" ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ක්‍රියාත්මක කලයුත්තේ ඉහල නිළධාරීන්ගේ ඕනෑම නියෝගයක් නොව නීත්‍යානුකූල නියෝගය පමණි.
ප්‍රේමවතී මනම්පේරි නඩුව - ගරු අධිකරණය"
උපුටා ගැනීම අවසන්...
ඔසවා කඩු කිණිසි තෝමර පොලු මුගුරූ
කොහොමට පුතේ සටනට එනු වී හතුරූ
ඉවසනු බැරිම තැන පාරට බැසි සොයුරූ
මඩලනු එපා නිල බල පෙන්නා නිසරූ
පාගා තලා මිරිකා රට වැසි පොකුරූ
පිට රට වල තනා ඇත උන් රජ මැදුරූ
මෙච්චර සාප දෙද්දිත් සොහොයුරු මිතුරූ
තාමත් හෝදන්නෙ ඇයී උන්ගේ වසුරූ
ගෑස් කුමට කදුළින් පෝසත් නෙතට
වතුර පහර නම් රිදුනා පුත ඇඟට
මොහොතක් නැවතියන් ගද්දී අවි අතට
එල්ලය අග කවුරුද පෙනුනේ උඹට...
මීට,
උඹට එදා පැඟිරිවත්තෙදි හම්බ උනු කාගේ හරි තාත්තෙක්...
#riseforachange #beforethe3rd #flightඑකවෙනුවටfightඑක #hailtothebravehearts
No comments:
Post a Comment