
මම මේ බ්ලොග් එක පටන් ගත්තේ ගොඩක් කාලෙකට කලින්.හිතට එන හැමදේම ලියන්න කියල පටන් ගත්තු බ්ලොග් එක මටත් නොදැනීම නැවතිලා ගියා.පස්සේ කාලෙක මම ලියන ඒවා බ්ලොග් එකට දානවා වෙනුවට මම කරේ ෆේස් බුක් දාපු එක.මන් හිතනේ එකට හේතු වෙන්නැත්තේ ෆේස් බුක්වල මම ලියන ඒවා කියවන්න වගේම කමෙන්ට් කරන්නත් ගොඩ දෙනෙක් හිටපු නිසා වෙන්නැති.(ඇත්තනේ ඒ දවස්වල මොකක් හරි ලිව්වම බ්ලොග් එකට දැම්මොත් කියවන්න බල්ලෙක්වත් හිටියේ නෑනේ.)..එත් දැන් මම මේ බ්ලොග් එකේ මකුනුදැල් එහෙම කඩල අස්පස් කරලා ගන්න හදන්නේ ඒ දවස් වල වගේ කවුරු හරි බ්ලොග් එක කියවය් කියල බලාගෙන නම් නෙමේ.එකේ එක්කෙනාට කියවන්න ලියපු කාලේ ගියා.දැන් මම මේ ලියන්නේ මන් වෙනුවෙන්.මගේ හිතට එන දේවල් කාගෙවත් ඇහැ නොගැටෙන තැනක ලියන්න ඕන කියල හිතුනේ ඊයෙ පෙරේද ෆේස් බුක් එකේ මම දාපු ආර්ටිකල් එකකට මගේම යාළුවො සෙට් එකකින් වැටිච්ච කමෙන්ට්ස් වගයක් නිසා.සමහර උන් හිතන් ඉන්නේ මන් පොර වෙන්න ලියනවා කියල..සමහර වුන් ඒවා ජෝක් එකට ගන්නවා.ඒ කමෙන්ට්ස් ටික නිසා මට ලියන එකත් එපා වුනා.පස්සේ මන් තීරණේ කරා ලියන ඒවා ෆේස් බුක් දාන එක නවත්තන්න.අන්න ඒ නිසා තමය් සය්බර් අවකාසේ හුදෙකලාවෙච්ච මගේ බ්ලොග් එක මට මතක් උනේ.මන් ලියන ඒවා ඉස්සරහට හුදෙකලා වෙච්ච මගේ බ්ලොග් එකත් එක්ක හැමදාටම හුදෙකලා වෙලා තියේවි.මගේ සිතිවිලිවලට කාත්කවුරුත් නොඑන මේ බ්ලොග් එක අස්සේ නිදහසේ ජිවත් වෙන්න පුළුවන් වේවි.මම බ්ලොග් එක සින්ඩිකේටර් වලිනුත් අය්න් කරලා දැම්ම.බ්ලොග් එඩ්රස් එකය්,නමය් සේරම වෙනස් කරා.දැන් මාව දන්නා කිසිම එකෙක්ට මාව හොයාගන්නබෑ ලොවෙත්.වැරදිලා හරි කවුරු හරි මේකට ආවත් උන් මාව දන්නෙත් නෑ,මන් උන්ව දන්නෙත් නෑ,ඒ නිසා අවුලකුත් නෑ.මම මේකේ මගේ සිතුවිලි,හීන, අනං මනං මලවිකාර ඔක්කොම ලියන්නේ කවද හරි මට සේරම එපාවුණු දවසක් ආවොත් මේ ලියල තින ඒවා දැක්කම මට ජිවිතේ ගැන අලුත් බලාපොරුත්තුවක් හොයාගන්න පුළුවන් වෙය් කියල මට විශ්වාසයක් තින නිසා.සහ ලියන එක තරම් මාව සතුටු කරන,මගේ හිත නිදහස් කරන වෙන කිසිම දෙයක් ගැන මන් තාම නොදන්න නිසා...හ්ම්ම්.අදට ඇති.මන් ගියා...එහෙනෙම් මට ජය වේවා.........!