Monday, October 13, 2014



.....හැමදාම හවසට.....
 
හැමදාම හවසට
ඉර බහින ජාමෙට
පෑන් කඩදහි ගෙන
නගිනවා මම ගෙදර වහලට...

හිස් අහසෙ පාවෙන
වලා අතු දුටුවම
අමුතුම හැගුමකින්
පිරෙනවා හද මඩලම...

හතර දිග් බාගෙම
පේනවා වහලෙට නැග්ගම
කාෂ්ටක කොලඹ හැඩ
දකින්නේ දැන් නොවැ මම...

අදත් වෙනදට වගෙම
කවිපොතත් දිග ඇරන්
නිමිත්තක් හෙව්ව මන්
දෙනෙත් අඩවන් කරන්....

එත් එක පාරටම
දුටුව මා අහම්බෙන්
කෙල්ලෙක් එබෙය් මෙහෙ
අල්ලපු ගෙදර වහලෙන්...

මගේ සිතුවිලි දැහැන
බිදුන එක සැනෙකින්
කවි හිතත් අකුලගෙන
පැන්න මන් වහලෙන්...

....නිමි/END....


#මා දකින කොලඹ... නිදහසේ චතුරස්‍රය....

දහසකුත් එකක් ප්‍රශ්න
හිත්වල පුරෝගෙන
රෑ අහස දිහා බලන්
ගැඹුරු සුසුමන් හෙලන
ජිවිතේ මැදි විය
ගතකරන මිනිසුන්.....

මේකප් නාගෙන
ටැබ් එක අතට ගෙන
හැඩකාර කොල්ලන්ට
මායම් දම දමා
සෙල්ෆීස් ගන්නා
මානවිකාවන්....

ලස්සන කෙල්ලන්ට
රබර් ඇහැ දාගෙන
වාහන-ෆෝන් ගැන
ඔහේ දොඩමළුවෙන
සැහැල්ලු ජිවිත
ගතකරන කොල්ලන්...

කැප්පිටිපොල නිලමෙ 
පුරන් අප්පුල
ආයෙත් ඇවිදින්
කතා කරනතුරු 
නැගිටින්න බලන් ඉන්න
ගල් වෙච්ච සිංහයින්...

Sunday, October 5, 2014


මා දකින කොලඹ....

අහසින් ගිලිහුන
ළපටි වැහි පොදක්
ලන්වෙන්නත් කලින්
වාශ්ප කර දමන
නපුරුවුනු ගිනියම්
කර්කශ පොලවක්....


හතර අතින්ම කොටුවූ
සීමැදුරු වල වෙසෙන
කොලඹ රස්නෙ ඉහට ගහපු
හැගීම් දැනීම් නැති
හදවත් නැවතුනු
මිනිස්සු ගොඩක්...

ඉන්න හිටින්න
හරි හමන් තැනක් නැති
පැල්පතේ දිවි ගෙවන
ආදරේ හදුනන
මනුස්සකම තියෙන
ජීවිතේ විදින
මිනිස්සු ටිකක්....

ආදරණිය චේ.....

ඉල් මහේ තාමත්
මල් පිපේ උබෙ නමට
කල් ගියත් කොතරම්
නෑ මැරුණෙ උබෙ මතක.....


වල් මත් සුනකයන්
හිල් කරත් උබෙ පපුව
ගල් කැටයමක් මෙන්
උබ හිටියේ නොසැලීම....

සිල් ගත් උපාසක
පොල්පොට්ලා හැමෝටම
කල් යද්දී තේරේවි
චේ මැරිල නැති වග.......
(ආදරණිය ගුජුන් ප්යෝ අය්යා වෙත සෙනෙහසින් ලියමි......)







අඩෝ ගුජුන් ප්යෝ.....


මොන මගුලක්ද බන්
කොරියාවේ ඉන්න උබ
ලංකාවේ අපිට දැන්
සෑහෙන්න ප්‍රස්නයක්....


මකබෑවිලා පල
මුසල හොටු නරිය
තෝ නිසා අද අපිට
නහුතෙටම කෙලවිල....

මාය් මගේ කෙල්ලය්
හිටියෙ ෆුල් සොමියෙ
නෑ ප්‍රශ්න කිසිවක්
අපට ඉස්සර තිවුනෙ.....

එක වඩේ එක කාල
එක ප්ලේන්ටිය ගැහුවෙ
ඉසුරුමුණි කපල් එක
වගේ නොවැ අපි හිටියෙ.....

අබ ගහේ කෙසෙල් මල්
ඒකට යකෝ දැන්
ඉස්සරවගේ නෙමෙ
ඒකි දැන් හරි වෙනස්....

පාන්දර හීනෙන්
උබේ නම කිය කියා
ඇවිදිනවලු මේකි
ගේ හතරකොන පුරා.....

අල්ලපු ගෙදර හිටි
ගුනේ මාමය් පුතා
මට සීන් එක කිව්වේ
සිරික්කිය දම දමා....

ගෙදර බිත්තිවලත්
උබේ නම හැම තැනම
බුදු පාන තියන තැන
උබ එල්ලිලා අද...

පාඩම් පොත්වලත්
විරිත්තන් ඉන්නේ උබ
හොටු ලේන්සුවේ පවා
උබේ අසික්කිත පින්තුර ...

හෙවනැල්ල වගේ හිටි
මාව දැන් එපාලු
ගුජුන් ප්යෝ හම්බෙන්න
කොරියාවේ එනවලු...

ඔහෙප්පලයන්
මෙහෙමත් මලවිකාර
මේ ඔක්කොම ප්‍රස්න
තෝ නිසය් අද මට.....

ඉතින් ලොකු අය්යේ
උබම කියපන් මට
මන් මොනව කරන්නද
උබට බනිනව ඇර.....

(මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් ගොඩනගන ලද අසික්කිත නිසදැසකි )

Monday, September 29, 2014

තව මාස කීපයකින් ඉදිරි අනාගතයේදී මා අතින් මිතුරෙකු වෙත ලියෑවෙතෑය් අපේක්සා කලහෑකි ලිපියක්...




මචන් ඩස්පි ගුනේ,

අඩෝ බොල හොටු නරිය
කොහොමද ඉතින් බොට
කාලෙකින් නොවෑ මේ
ලියන්නේ මන් තොට....

මන් නම් මෙහෙ ඉන්නෙ
සුවෙන් නම් නෙමේ බොල
ඉඩක් හම්බුනු හැටියෙ
ලියන්නට හිතුවෙ බොට.......

බොට මතක ඈති නොවෑ
කාලයක් තිවුන බන්
හුදෙකලාවට මන්
හෙනට ආදරෙ කරපු
පෑන් කඩදහි එක්ක
තනිවෙන්ට වෙර දරපු
හෑම කලාවෙම උපත
හුදෙකලාවය් කියපු......

කෙහෙම්මල් හුදෙකලාව
දෑන් ඈති වෙලා බන්
අහින්සක මගේ හිත
අවටියෙල් වෙලා දෑන්........

තවත් රෑඩිකල් ටෝක්
නෑ බන් මන් ගාව
වහ වගෙ කොළඹ මගෙ
තනි වුන ජීවිතය.......

හීන උහුලන් බරට
තව බෑ පියඹන්න
මම එනව හික්කඩුවෙ
යමන් බන් පීනන්න.....

මෙයට,
උබේ සදාදර
කුපාඩි සෝමෙ...

Wednesday, September 24, 2014

රෑඩිකල් සමනලයා.....



අහින්සක හීන දකින
රෑඩිකල් සමනලයෝ
මිනිස්කම මරාදාපු
තිරිහන් සමාජෙම
උඹටත් කියාවි
තව ටික දොහකින්
ලස්සන හීනදකින්න
අවසර නෑ කියා
ඉගිලිලා පලයන්
තටුගසා හය්යෙන්
නුඹේ අහින්සක හීන
මරාදමන්ට කලියෙන්..

මතක පොත.........



අතීතය උඹ තරම්
හිතට දුක් දුන් කෙනෙක්
අතීතය උඹ තරම්
සතුට මට දුන් කෙනෙක්
අතීතය උඹ තරම්
මා කැමති අන් කෙනෙක්
සත්තය් කිසි දිනෙක
නෑ මහට හමු උනේ....

මතක දොරගුලු අරින
හැම මොහොතකම හිත
දුවය් දුර ඈතටම
මටම හිමි ලෝකෙක
සුන්දර මතක හැම
නෙත් කෙවෙනි අබියස
මවය් නෙක සිතුවම්
බැ ඉවසන්න මට....

නවතින්න ආසමුත්
මතක සෙවනැලි අතර
මුලාවක් පමනි උඹ
නිතර මා සනසන
ඉවසනු බැරි දුකක්
හිත අස්සෙ තදකර
වැසුවෙමි මතක පොත
තනිවෙමින් හීනෙක.....

Tuesday, September 23, 2014

කියන් හීනෙන් ඉන්න තෑන මට....


උදාහිරු කෑන් පවා පරදන
නුඹේ හසරෑල් මතකයට එන
දරාගනු බෑරි දුකක තනිවුන
මගේ හදවත තවම මියයන....

වරා මල ලෙස පාවෙලා නුඹ
ගියේ ඈතට වෙලී සුලඟක
සරා සද රෑ හඩා වෑටුනා
බලන් මල්මත කඳුලු බිදු ඈත..

නිශා යම ගන්දෑලෙ හිඳ ගෙන
නුඹේ හුරතල් කතා අහගෙන
තුරුලු වී හුන් සොඳුරු මතකය
නෙතඟ කඳුලෑලි අතරෙ සඟවෙන...

බොහෝ දුර ඈතක ඉඳන් එන
නුඹේ කට හඩෙ වෙලී හනිකට
දුවන් එන්නට නුඹේ තුරුලට
කියන් හීනෙන් ඉන්න තෑන මට..

Monday, September 22, 2014

මම මේ බ්ලොග් එක පටන් ගත්තේ ගොඩක් කාලෙකට කලින්.හිතට එන හැමදේම ලියන්න කියල පටන් ගත්තු බ්ලොග් එක මටත් නොදැනීම නැවතිලා ගියා.පස්සේ කාලෙක මම ලියන ඒවා බ්ලොග් එකට දානවා වෙනුවට මම කරේ ෆේස් බුක් දාපු එක.මන් හිතනේ එකට හේතු වෙන්නැත්තේ ෆේස් බුක්වල මම ලියන ඒවා කියවන්න වගේම කමෙන්ට් කරන්නත් ගොඩ දෙනෙක් හිටපු නිසා වෙන්නැති.(ඇත්තනේ ඒ දවස්වල මොකක් හරි ලිව්වම බ්ලොග් එකට දැම්මොත් කියවන්න බල්ලෙක්වත් හිටියේ නෑනේ.)..එත් දැන් මම මේ බ්ලොග් එකේ මකුනුදැල් එහෙම කඩල අස්පස් කරලා ගන්න හදන්නේ ඒ දවස් වල වගේ කවුරු හරි බ්ලොග් එක කියවය් කියල බලාගෙන නම් නෙමේ.එකේ එක්කෙනාට කියවන්න ලියපු කාලේ ගියා.දැන් මම මේ ලියන්නේ මන් වෙනුවෙන්.මගේ හිතට එන දේවල් කාගෙවත් ඇහැ නොගැටෙන තැනක ලියන්න ඕන කියල හිතුනේ ඊයෙ පෙරේද ෆේස් බුක් එකේ මම දාපු ආර්ටිකල් එකකට මගේම යාළුවො සෙට් එකකින් වැටිච්ච කමෙන්ට්ස් වගයක් නිසා.සමහර උන් හිතන් ඉන්නේ මන් පොර වෙන්න ලියනවා කියල..සමහර වුන් ඒවා ජෝක් එකට ගන්නවා.ඒ කමෙන්ට්ස් ටික නිසා මට ලියන එකත් එපා වුනා.පස්සේ මන් තීරණේ කරා ලියන ඒවා ෆේස් බුක් දාන එක නවත්තන්න.අන්න ඒ නිසා තමය් සය්බර් අවකාසේ හුදෙකලාවෙච්ච මගේ බ්ලොග් එක මට මතක් උනේ.මන් ලියන ඒවා ඉස්සරහට හුදෙකලා වෙච්ච මගේ බ්ලොග් එකත් එක්ක හැමදාටම හුදෙකලා වෙලා තියේවි.මගේ සිතිවිලිවලට කාත්කවුරුත් නොඑන මේ බ්ලොග් එක අස්සේ නිදහසේ ජිවත් වෙන්න පුළුවන් වේවි.මම බ්ලොග් එක සින්ඩිකේටර් වලිනුත් අය්න් කරලා දැම්ම.බ්ලොග් එඩ්රස් එකය්,නමය් සේරම වෙනස් කරා.දැන් මාව දන්නා කිසිම එකෙක්ට මාව හොයාගන්නබෑ ලොවෙත්.වැරදිලා හරි කවුරු හරි මේකට ආවත් උන් මාව දන්නෙත් නෑ,මන් උන්ව දන්නෙත් නෑ,ඒ නිසා අවුලකුත් නෑ.මම මේකේ මගේ සිතුවිලි,හීන, අනං මනං මලවිකාර ඔක්කොම ලියන්නේ කවද හරි මට සේරම එපාවුණු දවසක් ආවොත් මේ ලියල තින ඒවා දැක්කම මට ජිවිතේ ගැන අලුත් බලාපොරුත්තුවක් හොයාගන්න පුළුවන් වෙය් කියල මට විශ්වාසයක් තින නිසා.සහ ලියන එක තරම් මාව සතුටු කරන,මගේ හිත නිදහස් කරන වෙන කිසිම දෙයක් ගැන මන් තාම නොදන්න නිසා...හ්ම්ම්.අදට ඇති.මන් ගියා...එහෙනෙම් මට ජය වේවා.........!