කියන්නට වෙර දරපු
නොකියාපු කතාවක්
නැතිවේද හදවතේ
සුසුම්ලන කවියෙකුට.....
කැලබුන සිතුම් වැල්
කවි අස්සෙ හන්ගන්න
නොහැකිව ලතවෙච්ච
දින නැතිද කවියෙකුට....
නිමිති කොතරම් ඇතැත්
කවි හිතම හිස් වෙච්ච
නැතිවේද මග ඇරුනු
මොහොතවල් කවියෙකුට.....
සන්කාර ඉතිරෙච්ච
ජීවිතේ කළකිරුණු
වෙලාවක් නැතිවේද
මුළා උනු කවියෙකුට.....