May 23, 2020
විටා
මචං විටා,
මේ ලෝකේ මං විශ්වාස කරන්න පුරුදු වෙච්චදේවල් ගැනම මට දැන් තීන්නෙ පුදුමාකාර සැකයක්.
හොද දේවල් කරන්න, හොද විදියට කාටවත් කරදරයක් නොකර ජීවත් වෙන්න, කවදාවත් වරදින්නෑ කියලයී අපි අහල තියෙන්නෙ.හොද වැඩ කරන මිනිස්සු, යහපත් විදියට ජීවත් වෙන මිනිස්සු දෙවියො ආරක්ශා කරනව කියලයී අපිට උගන්නල තියෙන්නෙ.
මුලින්ම උඹේ අම්මව මේ ලෝකෙ උදුර ගත්තා. ඒ වේදනාව දරාගෙන ආයෙමත් හිනාවෙන්න උඹ පුරුදු උනා විතරයී හුස්මක් ගන්නවත් ඉඩ නොතියම තාත්තවත් මේ කරුමක්කාර ලෝකෙ උදුරගත්තෙ පට්ටම අසාධාරණ විදිහට.
ඒත් උඹ මේ ලෝකෙ ගැන විශ්වාස කරන එක අතෑරියෙ නෑ. හොද දේ ගැන යහපත් විදියට ජීවත් වෙන එක ගැන කවදාවත්ම සැකයක් උඹට තිවුනෙ නෑ.
කවද හරි දවසක උඹේ හීන වලටත් මේ ලෝකෙන් ඉඩක් හම්බෙයී කියන බලාපොරොත්තුව හැමදාම උඹේ අහිංසක ඇස් වල ලියැවිල තිබුනා.
කාටවත් වරදක් නැති උඹ, ජීවිතේට දැකල නැති එකෙක් උදවුවක් ඉල්ලුවත් නෑ - බෑ කියන වචනෙ නොකියපු උඹ, යාළුවෙක් වෙනුවෙන් බොක්කම උනත් ගලවල දෙන්න දෙපාරක් නොහිතන උඹ...
මං අහන්නෙ ඇයි දෙයියනේ උඹවම?? ඇයී මේ ලෝකෙ උඹටම මෙහෙම කරේ??
මේ ලෝකෙ හොද මිනිස්සු ඉන්නෙ හරිම අඩුවෙන්. එහෙම ඉන්න උන් වත් උදුරගත්තම කොහොමද මේ ලොකෙ යහපත කියල දශමයක් වත් ඉතුරුවෙන්නෙ?
මේක මහ තුච්ච කාළකණිනි ලෝකයක්. හීන දකින්නත් බය වෙච්ච උඹ හීන එක්ක හිනා වෙන්න පටන් ගත්ත විතරයී. අන්තිමට උඹටම කියල ඉතුරු වෙච්ච එකම දේ - උඹේ ජීවිතේ , ඒකත් උඹෙන් උදුරගත්තා.
මට දැන් ලෝක ධර්මතාවය ගැන, ස්වභාධර්මයේ නීතිය ගැන, සාධාරණත්වය ගැන,යහපත් දේම කරන්න කියන එක ගැන තියෙන්නෙ පුදුමාකාර සැකයක්. අපි විශ්වාස කරපු, අපිට සමාජය විශ්වාස කරන්න කියල දීපු හොද නරක ගැනත් දැන් මට විශ්වාසයක් නෑ...
හැබැයී මොනා උනත් දිව්‍යලෝකෙ කියල තැනක් මේ විශ්වයේ තියෙනවනම් එහේ ඉන්නව කියන දෙවියො හරිම වාසනාවන්තයි. මොකද විටා, උඹ එහෙට යන නිසා.
කොච්චර ප්‍රශ්ණ තිවුනත් අම්මටයී තාත්තටයී උඹට පුළුවන් තරමටත් වඩා උඹ යුතුකම් කරා. යාළු මිත්‍රයන්ට නෑදෑයන්ට මොනම හරි අවස්ථාවක උදවුක් ඕනි උනානම් කාටත් කලින් උඹ එතන ඉදියා. ඒ නිසා මේ ලෝකෙ පසුතැවෙන්න කියල දෙයක්, බරක් උඹේ හිතේ නෑ.
පරිස්සමින් පලයන්. අම්මයි තාත්තයී දෙන්නම උඹව පිළිගන්න බලාගෙන ඇති. ඒ දෙන්නම වාසනාවන්තයී හුගක් උඹ වගේ පුතෙක් ලබන්න.
දුක්වෙන එක, විලාප ගහන එක අපිට තියලා හැමදාම පුරුදු අහිංසක හිනාවත් එක්ක සතුටින් උඹ පලයං යාළුවා. ආයෙ හම්බෙන දවසක මෙහෙම ඉක්මනට දාල යන්න නම් හිතන්නවත් එපා.
උඹට නිවන් සුව!!!
මීට,
සදා නොවෙනස් ,
නෙකා.
Labels:
ලියපු කතා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment