Monday, June 20, 2016

සබඳ විමසූ නිසා පවසමි......වරෙක මමද පෙම් කර ඇත්තෙමි.......



ඇටකටු පෑස්සෙන තරමේ සීතලක් ගුලි කරන් ඉබාගාතේ දුවන කෝඩුකාර සිසිර සුලන් වැල් ගිම්හානයේ විඩාපත් තුරුලතා අස්වසාලීමිට මෙන් උන් අතර අගර දගර පාමින් දැවටෙද්දී රක්තවර්න තුරුපත් අතරින් වසන් වන ශාරදාකාශ දෙස හැගීම් විරහිතව මම ඔහේ බලා සිටියෙමි......

ඉද හිට කවුලුවෙන් එබෙන ලාමක වැහි පොදයක් දෙකක් දාබිදු සහ දුහුවිලි මාත්‍රනයෙන් වසාගත් මූණත සිප ගනිද්දී බොහෝ දුර ඈත ඉසවුවක තනිවී වෙහෙසකර ජීවිතයෙන් නිමේශයකට පැනයාමට මාන බලමින් සිටි මසිත කිසිවකු විසින් නැවතත් අල්ලා විලන්ගු ලෑවාක් වැනි හැගීමක් සිත ගැබුරේ මෝදු වන්නට ඇත්තේ ලපටි වැහි පැටවුන් මාගේ සිතුවිලි ලොවට බාදා කල නිසාවෙන් විය යුතුය.....

"එන්න...ටවුන් හෝල් බැහැගන්න..ඉක්මන් කරගන්න...ඉක්මන් කරගන්න....."

බස් රියේ කොන්දොස්තර මහතාගේ කෑගාමත් සමග පියවිලොවට පිවිසුනු මා හනි හනික බසයෙන් බැහැගත්තේ දිගු නින්දකින් එවෙලේ නැගිට හෝන්දු මාන්දු වූ එකෙකු විලසය.....

මදවේලාවක් බස් නැවතුමට වී මම අහසේ එහාට මෙහාට පාවෙන කාලවර්ණ වැහි වලා දෙස ඔහේ බලා සිටියෙමි......තව නොබෝ වේලාවකින් කොලඹ වීදි ඉතිරී යන්නට මහා වර්ශාවක් කඩා වැටෙන ලකුණු පෙනේ....ගිනියම් දුහුවිල්ල අවුලවමින් හිතුවක්කාර සුලන් වැල් වේගයෙන් එහාට මෙහාට යද්දී කඩි මුඩියේ මා මුහුනත වසාගත්තේ මද අප්‍රසන්න හැගීමක සේයා හිත අගිස්සේ මෝදුවෙන අතරේමය..

පුදුමයකි...ගමේ උන්නා නම් මා කිසිවිටෙක  මෙවැනි මොහොතක් මගහැරගන්නට හීනෙකින් වත් සිතන්නේ නැත.....දූවිලි සේලයේ වෙලී ඉබාගාතේ දුවන සීතල සුලන් පහර සමග ඒකාත්මිකව උඩුසුලගට අසු වූ වැහිලිහිණියකු මෙන් මාද නිදහසේ එහාට මෙහාට පාවීයන්නට ඉමහත් ආශාවක් දැක්වුවෙමි.....එතරම්ම මම වස්සානයට ආසා කලෙමි......

එහෙත් වැහිලිහිණියෙකුගේ සේයාවක්වත් නොමැති යවට මෙන් රස්නෙගහන සුලගට මුසුව ඔහේ පාවෙන වැහිවලා වසාගත් අදුරු වූ කොලඹ අහසට නම් මා කිසි දින මනාපයක් දැක්වූයේ නැති බව නම් පැවසිය යුතුමය.....වෙසෙසින්ම අද දිනයේ නම් මේ අදුරු බව මා සිත තුල ජනිත කරන්නේ මුස්පේත්තු බවක් හැරෙන්නට අන් කිසිවක්ම නොවේ......

සිතතුල උපන් නොපහන් හැගුම් පොදිය ඒ ඇසිල්ලේම පසෙකලමින් මා අත් ඔරලෝසුව දෙස බැලූයේ මා ප්‍රමාද වී ඇත්දැය් දැය් සැක හැර ගැනීමටය....නැත....සෑම දිනයක මෙන්ම අද දිනයේද මා වේලාසනින්ය....ඇය මට පැවසූයේ උදෑසන දහයය් තිහට පැමිනෙන බවකි.......ඇගේ පැමිනීමට තවත් පැය බාගයකට වඩා ඇත.....

"හ්ම්ම්...හෙමීට පාක් එක පැත්තට යනවා"

මටම එසේ මුමුනා ගත් මම හෙමි හෙමින් විහාරමහාදේවී උද්යානය වෙත නිහඩවම පිය නැගූයෙමි.........

නිමක් නැති මතක සේයා අතරේ ඇය සහ මා හමුවූ දුරාතීතය නෙත් අගිස්සේ සිතුවම් වන්නට පටන් ගත්තේ මාගේ අවසරයක් නොමැතිවමය....

නිශාවේ ගන තිමිරපට ඉරා ලොවට එබෙන කාන්තිමත් අරුණැල්ලක් මෙන් ඇය මා ජීවිතයට පැමිණි අයුර සිහිපත් වන විට සිතට දැනෙන නිරාමිශ සතුට වචන බවට පෙරලන්නට කෙතරම් මා උත්සාහ කලද අද වනතුරු ලැබූ සාර්තකත්වයක් නම් නොමැත....ඇය මට හමු වන්නේ මා ජිවිතය හොයාගෙන හා හාපුරා කියා කොලඹට පා තැබූ අවදියේමය....විශ්ව විද්යාල අද්යාපන කටයුතු අතරේම අමතර රැකියා කීපයකම නියැලීමට මා සිතුවේ ගෙදර ලොකු එකා හැටියට මට පැවරුනු වගකීම් සපුරාලන්නට මහපොළ පමනක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවුන නිසාවෙනි....බර හීන කදු පිටින් පොදි බැදන් ඉගිලෙන්ට වෙර දරන මේ ගමේ කොල්ලා දුටු විට ඇයට මුලින්ම මා ගැන ඇතිවන්නට ඇත්තේ අනුකම්පාවක් විය යුතුය.....ජීවිතය අහුලන් පියාබන්නට හදන මේ හිතුවක්කාරයා දෙස ඇය අනුකම්පාවෙන් බලා හිදින්නට ඇත.....
නමුත් ඇය නම් පවසන්නේ මා දුටු විගසම මා ගැන ආදරයක් ඇගේ හිත තුල මෝදු වූ බවය....
මා නම් එය විශ්වාස නොකරමි....කසිකබල් රබර් සෙරප්පු ජෝඩුවත් මාසෙකටවත් නොසෝදන අව පැහැ ඩෙනිමත් කවුරු හෝ රූමෙක් හැද ඉවතලූ ටීශර්ට් කැබල්ලකිනුත් සැරසී විශ්වවිද්යාල භූමියට ඇතුලුවන මා දුටු විගස ආදරයක් ඇතිවීම;මනා රූ සපුවක් ඇති ඇය වන් ධනවත් පැළැන්තියේ පොශ් කෙල්ලෙක් විශයයෙන් කිසි කලෙකත් සිදුවිය නොහැක්කකි.....අනෙක විශ්ව විද්යාලය තුල ඇයට ගැලපෙන පැළැන්තියේ උන් අනන්තවත් ඇගේ සිත දිනා ගන්නට වෑයම් කරනායුරු මම නිරතුරු දැක ඇත්තෙමි.......එවන් වටපිටාවක මා වැනි හඩ්ඩෙකු ගැන ආල හිතක් පහල වීම නම් විශ්වාසකල නොහැක්කකි.....

කෙසේ හෝ වේවා මාගැන ඇතිවූ අනුකම්පාවකට හෝ ඈ පවසන පරිදි ෆස්ට් ඉම්ප්‍රෙශන් ලවු කියාගන්නා මොකක්දෝ එකක් නිසාවෙන් දැන් ඇය මාගේ පෙම්වතියය්.....ඔවු...මේ දුප්පත් ගමේ කොල්ලාගේ හැඩකාර,කටකාර දඟකාර පෙම්වතිය ඇයය්.....

අප නිරන්තරයෙන්ම අසුන් ගැනීමට ප්‍රිය කල උද්යානය මද්යයේ ජල තටාකය ආසන්නයට වන්නට පිහිටි බන්කුව අසලට පැමිනි මා දිගු හුස්මක් ගත්තේ මෙපමන වේලාවක් කල්පනා ලොව අතරමන් වී හිද විඩාපත් මනසට මද විරාමයක් ලබා දීමේ අටියෙනි....

නැවතත් ඔරලෝසුව දෙස මොහොතකට බලා පහසු ඉරියව්ව්කින් බන්කුවේ හිදගත් මා උද්යානය සිවුදෙස විපරම් කරමින් මග බැලූයේ ඇය පැමිනෙනවා යැය් කියූ වේලාවට ආසන්නව තිබූ නිසාවෙනි.....

උනුන්ගේ ලෝක වල තනිවී හිත පුරා ආදරයේ පහස විදිමින් හිදිනා පෙම්වතුන් පෙම්වතියන් නිසාවෙන් විහාරමහාදේවී උද්යානය තවත් හැඩ වී ඇතැය් මට හැගේ.....ජාතියක්,ආගමක්,කුලයක්,පන්තියක් හෝ සමාජ සම්මතය විසින් බෙදා වෙන්කරන ලද බාධා කිසිවකට මැඩලිය නොහැකි ලොව ඇති එකම උත්තරීතර මානුශීය හැගීම ආදරය නොවේදැය් මොහොතකට මට සිතේ......අර්ථගැන්විය නොහැකි තරම් ගැඹුරු එහෙත් ඕනෑම ජීවියෙකුට වටහා ගැනීමට හැකි තරම් සරළ මේ විශ්වීය  භාශාවක් බදු ආදරය මා හට නම් විටෙක මහා සන්කීරණ ප්‍රහේලිකාවකි...

ඇගේ නිවසින් අපේ සම්බන්ධය ගැන දැන ගත්තේ මීට සතියකට පමණ පෙරතුවය.....එදා සිට අප ආදර කතාවට බාදාවන් පැමිණියේ එක පෝලිමටය....ධනවත් පවුල් පසු බිමක් ඇති ඇගේ නිවසින් නම් මා වැනි දුප්පත් කොල්ලෙකුට කිසි දින මනාප නොවනු ඇත.....ඒ යතාර්ථය මා තේරුම් ගෙන සිටියා වුවත් ඇගේ ආදරය අහිමි කර ගැනීමට තරම් ධෛර්යයක් මට නැත....එතරම්ම ඇය මා ජීවිතයට කිදා බැස ඇත.....

විටෙක මාද ,විදුලි පහන් එලියට පෙම් බදින කුඩා මෙරුවකු මෙන් නොවේදැය් මට සිතේ.....එහෙත් ඒ මරණීය ආදරය තුලද කිසියම් සුන්දරත්වයක් නැත්තාම නොවේ....සෑම විටම ආදරය යනු හිමිවීම හෝ හිමි කර ගැනීමම නොවේ යැය් මා කොහේ හෝ අසා ඇත.පරිත්යාගයද විශිශ්ට ආදර කතාවන් අවසන් වන තවත් ස්වරූපයකි.......එහෙත් ඒ ගැන වචනයකුදු හෝ කතා කිරීමට තබා සිතීම පවා ඈ විසින් මට තහනම් කර ඇත....ඇය පවසන පරිදි නම් ඇගේ ආත්මයේම අය්ති කරුවා මමය...මා නොමැති දිවියක් ඇයට නොමැත......
මිතුර ඉදින් මා කුමක් පවසන්නද..ඒ ඇගේ හැටිය....ඒ මගේ හිතුවක්කාර පෙම්වතියගේ හැටිය......ඇය නොමැති ආත්මයකින් මටද පලයක් නොමැති බව සටහන් කරනු කැමැත්තෙමි....

ඇය පැමිනීමට නියමිතව තිබූ වේලාව පසුවී හෝරාවක් ගෙවී ඇත.....කාලය මටත් නොදැනිම ගෙවී ඇති අපූරුව???අත රැදි ජන්ගමය ගෙන මා ඇයට ඇමතුමක් ගත්තේ ඈ ප්‍රමාද මන්දැය් විමසීමටය.....එහෙත් ඇගේ දුරකතනය ප්‍රතිචාර නොදක්වය්....නැවත නැවතත් උත්සාහ කලමුත් හඩ පටය දිගින් දිගටම පවසන්නේ ඇගේ ජන්ගමය ක්‍රියා විරහිත බවය....

කිසිදාක මෙසේ වී නැත....ඇයට කුමක් හෝ කරදරයක් වත්ද....නැත..එසේ විය නොහැක...ඇය බුද්ධිමත් යුවතියකි...ඕනෑම බාදාවක් සාර්තකව මැඩපැවැත්වීමේ සහජ දක්ශතාව ඇය සතුය......වේගයෙන් ගැහෙනා හදවත සනස්වමින් මම මටම පවසා ගතිමි......
සීරුවට වැටෙමින් තිබූ පොද වැස්ස මහා වැස්සක් වන පෙර ලකුණු පෙනේ...මෙපමණ වෙලාවක් මූසල වැහි අදුර තටම තටමා සිටියේ මෙයට නොවේද???....හිතින් වැහි වලාවට දෙස් දෙමින් මා නැවතත් ඇයට දුර ඇමතුමක් ගතිමි......

මෙවර නම් මා සාර්තක වූ හැඩය...දුරකතනය නාදවන බව හගවමින් බීප් නාදය ඇසේ.....මෙපමන වේලාවක් නොසන්සුන්ව තිබූ මනසට නිවනක් ලැබුනේ දැන්ය......එහෙත් ඊලග නිමේශයේ ඇය දුර ඇමතුම විසන්දි කලාය.....නැවතත් මා උත්සාහ කලෙමි...පෙර පරිදිම ඇය ඇමතුම විසන්දි කලාය....කිසිවකුත් සිතාගන්නට නොතබාම ගන්නා ගන්නා දුර ඇමතුම් ඇය විසින් විසන්දි කරනු ලැබීය.....

තෝරාගැනීමට නොහැකි සිතුවිලි දාමයක අතරමංවූ මා මෙසේ තවත් හෝරා දෙක තුනක් ගෙවන්නට ඇත..එහෙත් ඈ පැමිනියේ නැත.......
ලේ නහර විනිවිදින තරම් බරට කඩා වැටෙන අනෝරාවට හිතපුරා මා වත දැවටෙන්නට ඉඩ දුන්නත් හදවතේ උපන් වේදනා ගින්දර නිවන්නට නම් මේ පොද ළපටි වැඩිය........

හිත අගිස්සේ පුපුරු ගහන වේදනා ගිනි කැට නැවතත් ඇවිලෙන්නට පටන් ගෙන ඇත.....මේ ලියමන තවදුරටත් ලියන්නට ගියහොත් ඒ යටපත් වූ ගිනි පුපුරු නැවතත් ඇවිල මා සන්තානම දවා ආත්මයම අලු කරනු නිසැකය....එ නිසා මේ විරහව මෙතකින් අහවර කරන්නට ඔබ අවසර දේ යැයි මා සිතමි......

මුරුගසන් වරුසාවට තෙතබරිතව වෙහෙරමහදෙව් උද්යානයේ කෙලවර බන්කුවක වාඩිගෙන සිටි මා හදිසියේම ජන්ගමය දමා තිබූ සිලි කවරයෙන් එලියට ගත්තේ කෙටි පනිවුඩයක් ආ නියාවක් දැනුනු නිසාය.....හදවත මදක් නතර වූවාක් මෙන් දැනුනි....පණිවිඩය ඇයගෙනි......සීතලත් වේදනාවත් නිසා වෙවුලන ඇගිලි තුඩු වලින් ජන්ගමය තදින් ග්‍රහනය කරගෙන මා එය කියවූවෙමි.....එය මා ජීවිතයේ මෙතෙක් කියවූ අපහසුතම සහ  දීර්ගතම කෙටි පණිවුඩය බව පැවසිය යුතුමය....

එහි සාරන්ශයක් මා මෙසේ ලියන්නෙමි........

"සුදු මහත්ත්යා...අපිට මේ සම්බන්දෙ නවත්තන්න වෙනව රත්තරන්.....මට සමාවෙන්න....ඔයා හැමදාමත් කිව්වෙ ඔයාවය් අම්මලාවය් අතරින් කෙනෙක් තෝරගන්න උනොත් අම්මලව තෝර ගන්න කියලා....මට ඒ තේරීම අද කරන්න වුනා මගෙ දෙය්යො......සමාවෙන්න මට.....හැමදාමත් ආදරේ ඔයාට විතරමය්........."

මෙතුවක් කලක් අප දෙදෙනාම එකමුතුව හෙමි හෙමින් තැනූ සිහින මාලිග සියල්ලම නිමේශයකින් නෙත් මානයේ බොදවී යනයුරු මා කෙසේ නම් බලා හිදින්නද......විරහවේ වේදනාවන් ලෙයට මුහුව නහර වැල් ඔස්සේ හදවත වෙත ඇදී යනයුරු පපුකුහරය දෙබෑවෙන තරමේ වේදනාවක් උහුලමින් මම නිහඩවම විදගත්තෙමි.....වරින් වර ආකහේ පුපුරන විදුලි එලි අස්සෙන් නැගෙන ගෙරවිලි හඩද පරයා ලතෝනි ගසනා හදවතේ වේගවත් ලප් ඩප් ශබ්දය වාතලයට මුහු වෙද්දී යවට මෙන් රත් වූ කදුලු ගුලි නෙත් කෙවෙනි අගිස්සෙන් එලියට පැන්නේ මූනත වැගිරුනු වැහි පොදද ඇසිල්ලකින් වාශ්ප බවට පත්කරවමිනි.........මේ තරම් රුදුරු වේදනාවක් උහුලන්නට තරම් මේ අහින්සක ගමේ කොල්ලා සිදුකල පාපය කුමක්ද.....මා අසම්මතයක් නොකෙලෙමි.....ආදරය පමණක් කලෙමි.....
ආදරය යනු හිමි කර ගැනීමම නොවන බව මා ඇයට පැවසූවා මතකය....එහෙත් එකී කතාවන් ප්‍රායෝගිකව අත්විදින කල ආදරය වෙනුවෙන් ඉවසීම මෙතරම් දුශ්කර යැය් මම සිහිනෙකින්වත් නොසිතුවෙමි......මම පෙම් කලේ මිරුගුවකට නොවන බව තවමත් විශ්වාස කරමි.....මා පෙම් කලේ පෘතුවියට බොහෝ දුරින් ඇති සද මඩලටය...ඇයද ඒ ලෙසින්ම මාහට පෙම් කල බවට සැකයක් නැත......අප දෙදෙනා අතර ගොඩ නැගුනු මේ දුරස් බව දිනෙක මම ජය ගනිමි....එය කාලය සම්බන්ධ ගැටලුවක් පමණකි....

එලෙසින් මා ආත්මීය ආදර සන්ධ්වනිය නිමා විය....එනමුදු කිසිදා එය මා ඇය කෙරෙහි දැක්වූ ආදරයේ හෝ අපරිමිත ස්නේහයේ අවසානය නොවූ බව අවසානයේ පවසනු කැමැත්තෙමි.......

අවසානයට පෙර පවසමි.......හිතවත, "විමසූ නිසාවෙන් ලියූයෙමි.....මාද වරෙක පෙම්කර ඇත්තෙමි......."

Saturday, June 11, 2016

කෝච්චියේ කතාව...






වෙලාව පෙරවරු දහයට කිට්ටු වන්නට ඇත....හලාවත බලා ඇදෙන දුම්රියට මා කොටුව ස්ටේශමෙන් ගොඩ උනේ කටුනායක යන්නටය.....දීර්ග ගමනක් යායුතු උවත් දුම්රිය ඉදිරියට ඇදුනේ කිසිදු හදිසියක් හෝ කලබලයක් නොමැති ගානටය.....කවදත් දුම්රියේ ගමනට ආශා කල මා ලතාවට හෙමි හෙමින් ඉදිරියට ඇදෙන දුම්රියේ ඩක ඩකස් සද්දයත් යකඩ පීලි මත ඇතිල්ලෙන රෝද මුදු සුලගට වරින් වර එකතු කරන්නා වූ කලුතෙල් ගදක් වන් පුස්ඹත් හිතපුරා විද ගත්තේ කවුලුවෙන් එපිට කාත් කවුරුත් නැති ඉසවුවක් බලා දෙනෙත් නාභිගත කරනා ගමන්ය.....
අද මා සිටි දුම්රිය පෙට්ටිය පිරී තිබුනේ පුදුමාකාර හිස් බවකිනි....සමහර විටක ඒ අද මගීන් අඩු නිසා විය හැක....
ම්හ්හ්....නැත...මෙහෙ කුමක් හෝ වෙනත් අඩුවක් ඇති බව මා සිත පවසයි.....බොහෝ දුර ඈතක අතරමන්ව තිබූ දෙනෙත් ආයාසයෙන් සොයාගෙන මදකට දුම්රිය මැදිරිය විපරම් කලෙමි.......
හිතවත...,කාරනය පැහැදිලිය....අද මේ වෙනසට හේතුව මගීන් අඩුකම නම් නොවේ.....වෙනදා දුම්රිය පිරෙන්නට තිබුනු අතොරක් නැති කතාවන් සහ ඕපාදූප සන්ගම් අද නිවාඩු ගෙන ඇති හැඩකි......
පුද්ගලිකව මා නම් ඔවැනි සන්ගම් ප්‍රිය කරන්නේ නැත.....රමන්ට හැදුනු හෙම්බිරිස්සාවත්,ඉශිතාගේ සාරියේ පොට ගානත්,අල්ලපු ගෙදර නන්ගිගේ කොට ගවුමත් හැරෙන්නට ඔවුනට වෙනත් ජාතික ප්‍රශ්න නොමැති තරම්ය.........
නමුත් ඉදහිට මාද ඔය කතාවන් වලට ප්‍රිය කරමි....ඒ ඔවුන් දුම්රිය මැදිරියට ගොඩවන කවුරුන් හෝ ලස්සන නන්ගි කෙනෙක් ගැන කතාකරන විටය.....
හෝදන්න දෙයක් නැත.....ඒවැනි අවස්තාවක ඇගේ දුරකතන අන්කය හැරෙන්නට අනෙකුත් විස්තර සියල්ලම පාහේ ඕපා සන්ගමය මගින් ඔබට දැන ගත හැක......
කෙසේ හෝ වේවා අද මේ ඇති නිස්කලන්ක බාවයත් මා එතරම්ම ප්‍රිය නොකරමි....මක් නිසාදයත් උස් හඩින් නැගෙන සිනාවන් සහ අනේක විද මාතෘකා ඔස්සේ හිතු මනාපෙට දොඩවන උන්ගේ හඩත් නොමැති තැන තව දුරටත් මා මේ ගමන් කරන්නේ දුම්රියකදැය් හැගෙන තරමටම එකී සන්ගම් මේ දුම්රිය සන්ස්කෘතියේ අත්යාවශ්යම කොටසක් බවට පත්ව ඇත....
හදිසියේම දුම්රිය තුල වූ දැඩි නිශ්ශබ්දතාවය බිදිමින් මැදිරියතුලින් මතුවූ විරිදු හඩක් සියුමැලි සුලන් පහරක් හා එක්ව සවනත දැවටෙන්නට වූයෙන් මාද හිස හරවා ඒ මේ අත බැලුයේ කට හඩේ අයිති කරුවා කවුරුන්දැය් සොයාගන්නා අටියෙනි......
සුදු සැරයටියකින් පාර අසමින් තරමක් මැදිවියේ මිනිසකු මැදිරියේ කෙලවරකින් මතු වූයේ විරිදු පද පේලි දෙක තුනක්ද කියාගෙනමය......
ඔහු පැවසූයේ මොනාදැය් හරි හැටි ඇසුනේ නැතිමුත් විමසිල්ලෙන් ඔහු දෙස මොහොතකට බලාසිටින්නෙකුට ඔහුගේ කටෝර ජීවිත කතාව තේරුම් ගැනීම එතරම් දුශ්කර කර්තව්යක් නොවෙනු ඇත.....
වරින් වර වත'ග මතුවෙන දාදිය කඳුලු අසරණකමත්,අහින්සකකමත් සගවාගනිමින් ඔහුගේ මූනත බැඳි දූවිලි බදාමය සෝදාහරින්නට නිරන්තර වෙහෙසෙද්දී අනුකම්පා විරහිත සුලන් පහරින් ඒ දාබිදු සියල්ල වාශ්ප කර දමනයුරු මා නිහඬවම බලා සිටියෙමි......
සැබවින්ම මේ මිනිසුන් ජීවිතය වෙනුවෙන් කෙතරම් නම් යුදයක් කරනවාද???බෙලෙක් සාඩින් ටින් එකක් සොලවමින් එක එකා අසල දැවටෙමින් මේ යදින්නේ මුදල්ද නොඑසේනම් මිනිස්කමදැය් මා තවමත් කල්පනා කරමි......
ඔහුගේ බෙලෙක් ටින් එක ලගට එන විටදී නිදා වැටුනු නෝනා මහත්තුරුද,නෑසූකන්ව ඔහේ බකන් නිලා සිටියා වූ ඇත්තෝද බොහොමයක් දෙනෙකු අද මා දුටු බව පැවසිය යුතුමය...
තවමත් මා කල්පනා කරන්නේ ඔවුන් ලග නොතිබුනේ ඔහුට දීමට තරම් මුදලක්ද නොඑසේ නම් මනුස්සකමද යන්නය......
නිමක් නැති කල්පනා ලොවක,ජංගමය සමග හුදෙකලාව රසවිදිමින් අකුරු කැටපත් කරමින් උන් මා දෙස කිසිවකු හෝ බලා සිටින්නාක් මෙන් හැගුනු නිසා මා හිස ඔසවා වට පිට බැලූයේ දිගුවේලාවක් වචන රචනා කිරීමෙන් විඩාපත් ඇගිලි තුඩුවලට මද විරාමයක්ද ලබාදෙමිනි........
දුම්රියේ වේගයට දෙපලුවී යන පතාක සුලන් දාරාවන් හිටි හැටියේම මැදිරිය තුලට අනවසරයෙන් කඩාපනින්නේ අපවද ගසාගෙන යන්නට තරම් වේගයකිනි......උන් දුම්රිය සමග ඇති ආරෝව අපෙන් පිරිමහන්නට හදනවා විය යුතුය......
මැදිරියට කඩාවදින හිතුවක්කාර සුලන් රැලි හා වෙලෙන්නට වෙර දරන අකීකරු කෙස් කළඹ එක අතකින් ඩැහැගෙන මද සිනා පාමින් මනාවට ඔප දැමූ වීදුරු බෝල දෙකක් මෙන් දිස්න ගහන දෙනෙත් මා දෙසට යොමුකරමින් බලාන සිටි පියකරු යුවතිය මා දුටුවේ ඊලගටය....
සහතික වශයෙන්ම විටක සිනාසෙමින්,විටක ජන්ගමය ඔබමින් සහ තවත් විටක ඔහේ බලාන හිදිමින් ගමන් කරන්නා වූ මේ පිටසක්වලයා මොකෙද්දැය් කියා තහවුරුකර ගැනීමට උත්සාහ ගන්නවා විය යුතුය.....
මාද ආයාසයෙන් මෙන් ඇය සමග සිනාසුනේ මේ ප්‍රහෙලිකාත්මක පියකරු යුවතිය කවුරුන්දැය් හදුනාගැනීමට සිතතුල උපන් ආසාව සිනහව තුල සගවා ගනිමිනි.....එහෙත් ඊලග නිමේශයේ ඇයට පිටු පසින් වෙන්නට මා හදිසියේම දුටුවේ බොහෝ හුරුපුරුදු නාම පුවරුවකි......
"ඉංජිනේරු තාක්ශණ ආයතන ශිෂය නේවාසිකාගාර..."
අම්මට හුඩු....යකෝ හොස්ටෙල් එක ලගටත් ඇවිත්නෙ.......
හනි හනික බෑගය අතට ගත් මා දුම්රිය නැවතූ විගසම මැදිරියෙන් එලියට පැන්නේ ඒ පියකරු යුවතිය දෙස මොහොතකට බලා හිඳ සමුගන්නට ඇගෙන් අවසර ඉල්ලමිනි.........