නුඹ කෙරේ පපු තුරේ ආලයම කොතරම්
පෙරි පෙරී ගොඩ ගැහෙයි මටත් නෑ ඉඩ නම්
රළ වගේ වෙරළ දුටු සුසුම් නැති ඉවසුම්
ගොළු වෙලා ගිලුන හැටි ප්‍රේමිය දනී නම්...
සොදුර නුඹ ප්‍රේමයට නව අරුත් සොයාවී
මගෙ හිතේ දිග පළල ටිකෙන් ටික මනීවී
හිත පුරා සැරි සරන නුඹෙ රුවම දකීවී
මේක නම් පිස්සුවක් ආදරෙන් කියාවී...
හීනෙකින්වත් එහෙම නොවෙන බව ඇත්තයී
හැමදාක මගෙ හැගුම් නිහඩ බව සත්තයී
දුරින් ඉමි සොදුරියට සැපතනම් එයමයී
මිතුර තහනම් පෙමට නම් තබනු අකැපයී
No comments:
Post a Comment