ඈ මා ඉදිරිපිට ම
මා සිත ඩැහැගත් අධිමාත්‍රික හුරතලය
වෙන කෙකුගේ උරහිසෙහි එල්ලී
ප්‍රගුණ කළා ය
මට වඩා
සිය දහස් ගුණයක් වැඩියෙන්...
මොනව කරන්න ද කරුමෙට
ඒ හුරතලය දැක දැක
සිය දහස් ගුණයක් වැඩියෙන්
නැවත ත් බැඳුනි මේ සිත
ඈ කෙරෙහි
අප්‍රමාණික ප්‍රේමයෙන්...
ඒ චැප්ටරය නිමි - ඔබට සුබ පතමි
දැක්කොත් කියවන්න, පසුව මේ ටික ලියා තබමි!
ඉතින් ප්‍රියාවිය
ඔබ දැන ගත යුතු ය
අධිමාත්‍රික හුරතලය
එකල්හි සුන්දර මුත්
මෙකල්හි බොහෝ කටුක ය
එකල්හි ඖෂධ මුත්
මෙකල්හි හලාහල විස ය...
ඒ නිසා කරුණාකර
නැවත මා ඉදිරියට නො එන්න!!!
කිසිදා වෛර කළ නොහැකි
ඔබ ඉදිරියේදී නැවත ත්
ප්‍රේමය පුපුරා යාවි දෝ සැකයි
සිත ඇද බැඳ තබාගෙන සිටින
බර යදම් දියවී
හනි හනික දුව විත්
ඔබව බදා ගැනීමට සිතේවිදෝ බය යි...
ඒ නිසාවෙන් ඈතින් සිටින්න
මිලිමීටරයක්වත් අත නොහැර
ප්‍රේමය ම පෙර පෙරා ගොඩ ගහපු පිරිමි පපු
සුළු උත්ප්‍රේරණයකදී උව
වහා උත්ප්‍රාසයෙන් ඇවිලෙන සුළු යි...
-තිලංක තේනුවර-