පරිස්සමින් යාළුවා, උඹ මේ කියවන්නෙ මාව | Beware of the content amigo |
Saturday, June 11, 2016
කෝච්චියේ කතාව...
වෙලාව පෙරවරු දහයට කිට්ටු වන්නට ඇත....හලාවත බලා ඇදෙන දුම්රියට මා කොටුව ස්ටේශමෙන් ගොඩ උනේ කටුනායක යන්නටය.....දීර්ග ගමනක් යායුතු උවත් දුම්රිය ඉදිරියට ඇදුනේ කිසිදු හදිසියක් හෝ කලබලයක් නොමැති ගානටය.....කවදත් දුම්රියේ ගමනට ආශා කල මා ලතාවට හෙමි හෙමින් ඉදිරියට ඇදෙන දුම්රියේ ඩක ඩකස් සද්දයත් යකඩ පීලි මත ඇතිල්ලෙන රෝද මුදු සුලගට වරින් වර එකතු කරන්නා වූ කලුතෙල් ගදක් වන් පුස්ඹත් හිතපුරා විද ගත්තේ කවුලුවෙන් එපිට කාත් කවුරුත් නැති ඉසවුවක් බලා දෙනෙත් නාභිගත කරනා ගමන්ය.....
අද මා සිටි දුම්රිය පෙට්ටිය පිරී තිබුනේ පුදුමාකාර හිස් බවකිනි....සමහර විටක ඒ අද මගීන් අඩු නිසා විය හැක....
ම්හ්හ්....නැත...මෙහෙ කුමක් හෝ වෙනත් අඩුවක් ඇති බව මා සිත පවසයි.....බොහෝ දුර ඈතක අතරමන්ව තිබූ දෙනෙත් ආයාසයෙන් සොයාගෙන මදකට දුම්රිය මැදිරිය විපරම් කලෙමි.......
හිතවත...,කාරනය පැහැදිලිය....අද මේ වෙනසට හේතුව මගීන් අඩුකම නම් නොවේ.....වෙනදා දුම්රිය පිරෙන්නට තිබුනු අතොරක් නැති කතාවන් සහ ඕපාදූප සන්ගම් අද නිවාඩු ගෙන ඇති හැඩකි......
පුද්ගලිකව මා නම් ඔවැනි සන්ගම් ප්‍රිය කරන්නේ නැත.....රමන්ට හැදුනු හෙම්බිරිස්සාවත්,ඉශිතාගේ සාරියේ පොට ගානත්,අල්ලපු ගෙදර නන්ගිගේ කොට ගවුමත් හැරෙන්නට ඔවුනට වෙනත් ජාතික ප්‍රශ්න නොමැති තරම්ය.........
නමුත් ඉදහිට මාද ඔය කතාවන් වලට ප්‍රිය කරමි....ඒ ඔවුන් දුම්රිය මැදිරියට ගොඩවන කවුරුන් හෝ ලස්සන නන්ගි කෙනෙක් ගැන කතාකරන විටය.....
හෝදන්න දෙයක් නැත.....ඒවැනි අවස්තාවක ඇගේ දුරකතන අන්කය හැරෙන්නට අනෙකුත් විස්තර සියල්ලම පාහේ ඕපා සන්ගමය මගින් ඔබට දැන ගත හැක......
කෙසේ හෝ වේවා අද මේ ඇති නිස්කලන්ක බාවයත් මා එතරම්ම ප්‍රිය නොකරමි....මක් නිසාදයත් උස් හඩින් නැගෙන සිනාවන් සහ අනේක විද මාතෘකා ඔස්සේ හිතු මනාපෙට දොඩවන උන්ගේ හඩත් නොමැති තැන තව දුරටත් මා මේ ගමන් කරන්නේ දුම්රියකදැය් හැගෙන තරමටම එකී සන්ගම් මේ දුම්රිය සන්ස්කෘතියේ අත්යාවශ්යම කොටසක් බවට පත්ව ඇත....
හදිසියේම දුම්රිය තුල වූ දැඩි නිශ්ශබ්දතාවය බිදිමින් මැදිරියතුලින් මතුවූ විරිදු හඩක් සියුමැලි සුලන් පහරක් හා එක්ව සවනත දැවටෙන්නට වූයෙන් මාද හිස හරවා ඒ මේ අත බැලුයේ කට හඩේ අයිති කරුවා කවුරුන්දැය් සොයාගන්නා අටියෙනි......
සුදු සැරයටියකින් පාර අසමින් තරමක් මැදිවියේ මිනිසකු මැදිරියේ කෙලවරකින් මතු වූයේ විරිදු පද පේලි දෙක තුනක්ද කියාගෙනමය......
ඔහු පැවසූයේ මොනාදැය් හරි හැටි ඇසුනේ නැතිමුත් විමසිල්ලෙන් ඔහු දෙස මොහොතකට බලාසිටින්නෙකුට ඔහුගේ කටෝර ජීවිත කතාව තේරුම් ගැනීම එතරම් දුශ්කර කර්තව්යක් නොවෙනු ඇත.....
වරින් වර වත'ග මතුවෙන දාදිය කඳුලු අසරණකමත්,අහින්සකකමත් සගවාගනිමින් ඔහුගේ මූනත බැඳි දූවිලි බදාමය සෝදාහරින්නට නිරන්තර වෙහෙසෙද්දී අනුකම්පා විරහිත සුලන් පහරින් ඒ දාබිදු සියල්ල වාශ්ප කර දමනයුරු මා නිහඬවම බලා සිටියෙමි......
සැබවින්ම මේ මිනිසුන් ජීවිතය වෙනුවෙන් කෙතරම් නම් යුදයක් කරනවාද???බෙලෙක් සාඩින් ටින් එකක් සොලවමින් එක එකා අසල දැවටෙමින් මේ යදින්නේ මුදල්ද නොඑසේනම් මිනිස්කමදැය් මා තවමත් කල්පනා කරමි......
ඔහුගේ බෙලෙක් ටින් එක ලගට එන විටදී නිදා වැටුනු නෝනා මහත්තුරුද,නෑසූකන්ව ඔහේ බකන් නිලා සිටියා වූ ඇත්තෝද බොහොමයක් දෙනෙකු අද මා දුටු බව පැවසිය යුතුමය...
තවමත් මා කල්පනා කරන්නේ ඔවුන් ලග නොතිබුනේ ඔහුට දීමට තරම් මුදලක්ද නොඑසේ නම් මනුස්සකමද යන්නය......
නිමක් නැති කල්පනා ලොවක,ජංගමය සමග හුදෙකලාව රසවිදිමින් අකුරු කැටපත් කරමින් උන් මා දෙස කිසිවකු හෝ බලා සිටින්නාක් මෙන් හැගුනු නිසා මා හිස ඔසවා වට පිට බැලූයේ දිගුවේලාවක් වචන රචනා කිරීමෙන් විඩාපත් ඇගිලි තුඩුවලට මද විරාමයක්ද ලබාදෙමිනි........
දුම්රියේ වේගයට දෙපලුවී යන පතාක සුලන් දාරාවන් හිටි හැටියේම මැදිරිය තුලට අනවසරයෙන් කඩාපනින්නේ අපවද ගසාගෙන යන්නට තරම් වේගයකිනි......උන් දුම්රිය සමග ඇති ආරෝව අපෙන් පිරිමහන්නට හදනවා විය යුතුය......
මැදිරියට කඩාවදින හිතුවක්කාර සුලන් රැලි හා වෙලෙන්නට වෙර දරන අකීකරු කෙස් කළඹ එක අතකින් ඩැහැගෙන මද සිනා පාමින් මනාවට ඔප දැමූ වීදුරු බෝල දෙකක් මෙන් දිස්න ගහන දෙනෙත් මා දෙසට යොමුකරමින් බලාන සිටි පියකරු යුවතිය මා දුටුවේ ඊලගටය....
සහතික වශයෙන්ම විටක සිනාසෙමින්,විටක ජන්ගමය ඔබමින් සහ තවත් විටක ඔහේ බලාන හිදිමින් ගමන් කරන්නා වූ මේ පිටසක්වලයා මොකෙද්දැය් කියා තහවුරුකර ගැනීමට උත්සාහ ගන්නවා විය යුතුය.....
මාද ආයාසයෙන් මෙන් ඇය සමග සිනාසුනේ මේ ප්‍රහෙලිකාත්මක පියකරු යුවතිය කවුරුන්දැය් හදුනාගැනීමට සිතතුල උපන් ආසාව සිනහව තුල සගවා ගනිමිනි.....එහෙත් ඊලග නිමේශයේ ඇයට පිටු පසින් වෙන්නට මා හදිසියේම දුටුවේ බොහෝ හුරුපුරුදු නාම පුවරුවකි......
"ඉංජිනේරු තාක්ශණ ආයතන ශිෂය නේවාසිකාගාර..."
අම්මට හුඩු....යකෝ හොස්ටෙල් එක ලගටත් ඇවිත්නෙ.......
හනි හනික බෑගය අතට ගත් මා දුම්රිය නැවතූ විගසම මැදිරියෙන් එලියට පැන්නේ ඒ පියකරු යුවතිය දෙස මොහොතකට බලා හිඳ සමුගන්නට ඇගෙන් අවසර ඉල්ලමිනි.........
Labels:
ලියපු කතා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment