අරගලය සෑම විටම
නිමේශයකින් සියළු දේ වනසා දමා
ඔහේ හමා යන ප්‍රචණ්ඩ කාරී
සුළිකුණාටුවක්ම විය යුතු නැත
එය විප්ලවකාරී හිත්වලින් ජීවය ලබන
සුන්දර පිවිතුරු වැඩ පිළිවෙලක් විය යුතුය
ගිම්හානයේ අහස සේ සංසුන්ව සැලසුම් සකස් කළයුතුය
ඉඩෝරයකදී පොළව සේ නිශ්චලව සිදු වෙන සියළු දේ
උපේක්ශාවෙන් බලා සිටිය යුතුය
ඕනෑම දෙයක් සිදු කිරීමට සුදුසු
තැනක් සහ වේලාවක් ඇත
එතෙක් නිහඩව බලා සිටිය යුතුය...
අපද අපගේ පාත්‍ර වර්ගයාද
රටේ සාමාන්‍ය ජනතාවද
මේ අරගලය තුලදී සුරක්ශිත විය යුතුය..
අරගලය සෑම විටම
ගිනි කදු යටින් පැසවද්දී
සාමකාමීව රළ මවන
සයුර සේ විය යුතුය
මහා සුළි කුණාටු හමද්දී
උන්ට යාමට ඉඩ දී අයින් වෙන
උණ පදුරු සේ විය යුතුය
එහෙත් සුදුසු කාලය උදා වූ කල්හි
ආරක්ශිතව නැගී සිටිය යුතුය
කිසිවෙකුටත් සිතා ගත නොහැකි වේගයෙන්
කිසිවෙකුටත් අනුමාන කල නොහැකි ආවේගයෙන්
නැගී සිටිය යුතුය
නැවත කිසි විට නොවැටෙන පරිද්දෙන්...
සිදුවූ සියළු අසාධාරණයන්ට
අසාධාරණයන් සිදු කල සියළු දෙනා හට
උත්තර බැදිය යුතුය
ඇසිල්ලකදී මතුවන සුනාමියක් මෙන් නැගී
සියළු පවුකාරයන්ගේ පවූ සෝදා හැර
නැවත නිශ්චලව ඈත මුහුදට යායුතුය...
ඉදින් අනාගතයේදී කිසිවකු අපේ අරගලය ගැන ප්‍රශ්ණ නොකරනු ඇත...
පරිස්සමින් යාළුවා, උඹ මේ කියවන්නෙ මාව | Beware of the content amigo |
Tuesday, August 21, 2018
Subscribe to:
Posts (Atom)