හන්තාන සඳවතිය
පෙනෙන්නට අද නැතිය
මුදු සුළඟ හිතවතිය
කිමද මේ විපැත්තිය....
පෙනෙන්නට අද නැතිය
මුදු සුළඟ හිතවතිය
කිමද මේ විපැත්තිය....
සුන්දර වනපතිය
තවම සුසුමන් ලතිය
පුදුමයක් නොවැ මගිය
නොදන්නෙද උනු හදිය....
තවම සුසුමන් ලතිය
පුදුමයක් නොවැ මගිය
නොදන්නෙද උනු හදිය....
අහස් ගඟ නිහඬය
සමනල්ලු ඈතය
සියොත් ගී රාවය
නෑ කිමද මේ ගතිය...
සමනල්ලු ඈතය
සියොත් ගී රාවය
නෑ කිමද මේ ගතිය...
අහන් එහෙනම් මගිය
උඹට මතකත් ඇතිය
ඇගේ මන්දස්මිතිය
කැන්දුවා මෙහෙට සුගතිය.....
උඹට මතකත් ඇතිය
ඇගේ මන්දස්මිතිය
කැන්දුවා මෙහෙට සුගතිය.....
ලා රෝස වසන්තය
හැඩකල පේරෙ භූමිය
සුවිසල් වන්ස්පතිනිය
රොබරෝසියා විය ඇය.......
හැඩකල පේරෙ භූමිය
සුවිසල් වන්ස්පතිනිය
රොබරෝසියා විය ඇය.......
පෙම්වතුන් හමුවිය
ඇය උන් සෙවනවිය
කලාවට පිහිට විය
පේරෙ වල හැඩ විය....
ඇය උන් සෙවනවිය
කලාවට පිහිට විය
පේරෙ වල හැඩ විය....
සිහිවෙනව අතීතය
සුවඳ දේ ඇගෙ මතකය
ඇහුනද අර අර ඉකිය
හන්තාන වැලපෙන සැටිය........
සුවඳ දේ ඇගෙ මතකය
ඇහුනද අර අර ඉකිය
හන්තාන වැලපෙන සැටිය........
කතා දහසක් ලියවිය
දශක ගනනක් ගත විය
ඒ සොඳුරු රුවැත්තිය
ලස්සන කලා සරසවිය....
දශක ගනනක් ගත විය
ඒ සොඳුරු රුවැත්තිය
ලස්සන කලා සරසවිය....
රොබරෝසියා වසන්තය
දැවුනෙ නෑ එක්ක චිතකය
නොමැකේවි ඇගෙ මතකය
ගිහින් එන්නම් හිතවතිය.......
දැවුනෙ නෑ එක්ක චිතකය
නොමැකේවි ඇගෙ මතකය
ගිහින් එන්නම් හිතවතිය.......
........ආදර රොබරෝසියා..., සැබවින්ම මා නුඹට පෙම් කලා.......
No comments:
Post a Comment