Thursday, January 14, 2016


ආදරණීය වර්ශා........

සිහින් පොද වැස්සක්ව
ආව මතකය් නුඹ
සෙවනක්වත් නැතිව
මග උන්නු මා වෙත....

කාස්ටක ගිනියමට
කරුකුට්ටන් වෙච්ච
අහින්සක මගේ හිත
ඉපිලුනා සතුටින්.....

මුලු හදම උඹෙ නමට
ලිව්වෙ සින්නක්කරම
පුන්චි පොද පොකුරු විත්
ඇවිදිද්දි ලය මත.....

ඉඩ දීල තෙමන්නට
හිතපුරා මගේ වත
බලාන හිටිය මන්
උඹේ දඟකාර කම්.......

තෙත බරිත මා දිහා
සමහර උන් බලා
ඔච්චමට හිනැහුනා
පිස්සෙක් යැය් කියා......

ඕව මොනවද සුදූ
නෑ ගනන් ගන්නෙ මම
ආදරෙය් පණ මගේ
වැහි කුමරි ඔයාට....

ටික වෙලාවක් යද්දි
පොද ටිකක් ලොකු උනා
මහ වලාවක් වෙලා
මාව අසරණ කලා......

සෙවනක් වත් නැතිව
මග හිටිය මා වෙතට
පොද වැස්සක්ව විත්
සැනසිල්ල දුන් ඔයා
අනෝරාවක් වෙලා
ඔළුවට වැටෙද්දි
ඇට කටු පෑස්සෙන
වේදනාවක් දැනුනෙ.......

ඒත් මන් ඉවසුවා 
ආදරේ ගැන සිතා
තව මොහොතක් යද්දි
නොකියාම ඔබ ගියා.....

අනෝරාවක් වෙච්ච
පොද වැස්සෙ කියාපන්
හැර යන්න නම් ආවෙ
ඇය් මගේ ලඟ රැඳුනෙ......



උගේ ලෝකය....




අද උදේ වැඩ පොලේ
හිටියෙ මන් නිදහසේ
ඇල වෙලා බන්කුවක
තනිවෙලා හීනෙක.....
ඒත් එක පාරටම
ඇහුන මට සද්දයක්
කීස් ගා මුමුනනව
කොහේ හරි මීයෙක්......
සද්දෙ එන පැත්තට
කන ටියුන් කරගෙන
යද්දි මම නැවතුනේ
කුණු බක්කිය ගාව....
අඹ ගහේ ජම්බෝල
මෙන්න බොල මීයෙක්
බල්ටි ගහමින් නටයි
කුණුගොඩේ ගිලෙමින්.....
අනේ පවු මොකා උව
පණ ඇති සතෙක් නොවැ
උදවුවක් කලයුතුය
මූ ගොඩ ගත යුතුය......
සිතා එලෙසින් මම
ලන් වෙලා බක්කියට
ආදරෙන් ඇමතුවේ
අසරණ මීයාට....
අඩෝ මී රාළෙ
උදවු කරනට ආවෙ
එල්ලිලා මේ ලණුවෙ
හනික එලියට එන්නෙ......
මෙන්න බොල ඒ පාර
විරිත්තයි ඌ මට
ඔරවයි ආයෙමත්
බදාගෙන කුණු ගොඩ....
මොකද බොල ඉස්ගෙඩියො
අමු කැවිලද උඹට
දෙනව හොම්බෙන් යන්න
වරෙන් හනිකට ගොඩට.....
අනේ බන් මහත්තයො
උඹේ ඔය කරුණාව
තියාගෙන උඹ ලඟම
පලයන් යන අතක....
ෆුල් සොමියෙ මම ඉන්නෙ
රස කෑම ගිලිමින්නෙ
මේ වගේ සුර ලොවක්
වෙන කොහෙද පවතින්නෙ.....
ඒ නිසා පවු නොදී
පලයන් මහත්තයො
මගේ සැප ඉවසන්න
බැරි නිසයි උඹ ආවෙ......
හෙන ගාපිය තොට
අමන බටු හොටු මීය
උදවුවට ආ මටම
නරි වදන් පවසනා....
අනේ මෙහෙමත් එවුන්
ඉන්නවනෙ මේ ලෝකෙ
කුණු කකා එහිම හිඳ
නියවයි 'මිනිසුන්ට'.......

ඇගේ මතකය - දැවුනෙ නෑ එක්ක චිතකය.....




හන්තාන සඳවතිය
පෙනෙන්නට අද නැතිය
මුදු සුළඟ හිතවතිය
කිමද මේ විපැත්තිය....
සුන්දර වනපතිය
තවම සුසුමන් ලතිය
පුදුමයක් නොවැ මගිය
නොදන්නෙද උනු හදිය....
අහස් ගඟ නිහඬය
සමනල්ලු ඈතය
සියොත් ගී රාවය
නෑ කිමද මේ ගතිය...
අහන් එහෙනම් මගිය
උඹට මතකත් ඇතිය
ඇගේ මන්දස්මිතිය
කැන්දුවා මෙහෙට සුගතිය.....
ලා රෝස වසන්තය
හැඩකල පේරෙ භූමිය
සුවිසල් වන්ස්පතිනිය
රොබරෝසියා විය ඇය.......
පෙම්වතුන් හමුවිය
ඇය උන් සෙවනවිය
කලාවට පිහිට විය
පේරෙ වල හැඩ විය....
සිහිවෙනව අතීතය
සුවඳ දේ ඇගෙ මතකය
ඇහුනද අර අර ඉකිය
හන්තාන වැලපෙන සැටිය........
කතා දහසක් ලියවිය
දශක ගනනක් ගත විය
ඒ සොඳුරු රුවැත්තිය
ලස්සන කලා සරසවිය....
රොබරෝසියා වසන්තය
දැවුනෙ නෑ එක්ක චිතකය
නොමැකේවි ඇගෙ මතකය
ගිහින් එන්නම් හිතවතිය.......
........ආදර රොබරෝසියා..., සැබවින්ම මා නුඹට පෙම් කලා.......

ඩයිමෙන්ශන්ස් ඔෆ් ඇගේ ලවු....




අහස තරම් උසට
සයුර තරම් ගැඹුරට
පොළව තරම් පලලට 
ඩය්මෙන්ශන් කිව්ව
උඹේ පිවිතුරු ආදරය
සුළග වගේ හනික
ඇවිත් දැවටී මා ලඟ
සියොළගම අරක්ගෙන
දිව්වත් මගෙන් ඈතට
සත්තය්......
ඉර දහසක රස්නෙට
පිළිස්සී දැවී උණුවෙන
යවට මෙන් දිය වෙලා
රුහිරු වැල් ඉහිරිලා
ඉකිබිදින සන්තාන
හෙට ගියත් මියැදිලා
නෑ තරහ සුදු මැණිකෙ
ආදරෙයි සදහටම
උඹයි මගෙ එකම පෙම.....