නිශායම තිමිරපට ඉරා පෑයු තරිදු
මිහිමතට සොමිකිරණ එවය් පිනි වැහි එක්ක
සියොලග කිතිකවන මද සුළගට නටන
දුටුවෙමි කඩුපුලී නිශායම ලොව දකින .....
හෙමිහිට සීරුවෙන් සොමිකිරණ අස්සෙන්
පෙතිපොඩි විහිදුවා බලය් ඈ නුබ ගැබ
තරුකැට පිරිවරා කිරණ වැල් විහිදුවා
අහස් කුස මෝදුවුණු තරිදු ඈ දුටුවා........
මගේ ලොව එළිකලේ මොහුමැය් සිතුවා
සදුතමය් මේ දියතෙ තුමුල රිවි සිතුවා
එහෙත් අළුයම එක්ක රිවිදු ලොව බැලුවා
ප්රභාතය පැතිරෙත්ම තරිදු පැන දිව්වා .......
ඉර පෑයු ලොවට සදු අමාවක බව
ඉරෙන් හොරකම් කල කිරණ රැය පුරා පැතිරු බව
පවසන්න රිවිදහර කඩුපුලි සොයා එන
එහෙත් කරුමෙක මහත මෙලොව හැර ගොසිනි ඇය......
පරිස්සමින් යාළුවා, උඹ මේ කියවන්නෙ මාව | Beware of the content amigo |
Monday, August 27, 2012
Sunday, August 26, 2012
ජිවිතේ සුන්දරම කාලේ මොකද්ද කියල කව්රු හරි ඇහුවොත් අපි හැමෝම දෙන පොදු
උත්තරේ තමය් ඒ අපේ ඉස්කෝලේ කාලේ කියන එක.අර සිංදුවකුත් තියෙන්නේ සමනල රෑනක්
සේ ඉගිලී කියල.ඇත්තටම හදිස්සියේ මේවගේ බහුබූත මගේ ඔලුවට පාත් උනේ මම අද
මගේ පොත් මේසේ අස් කර කර ඉද්දි.දැන් ඉතින් A /L ලුත් ඉවරනිසා පොත් කන්දක්
මේසේ උඩ දකින්න මගේ හිතේ කැමැත්තක් තිබ්බේ නෑ,ඒ නිසය් පොත් මේසේ අස්
කොරන්න හිතුනේ.එහෙම නැතුව ඉතින් එක ආත්මෙකට අස් කොරන එකක් නම්
නෙමෙය්.ඇත්තටම ඉස්කෝලේ කාලේ තරම් ලස්සන මතක ආයේ අපේ ජීවිතවලට කවදාවත්ම එන
එකක් නෑ.කරනතරමක් කරේ කුපාඩි වැඩ නැත්තම් පිස්සු වැඩ.හැබය් එවය් අමුතු
ආතාල් එකක් අපිට තිවුනා.ක්ලාස් වල කෙල්ලොන්ගේ පස්සෙන් පැදපුවා,කෙල්ලොන්ට
ආතල් දීපුවා,වල ගහපුවා,වලි දාගත්තුවා ඇයි මිස්ල සර්ලා එක්ක කොක්ක දාන්
පනිෂ්මන්ට් කාපුවා(තව කොය් තරම් නම් කුපාඩි වැඩ කොරාද?).ඕවා.... කවුරු කොය්
විදියට දැක්කත් අපි එවය්න් ගත්තේ බොහොම අහිංසක සතුටක්.මොන දේ කරත් කාටවත්
කරදරයක් නොවෙන්න අපි අපේ ආතල් එක ගත්තා.ක්ලාස් ඉවර උනාම(කට් කිරීම හා
වේලාසන නොකියා ඒම ද අදාලය්) කොටුවේ ගිහින් කොටු තාප්පේ උඩ වාඩිවෙලා ඉමක්
කොනක් නැති මුහුද දිහා බලන් ජිවිතේ ගැන අහිංසක හීන දැක්ක හැටි තාමත් මතක්
වෙනවා.ඇත්තටම ඒ තරම් ලස්සන කාලයක් ආපහු අපිට ලැබෙනවානම් .............එදා
වගේම යාළුවො සැට් එකත් එක්ක කොටු තාප්පේ උඩ හාන්සි වෙලා ජිවිතේ ගැන ලස්සන
හීන දකින්න ලැබෙනවානම් ..................අනේ මන්ද.ඒ ගැන මතක් වෙනකොටත්
පිස්සු හැදෙනවා.
ඉස්කෝලේ ගැන මතක් වෙනකොට තමය් සාන්ද්ර hcl බිවුව වගේ දැනෙන්නේ.ඉස්කොලේ තමය් අපිට ජිවිතේ කියල දුන්නේ.ඇත්තටම මොන ආතල් ගත්තත් අපි අපේ ඉස්කෝලෙට පණටත්
වැඩිය ආදරේ කරනවා.,ඒ බැදීම ලේ ,ඇට.මස් වලට එහා ගිය බැදීමක් .............හ්ම් ........ආයේ ඉස්කුල් කිට් එකෙන් අපිට ඉස්කෝලේ යන්න අවස්තාවක් නැති උනාට තාමත් මගේ හිත ඒ සුන්දර අතිතේ ඇතුලේ රස්තියාදු ගහන්න ගොඩාක් ආසය්....................
නෙතඟින් හෙලන හෑම කදුලු බිදුවක්ම
මුවඟින් නෑගෙන හෑම හිනා රෑල්ලක්ම
සිරුරෙන් හෙලන දහඩිය කදුලු හෑම
සුවදවත් කලේ සෑමදා ඔබේ නම
ජීවයපොවන හෑම හුස්ම පොදකම
සිරුරේ දුවන හෑම රුහිරු බිඳකම
ජීවිතේ කිසිදිනක නොමෑකී තියෙන්නට
සෑටහන් වෙලා ඈත විදුමවුනි ඔබෙ නම..........................
ඉස්කෝලේ ගැන මතක් වෙනකොට තමය් සාන්ද්ර hcl බිවුව වගේ දැනෙන්නේ.ඉස්කොලේ තමය් අපිට ජිවිතේ කියල දුන්නේ.ඇත්තටම මොන ආතල් ගත්තත් අපි අපේ ඉස්කෝලෙට පණටත්
වැඩිය ආදරේ කරනවා.,ඒ බැදීම ලේ ,ඇට.මස් වලට එහා ගිය බැදීමක් .............හ්ම් ........ආයේ ඉස්කුල් කිට් එකෙන් අපිට ඉස්කෝලේ යන්න අවස්තාවක් නැති උනාට තාමත් මගේ හිත ඒ සුන්දර අතිතේ ඇතුලේ රස්තියාදු ගහන්න ගොඩාක් ආසය්....................
නෙතඟින් හෙලන හෑම කදුලු බිදුවක්ම
මුවඟින් නෑගෙන හෑම හිනා රෑල්ලක්ම
සිරුරෙන් හෙලන දහඩිය කදුලු හෑම
සුවදවත් කලේ සෑමදා ඔබේ නම
ජීවයපොවන හෑම හුස්ම පොදකම
සිරුරේ දුවන හෑම රුහිරු බිඳකම
ජීවිතේ කිසිදිනක නොමෑකී තියෙන්නට
සෑටහන් වෙලා ඈත විදුමවුනි ඔබෙ නම..........................
Saturday, August 25, 2012
ඔන්න
එහෙනම් මම ආයෙත් බ්ලොග්කරනෙට ආව.හිතේ තීන හැම මගුලක්ම නිදහසේ කියන්න,මම
අහපු දැකපු දේවල් ,හිතට එන දේවල් ඔය හැම දෙයක්ම අතාරින්න තමය් මම බ්ලොග
අපහු පටන් ගත්තේ.තිලාගේ අඩවිය නවත්තන්න උනේ මගේ එක්සැම් වඩාත් එක්ක අප්ඩේට්
කරගන්න විදියක් නැතිවුන නිසා.එත් මේ බ්ලොගනම් දිගට කොරන් යන්න තමය හිතන්
ඉන්නේ.හොදටම රෑ උනා.නිදිත් මතය.එහෙනම් ආයේ හම්බවෙමු.මම ගියා.
Subscribe to:
Posts (Atom)