බෙහෙතකට තරුවක්වත් නැති අමාවක රෑක
මෙලෝ ප්‍රාණියෙක් නැති පාළු පාරක් මැද්දෙ ඉදගෙන
ආසයි මට උඹට වෙරි වෙන්නම පොවන්න
ඊට පස්සෙ උඹත් එක්ක
සූස්තියක් අදින ගමන්
ඉර පායනකම්ම දොඩමළු වෙන්න...
මචං අහස,
මේ ලෝකෙ කොයී කාටත්ම වඩා
කියවන්න දේවල් ඇති නේද උඹට සිරාවට...
මොනා කරන්නද කරුමෙට
උඹත් ආවෙ සෙට් වෙන්න මරුම දවසක
අමාවක උනත් පෝය කොට
අරක්කු කොහෙ හොයන්නද රෑ දොළහට එකට....
No comments:
Post a Comment