#මා දකින කොලඹ... නිදහසේ චතුරස්‍රය....
දහසකුත් එකක් ප්‍රශ්න
හිත්වල පුරෝගෙන
රෑ අහස දිහා බලන්
ගැඹුරු සුසුමන් හෙලන
ජිවිතේ මැදි විය
ගතකරන මිනිසුන්.....
මේකප් නාගෙන
ටැබ් එක අතට ගෙන
හැඩකාර කොල්ලන්ට
මායම් දම දමා
සෙල්ෆීස් ගන්නා
මානවිකාවන්....
ලස්සන කෙල්ලන්ට
රබර් ඇහැ දාගෙන
වාහන-ෆෝන් ගැන
ඔහේ දොඩමළුවෙන
සැහැල්ලු ජිවිත
ගතකරන කොල්ලන්...
කැප්පිටිපොල නිලමෙ
පුරන් අප්පුල
ආයෙත් ඇවිදින්
කතා කරනතුරු
නැගිටින්න බලන් ඉන්න
ගල් වෙච්ච සිංහයින්...
No comments:
Post a Comment