නිශායම තිමිරපට ඉරා පෑයු තරිදු
මිහිමතට සොමිකිරණ එවය් පිනි වැහි එක්ක
සියොලග කිතිකවන මද සුළගට නටන
දුටුවෙමි කඩුපුලී නිශායම ලොව දකින .....
හෙමිහිට සීරුවෙන් සොමිකිරණ අස්සෙන්
පෙතිපොඩි විහිදුවා බලය් ඈ නුබ ගැබ
තරුකැට පිරිවරා කිරණ වැල් විහිදුවා
අහස් කුස මෝදුවුණු තරිදු ඈ දුටුවා........
මගේ ලොව එළිකලේ මොහුමැය් සිතුවා
සදුතමය් මේ දියතෙ තුමුල රිවි සිතුවා
එහෙත් අළුයම එක්ක රිවිදු ලොව බැලුවා
ප්‍රභාතය පැතිරෙත්ම තරිදු පැන දිව්වා .......
ඉර පෑයු ලොවට සදු අමාවක බව
ඉරෙන් හොරකම් කල කිරණ රැය පුරා පැතිරු බව
පවසන්න රිවිදහර කඩුපුලි සොයා එන
එහෙත් කරුමෙක මහත මෙලොව හැර ගොසිනි ඇය......
පට්ට ඈ...ඩොලර් සිරාවටටම
ReplyDelete