Sunday, July 21, 2024

සිය දහස් වර අණ්ඩ දැමූ පිරිමි හදවත් වලට උපහාරයක් පිණිස !



දැන් වේලාව රාත්‍රී දොළහයි
මිත්‍රෝරුනි මේ අවේලාවේ
ඔබ සුව නින්දක බව නම්
මට හොඳටෝම විස්වාසයි !

තාමත් නොනිදා 
රැයපහන් කරන්නෙක් නම්
මේ ගැලපීමක්ම නැති
කවි කළඹ උඹටයි - මටයි !

රෝහලකි මම
නොමිලේම බෙහෙත් දෙන
ආදරෙන් බැට කෑ යුවතියනි
වරකට එක බැගින් පැමිණෙන්න !

අම්බලමක්ය 
නොමිලේ සෙවන දෙන
යුවතියනි මේ සැලුන් දොර
විවෘතය සෑම විට !

ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයකට
අවශ්‍ය ඕනෑම අවස්ථාවක
පාවිච්චි කල හැකි
පොදු ප්‍රේම සුසානයකි මේ හද !

හිත හදාගත් පසුව
හිත නිවාගත් පසුව
සන්තෝසයෙන් නික්මෙන්න
තරහ නෑ - මා ඉන්නේම එයට !

නමුත්
මා ගැන අල්පමාත්‍රික හෝ
හැඟීමක් වේ නම් හිතේ
කිසිදාක ආපසු නො එන්න !

තිලංක තේනුවර
ජූලි 21 ඉරිදා , 2024