ආදරණීය වර්ශා........ සිහින් පොද වැස්සක්ව ආව මතකය් නුඹ සෙවනක්වත් නැතිව මග උන්නු මා වෙත.... කාස්ටක ගිනියමට කරුකුට්ටන් වෙච්ච අහින්සක මගේ හිත ඉපිලුනා සතුටින්..... මුලු හදම උඹෙ නමට ලිව්වෙ සින්නක්කරම පුන්චි පොද පොකුරු විත් ඇවිදිද්දි ලය මත..... ඉඩ දීල තෙමන්නට හිතපුරා මගේ වත බලාන හිටිය මන් උඹේ දඟකාර කම්....... තෙත බරිත මා දිහා සමහර උන් බලා ඔච්චමට හිනැහුනා පිස්සෙක් යැය් කියා...... ඕව මොනවද සුදූ නෑ ගනන් ගන්නෙ මම ආදරෙය් පණ මගේ වැහි කුමරි ඔයාට.... ටික වෙලාවක් යද්දි පොද ටිකක් ලොකු උනා මහ වලාවක් වෙලා මාව අසරණ කලා...... සෙවනක් වත් නැතිව මග හිටිය මා වෙතට පොද වැස්සක්ව විත් සැනසිල්ල දුන් ඔයා අනෝරාවක් වෙලා ඔළුවට වැටෙද්දි ඇට කටු පෑස්සෙන වේදනාවක් දැනුනෙ....... ඒත් මන් ඉවසුවා ආදරේ ගැන සිතා තව මොහොතක් යද්දි නොකියාම ඔබ ගියා..... අනෝරාවක් වෙච්ච පොද වැස්සෙ කියාපන් හැර යන්න නම් ආවෙ ඇය් මගේ ලඟ රැඳුනෙ......
පරිස්සමින් යාළුවා, උඹ මේ කියවන්නෙ මාව | Beware of the content amigo |
Thursday, January 14, 2016
Labels:
නිසදැස්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment